Vesak
දකුණු ආසියානු සහ සින්ගප්පුරුව, වියට්නාමය, තායිලන්තය, කාම්බොජය, මැලෙසියාව, ශ්‍රි ලංකාව, මියන්මාරය, ඉන්දුනිසියාව, පකිස්තානය සහ ඉන්දියාව වැනි අග්නිදිග ආසියානු රටවල් වාර්ශිකව සමරනු ලබන සංස්කෘතික නිවාඩු දිනයකි වෙසක්. මෙදින බුදුරජාණන් ව්හන්සෙගෙ තෙමඟුල වන ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සමරයි.
විවිධ සාම්ප්‍රදායන් අනුව භවිතා කරන විවිධ දින දර්ශන අනුව වෙසක් දිනය යෙදෙන දිනය වෙනස් වේ. ථෙරවාදී අනුගමිකයන් අනුගමනය කරනු ලබන් දින දර්ශනය අනුව් වෙසක් දිනය යෙදෙනුයේ පුර පසලොස්වක පොහොය දිනයකයි. නමුත් චිනයෙ චන්ද්‍ර දිනදර්ශනය අනුව වෙසක් පොහොය යෙදෙන්නේ එහි හතරවන මාසයෙ අටවෙනි දිනය දායි. අපරදිග ජොර්ජියානු දින දර්ශනය අනුව අප්‍රේල් සහ මැයි මාසයන්හි වෙසක් දිනය යෙදෙන නමුත් එය අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වේ.
තායි බුදුදහමේ ධම්මයුතිකා සහ මහායානික පාර්ශව වර්ෂ 2009 සඳහා වෙසක් දිනය සමරනු ලැබුවේ මැයි 08 වනදායි එදින ශ්‍රි ලංකවෙද වෙසක් දිනය සමරනු ලැබිය.මැයි 09 වන දින වර්ෂ 2009 සඳහා සින්ගප්පුරුවේ වෙසක් දිනය යෙදී තිබුණි.
ඉතිහාසය
සංස්කරණයBuddhist සංස්කෘතියේ මෙවන් උත්සව ශතවර්ෂ ගණනක් පැරණි වුවත් වෙසක් පොහොය බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වු දිනය ලෙස සැමරීමට ලෝක බෞද්ධ සහොදරත්ව සම්මේලනයේ පළමු සැසි වාරයෙදී එකඟ වුනු ගිවිසුමකට අනුව 1950 දී නිල වශයෙන් තීරණ්ය කරන ලදී.මෙම සමුළුවෙදී ඉදිරිපත් වුන එක් තිරණ්යක් වුයේ,
"ගෞතම බුදුරජානණ් වහන්සේ හට ගරු කිරිමක් ලෙස සුළු වශයෙන් හෝ බෞද්ධයන් සිටින ලොව අනෙකුත් දේශයන්හිත් නේපලයේ මෙන් වෙසක් පොහොය දින පොදු නිවඩුවක් ලෙස පත් කිරිමයි. මෙහිදි එවකට නේපාල මහරජාන්ණ් විසින් වෙසක් පොහොය දිනය පොදු නිවඩුවක් ලෙස පත් කිරිම පැස්සසුමට ලක් වු අතර අනෙකුත් රටවලින්ද එලස කරන ලෙස ඉල්ලා සිටියේය. "
බෞද්ධයන් හට විශේෂ වන වෙසක් පොහොය දිනයේදී ගෞතම බුදුරජනණ් වහන්සේගේ ඉපදීම, බුදුවිම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල ලෝක වසී සියළු බෞද්ධයන් සැමරිමට ලක් කරයි.ඉන්දියවෙන් පැතිරුනණ බුදු දහම වෙනත් රටවල් වල සංස්කෘතින් මඟින් වැළඳ ගැනිමත් සමඟම වෙසක් දිනය ලොව පුරා විවිධාකාරයෙන් සමරනු ලැබීය.
වෙසක් දිනය සැමරීම
සංස්කරණයවර්ෂ 2007 මැයි මාසයෙදී පුර පසළොස්වක පොහොය දින දෙකක් පිළිවෙලින් 01 වෙනිදා සහ 31 වෙනිද යෙදි තිබුණි. ශ්‍රි ලංකාව, කාම්බොජය සහ මැලේසියාව වැනි සමහර රටවල් වෙසක් පොහොය පළමු වැනිදා සමරනු ලබන අතර තායිලන්තය සහ තවත් රටවල් සමහරක් වෙසක් පොහොය 31 වනදා විවිධ චන්ද්‍ර දින දර්ශන අනුව සමරනු ලබයි. මෙම විවිධත්වය ප්‍රකශ කරනු ලබන්නේ සාම්ප්‍රදායික වශයෙන් සමරනු ලබන අනෙකුත් බෞද්ධ පොහොය නිවාඩු සැලකිල්ලට ගනිමිනුයි.
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් පුද පුජා කර ගැනීම සඳහා බෞද්ධ කොඩිය ඔසවමින් විවිධ පුජස්ථානයන්හිදී සිදු කරනු ලබන විවිධ සැමරීම් වලට ප්‍රථම බෞද්ධයන් සහ බෞද්ධ අනුගාමිකයන් පන්සල් වැනි විවිධ පුදබිම් වලට පැමිණිමත් පැමිනෙණ ලෙස ඉල්ල සිටීමත් සිදු කරනු ලබයි. වන්දනාමානකරුවන් සුවඳැති මල් පුදපුජා සඳහා රැගෙන පැමිණෙති. සුවඳ සඳුන් කූරු බුදුන් පිදීමට දල්වති. මෙම ක්‍රියාව විසින් බෞද්යන් සංකේතාත්මකව ප්‍රකාශ කරනු ලබන්නේ මනුෂ්‍ය ජිවිත ඔවුන් පුදනු ලබන සුවඳ මල් මෙන් කෙටි කලකින් මිලින වන බවත් සුවඳ සඳුන් කූරු මෙන් ගිනි ගෙන දැවෙන බවත්ය. පර පණ නැසීමෙන් වළකින ලෙස අණ් පැමිනවීමක් බෞද්ධ දර්ශනයේ ඇත. එමෙන්ම උපාසක උපාසිකවන් හට එළවළු සහිත ආහාර අනුන්මෝදන් කීරීමට දිරි ගන්වනු ලබයි. සමහර රටවල් විශෙෂයෙන් ශ්‍රි ලංකාවෙ සතියකට දින දෙකක්වත් සුරාසැල් සහ සත්ත්ව මාංශ වෙලඳ සැල් රජය මගින් වසා දැමීමට නියෝග කර ඇත. බෞද්ධයන් දහස් ගණණින් කුරුල්ලන් කෘමීන් සහ සතුන් නිදහස් කරමින් සංකේත විමුක්තිදානය ප්‍රදර්ශනය කරයි. මෙහිදී බොහෝ විට සිදුවන්නේ දාස භාවයට පත්,සිරගතව සිටින ඩහ වධහිංසා වලට ලක් වෙමින් සිටින සත්ත්වයින් නිදහස් කිරිමයි.
.
සිරස්තල පෙළ
සංස්කරණයmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm