අඟහරු සිට දිස්වන බුද සංක්‍රාන්තිය

සූර්ය මණ්ඩලය හරහා සිදුවන හා අඟහරු සිට දිස්වන බුද සංක්‍රාන්තියක් සිදු වන්නේ, සූර්යයා සහ අඟහරු අතරින් බුද ග්‍රහයා සෘජු ලෙසින් ගමන් කරමින්, අඟහරු ග්‍රහයා මත සිටින නිරීක්ෂකයෙකුට සූර්ය මණ්ඩලයෙහි කුඩා කොටසක් සඟවන විටදීය.

අඟහරු සිට දිස්වන බුද සංක්‍රාන්තීන් පෘථිවිය සිට දිස්වන බුද සංක්‍රාන්තීන්ට වඩා සුලබව සිදුවෙයි: ඒවා දශකයකට කිහිපයක් සිදුවෙති.

කිසිවකු විසින් කිසි කළෙක අඟහරු සිට දිස්වන බුද සංක්‍රාන්තියක් නරඹා නොමැති වුවද, අනාගත අඟහරු ජනපදවාසීන්හට ඒවා නැරඹීමට හැකි වනු ඇත.