ගුවන් තරණ ක්ෂේත්‍රයෙහිදී 'V-වේගයන්' (V Speeds) ලෙස හඳුන්වනුයේ සෑම ගුවන්යානයක්ම හැසිරවීමේ දී වැදගත් වන ගුවන් වේග නියමයන් හඳුන්වන සම්මත පදයන් ය. මෙම වේග නියමයන් ගුවන්යානා සැලසුම් නිර්මාණකරුවන් සහ ගුවන්යානා නිෂ්පාදකයන් ගුවන්යානා අත්හදා බැලීමේ දී සහ ගුවන්යානා වර්ග ප්‍රමානණයේ දී ලබාගත් දත්ත මත පදනම් ව ඇත. ඒවා භාවිතය ගුවන්යානයේ ආරක්ෂාව උපරිම මට්ටමකට ගෙන ඒමටත්, ගුවන්යානයේ උපරිම ක්‍රියාකාරිත්වය ලබාගැනීමටත් හොඳ ම ක්‍රියාමාර්ගය (Best Practice) ලෙස හැඳින්වේ.

තනි-එන්ජිමක් සහිත ‍සෙස්නා 150L හී ගුවන්වේග දර්ශකය විසින් එහි V වේගයන් (නොට් අගයන්වලින්වලින්) දක්වා ඇති ආකාරය.
පියාසර වහන්තරා සටහනක් වෙතින් VS (1G හිදී හදිසියේ නතර වන (Stall) වේගය), VC (කොණ/හැසුරුවුම් වේගය) සහ VD (අවපාත වේගය) දක්වමින්

නිෂ්පාදකයන් විසින් දී ඇති මෙම වේග නියම ඒ ඒ ගුවන්යානා වර්ගයට විශේෂී වෙයි. මෙම වේග නියමයන් දී ඇත්තේ දක්වා ඇති ගුවන්වේගයෙනි (බිම්වේගය වැන්නකින් නොවේ). ඒ ගුවන් යානයේ වේග මාපක ගුවන්වේගයන් පෙන්වන නිසා ගුවන් නියමුවන්ට ඒවා සංශෝධනයන්ගෙන් තොරව ඍජුවම භාවිත කල හැකි අයුරින් ය.

සාමාන්‍ය ගුවන්යානයක (GA) වැඩි වශයෙන් භාවිත වන සහ ආරක්ෂාවට ඉතා වැදගත් වන වේග නියමයන් වර්ණ කේත චාපයන් ලෙස සහ ඉරි ලෙසට ගුවන්වේග මාපක මුහුණතේ දක්වා ඇත. කොළ සහ සුදු පහ චාපයන්ගේ පහල කෙළවර පිළිවෙලින් ෆ්ලැප්ස් හකුලා තිබිය දී සහ ෆ්ලැප්ස් දිගහැර තිබිය දී ගුවන්යානයේ උපරිම බරක් තිබෙන අවස්තාවක හදිසියේ ගුවන් යානය නතර වන වේගයන් දක්වා තිබේ. කහ පැහැ ප්‍රදේශයෙන් ගුවන්යානය මෘදු සුළඟේ දී මෙහෙයවිය හැකි වේග සීමාව දක්වා තිබෙන අතර එම වේගයේ දී පාලන මුහුණත් (Control Surfaces) හදිසි වෙනස් කිරීම් නොකිරීමට වගබලාගත යුතු ය. රතු පහන් දක්වා ඇත්තේ නොඉක්මවිය යුතු වේගය යි (Never Exceed Speed).

V-වේග නියමයන් නිසි ලෙස දක්වා තිබීම බොහෝ රටවල වර්ග ප්‍රමාණිත ගුවන් යානාවල ගුවන් යෝග්‍යතාවය සඳහා අවශ්‍යතාවයක් ලෙස සැලකේ.

රෙගුලාසි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=V_වේගයන්&oldid=433742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි