ඊව් කියුරි
(Ève Curie වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |
ඊව් ඩෙනීස් කියුරි ලබුයීස් (දෙසැම්බර් 6, 1904 - ඔක්තෝබර් 22, 2007) ප්‍රංශ සහ ඇමරිකානු ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් සහ පියානෝ වාදකයෙකි. ඊව් කියුරි යනු මාරි කියුරි සහ පියෙරෙ කියුරි ගේ බාල දියණියයි. ඇය මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ අතර ඇගේ මවගේ චරිතාපදානය "මැඩම් කියුරි" සහ "රණශූරයන් අතර ගමන"[1][2] යුද වාර්තා පොතක් ලියා ඇත. 1960 ගණන්වල සිට ඇය යුනිසෙෆ් හි වැඩ කිරීමට කැප වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන්ට සහ මව්වරුන්ට උපකාර කළාය. විද්‍යාඥවරියක් ලෙස වෘත්තියක් තෝරා නොගත් සහ නොබෙල් ත්‍යාගය දිනා නොගත් ඇගේ පවුලේ එකම සාමාජිකයා ඊව් ය. ඇගේ සැමියා වන හෙන්රි රිච'ඩ්සන් ලබුයීස් ජූනියර් 1965 දී යුනිසෙෆ් වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ලබා ගත්තේ කියුරි පවුලේ නොබෙල් ත්‍යාග පහක උරුමය සම්පූර්ණ කරමිනි.
ඊව් කියුරි | |
---|---|
උපත | ඊව් ඩෙනීස් කියුරි දෙසැම්බර් 6, 1904 පැරීසිය, ප්‍රංශය |
විපත | ඔක්තොම්බර් 22, 2007 නිව් යෝක් නගරය, එක්සත් ජනපදය | (වයස 102)
වෘත්තිය | ලේඛ්කයෙක්, පියානෝ වාදකයෙක් |
පුරවැසිභාවය | ප්‍රංශය (1904–2007) එක්සත් ජනපදය (1958–2007) |
අධ්‍යාපනය | විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය |
උගත් ශාස්ත්‍ර ශාලාව | Collège Sévigné |
සංගණ්‍ය කෘතිය(න්) | Madame Curie (1937) Journey Among Warriors (1943) |
සංගණ්‍ය ප්‍රණාමය(න්) | ජාතික ග්‍රන්ථ සම්මානය (1937) Croix de guerre Légion d'Honneur (2005) |
කලත්‍රයා(යන්) | හෙන්රි රිච'ඩ්සන් |
ඥාතියා(යන්) | මාරි කියුරි (මව) පියෙරෙ කියුරි (පියා) අයිරීන් කියුරි (සහෝදරිය) |
සටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ Curie, Ève (1938). Madame Curie, translated by Vincent Sheean (1 ed.). Garden City, New York: Doubleday, Doran and Co., Inc. සම්ප්‍රවේශය 23 August 2016 – via Internet Archive.
- ^ Curie, Ève (1943). Journey Among Warriors (1 ed.). Garden City, New York: Doubleday, Doran and Co., Inc. සම්ප්‍රවේශය 21 August 2016 – via Internet Archive.
භාහිර සබැඳි
සංස්කරණය- Ève Curie හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- ඊව් කියුරි චරිතාපදානය (ඉංග්‍රීසි බසින්)
- Ève ලෝක චරිතාපදාන විශ්වකෝෂයේ ප්‍රවේශය (ඉංග්‍රීසි බසින්)
- Works by or about ඊව් කියුරි at Internet Archive