ස්ථල විද්‍යාව

(Topology වෙතින් යළි-යොමු කරන ලදි)

ස්ථල විද්‍යාව හඳුන්වන ඉංග්‍රීසි වදන ග්‍රීක බසින් ස්ථායීය අධ්‍යයනය යන තේරුම ගෙන වචන යුගල එක්ව තැනී තිබේ. ස්ථල විද්‍යාව ජ්‍යාමිතිය තවදුරටත් ප්‍රසාරණය වීමෙන් හටගත් ගණිතයට අයත් විෂය පථයකි. ස්ථල විද්‍යාවේ ආරම්භක අරමුණ අවකාශයේ ස්වභාවය අධ්‍යයනය කිරීමයි. ඒ සඳහා අවකාශයේ සියුම් මෙන්ම මහේක්ෂීය ව්‍යුහය අධ්‍යයනය කෙරේ. ස්ථල විද්‍යාව කුලකවාදය මත ගොඩැනැගී ඇති අතර එහිදී ලක්ෂ කුලක මෙන්ම කුලක කාණ්ඩ ද සලකනු ලැබේ.

මෙහි දැක්වෙන “මෝබියස් පටිය” තනි දාරයකින් හා තනි පෘෂ්ඨයකින් යුත් වස්තුවකි. මෙවන් වස්තූන් පිළිබද ස්ථල විද්‍යාවේ දී අධ්‍යයනය කෙරේ.

ස්ථලක අවකාශයක් නිර්ණය කිරීමේ දී යොදාගන්නා ඇතැම් ලක්ෂණ ඇති කුලක කාණ්ඩයක් හෝ ඒවා පිළිබද අධ්‍යයනය ‍ස්ඵලකය ලෙස හැදින්වේ. මෙම ලක්ෂ පහත විස්තර කෙරේ. ස්ථලක පරිණාමණයේදී යොදාගන්නා ශ්‍රිත හෙවත් අනුරූපක (සිතියම්) මෙහිදී වැදගත් තැනක් ගනී. දළ වශයෙන් මෙවන් ශ්‍රිත අවකාශය කොටස්වලට වෙන් කිරීමෙන් හෝ නිශ්චිත කොටස් එකම ඇලවීමකින් තොරව අවකාශය ප්‍රසාරණය කරන්නන් සේ හැදින්විය හැක.

19 වැනි සියවසේ අග භාගයේ දී පමණ ස්ථල විද්‍යාව නියමාකාරයෙන් විෂය පථයක් බවට පත්වූ අවධියේ එය ස්ථානීය ජ්‍යාමිතිය හෝ ස්ථානීය විශ්ලේෂණ යන අරුත් ඇති පදයන්ගෙන් හඳුන්වන ලදී. 1925 සිට 1975 අතර කාලය තුළ දී ගණිතයේ වර්ධනයට වඩාත් වැදගත් වූ විෂය පථයක් බවට ස්ථල විද්‍යාව පත් විය.

ස්ථල විද්‍යාව බොහෝ උප විෂය පථයන්ගෙන් සමන්විත වන අතර ගණිතයට අයත් විශාල විෂය පථයකි. මෙම උප විෂය පථයන් අතරම සුසංගිතතාව, සබැදියාව හා ගණනය කළ හැකි බව යන සංකල්පවලට අදාල ලක්ෂ කලක ස්ථල විද්‍යාව , ඒකසතලතාව සදෘශ්‍යතාව වැනි සංකල්ප අන්වේෂණයට අදාල වීජීය ස්ථල විද්‍යාව සහ ගැට පිළිබඳ වාදය වැනි කොටස් අයත් සමූදායක් පිළිබද අන්වේෂණයට යොදාගන්නා ජ්‍යාමිතික ස්ථල විද්‍යාව මූලික වේ.

ස්ථල විද්‍යාව හා ස්ථලක අවකාශ පිළිබඳ අධ්‍යයනයේ දී වඩාත් නිවැරදි අරුත් සොයාගැනීම සදහා ස්ථලක විද්‍යාත්මක ශබ්ද මාලාවක් යොදාගන්න.


ආශ්‍රිත සංස්කරණය

http://en.wikipedia.org/wiki/Topology

"https://si.wikipedia.org/w/index.php?title=ස්ථල_විද්‍යාව&oldid=469897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි