තෙවන ලෝක යුද්ධය

(World War III වෙතින් යළි-යොමු කරන ලදි)


තෙවන ලෝක යුද්ධය (WW3) යනුවෙන් හැඳින්වෙන්නේ, පළමු හා දෙවන ලෝක යුද්ධ වලින් පසුව ලොව පුරා ඇතිවිය හැකි මහා පරිමාණ යුද්ධයකි. 1941 සිටම මෙවැනි ලෝක යුද්ධයක් ගැන අදහස් ඉදිරිපත් වී ඇත. යම් පිරිසක් දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ කුඩා පරිමාණ යුද්ධ තුන් වෙනි ලෝක යුද්ධය ලෙස සළකන අතර, සමහර පිරිස් විශ්වාස කරන්නේ තුන් වෙනි ලෝක යුද්ධය ඊට පෙර පැවති ලෝක යුද්ධවලට වඩා විශාල සහ විනාශකාරී වනු ඇති බවයි.

තුන්වන ලෝක යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වනු ඇති බව ප්‍රකට උපකල්පනයකි. මෙවැනි ගැටුමකින් මනුෂ්‍ය වර්ගයා වඳ වී යාමටද හැකියව ඇත.

දෙවන ලෝක යුද්ධයේ අවසාන කාලයේදි න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සහ භාවිත කිරීමත් සමග රටවල් ගණනාවක් ඒවා නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලදි. මේ නිසා තෙවැනි ලෝක යුද්ධය මගින් පෘතුවි ශිෂ්ඨාචාරයට සහ පෘතුවියේ ජීවයට තර්ජනයක් වන න්‍යෂ්ටික ව්‍යසනයක අවධානමක් ගැන උපකල්පනය කරන ලදි. තවත් ප්‍රධාන ගැටලුවක් වූයේ ජීව විද්‍යාත්මක ආයුධ යි. සිතාමතා හෝ අත් වැරදීමකින් නිදහස්වන ජීව ආයුධ වලින් විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ විය හැක. දියුණු තාක්ෂණයේ ආධාරයෙන් සිදුවන මෙවැනි විනාශකාරි සිදුවීමක් මගින් පොළොවේ මතුපිට ජීවයට අහිතකර තත්වයකට පත් වීමට ඉඩ තිබේ.

දෙවන ලෝක සංග්‍රාමය (1939-1945) ආරම්භ වීමට පෙර සිදුවූ පලමුවන ලෝක සංග්‍රාමය (1914-1918) හඳුන්වනු ලැබුවේ "සියලු යුද්ධ අවසන් කිරීම සඳහා කරන ලද යුද්ධය" ලෙසයි. ඒ, එවැනි ප්‍රමාණයේ ලෝක සංග්‍රාමයක් නැවත ඇතිවිය හැකි බවට කිසිවෙකු විස්වාස නොකරන ලද බැවිනි. යුද්ධ දෙක අතර පැවති 1918-1939 අන්තර් යුධ කාලයේදි පළමුවන ලෝක සංග්‍රාමය හඳුවන්වන ලද්දේ "මහා යුද්ධය" නමිනි. 1939 දී දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමග "ලෝකයට තවත් යුද්ධයක අවශ්‍යතාවයක් ඇති වන්නෙ නැතැ" යි යන මතය බිඳ වැටුනි.

1945 සීතල යුද්ධය ආරම්භ වීම හා න්‍යෂ්ටික තාක්ෂණය සෝවියට් සංගමයට පැතිර යාම සමග තෙවන ලෝක යුද්ධයක් ඇතිවීමේ හැකියාව ඉහළ ගියේය. සීතල යුධ සමයේදී තෙවන ලෝක යුද්ධයක් ගැන රටවල් ගණනාවක් විසින් පූර්වාපේක්ෂා කරන ලදි.

කෙසේ නමුත් දෙවන හා පලමු ලෝක යුද්ද වැනි නොව තෙවන ලෝකයුද්දයක් පැමිණියහොත් සිදුවිය හැකි විනාශය සිතාගැනීමට බැරි තරම් වේ.වර්තමානයේදි අප ලෝකයේ දැවැන්ත රටවල් දෙකක් වන රුසියාව සහ යුක්‍රේනය රටවල් මුහුන දෙමින් ති⁣බෙන තත්වය හමුවේ ලෝකයේ සෙසුරටවල්ද පාර්ෂව කරුවන් ලෙස යුද්දයට සම්බන්ද වුවහොත් එම තත්වය තෙවන ලෝකයුද්දයක් දක්වා වර්දනය වීමේ ඇති ශීඝ්‍රතාවය වැඩිය.නමුත් ලෝකයේ පිහිටුවා ඇති සාමසංවිදාන මගින් හෝ වෙනත් ගැටුම් සමතන ක්‍රියාවලි බලවේගයක් ඔස්සේ හෝ වර්තමාන මෙම යුද තත්වය ව්‍යාප්තිය අවම කරලීමට හැකිනන් එය ලෝකයක් වශයෙන් අප ලබනා විශාල ජයග්‍රහණයකි.

වැඩිදුර කියවීම සඳහා සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තෙවන_ලෝක_යුද්ධය&oldid=497580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි