තෝමස් ඇක්වයිනාස්

(Thomas Aquinas වෙතින් යළි-යොමු කරන ලදි)

වර්ශ 1225 දී සිසිලි රාජධානියේ රොකැසෙකාහි ( ඉතාලියේ ) උපත ලැබූ මෙතුමා ශුද්ධවූ සභාවේ දේවධර්මාචාර්ය වරයෙකි ( Doctor of the Church ).ශාන්ත ඇක්වයිනාස් තරම් දේවදූතයන් පිළිබඳව ලියන ලද තවත් දේවධර්මාචාරියෙක් ශුද්ධවූ සභාවේ නැත.තවද ශාන්ත ඇක්වයිනාස්ගේ ජීවිත පැවැත්ම දේවදූතයෙකු මෙන් පිවිතුරුය; භක්තිවන්තය.එලෙසම ශාන්ත ඇක්වයිනාස් දෙවියන් වහන්සේ පිළිබඳව ලියන ලද්දේ උන්වහන්සේ ඉදිරියෙහි සේවය කරන දේවදූතයෙකු මෙන් ප්‍රඥාවක් සහිතවය.එමනිසා XVI වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පාප්වහන්සේ, ශාන්ත ඇක්වයිනාස්ව හැදින්වූයේ, "ස්වර්ගීය/දේවදූතික දේවධර්මාචාරියා" ලෙසිනි.තෝමස්වාදයේ පියා හා ස්වභාවික දේවධර්මයේ සම්භාව්‍ය පුරෝගාමියාද මොහුය.බටහිර චින්තනය කෙරෙහි විශේෂයෙන්ම එහි ආචාර ධර්ම, ස්වාභාවික නීතිය, පාරභෞතික විද්‍යාව සහ දේශපාලන න්‍යාය යන ක්ෂේත්‍රයන්හිදී මේ ඉතාලි දාර්ශනිකයාගේ බලපෑම අති විශාලය.එලෙසම සිසුන්ගේද කතෝලික ඇකඩමි වලද පාසල් හා විශ්ව විද්‍යාල වලද නාම සාන්තුවරයා වනුයේ ශාන්ත තෝමස් ඇක්වයිනාස්ය.


Thomas Aquinas

An altarpiece in Ascoli Piceno, Italy,
by Carlo Crivelli (15th century)
Confessor
Doctor of the Church
උපත28 January 1225
Roccasecca, Kingdom of Sicily
මරණය7 March 1274 (වයස 48–49)
Fossanova, Papal States
ගරු කරනු ලබනුයේRoman Catholic Church
Anglican Communion[1]
Lutheranism[2]
ශුද්ධවර භාවයට එසවූයේ18 July 1323, Avignon, Papal States Pope John XXII විසින්
ප්‍රධාන සිද්ධස්ථානChurch of the Jacobins, Toulouse, France
මංගල්‍යය දින28 January, 7 March (pre-1969 Roman Calendar)
ලාක්ෂනික ගුණාංගThe Summa Theologiae, a model church, the sun on the chest of a Dominican friar
අනුග්‍රාහකත්වයAcademics; against storms; against lightning; apologists; Aquino, Italy; Belcastro, Italy; book sellers; Catholic academies, schools, and universities; chastity; Falena, Italy; learning; pencil makers; philosophers; publishers; scholars; students; University of Santo Tomas; Sto. Tomas, Batangas; Mangaldan, Pangasinan; theologians[3]

Philosophy career
වෙනත් නම්Doctor Angelicus (the Angelic Doctor)
අධ්‍යාපනයAbbey of Monte Cassino
University of Naples
University of Paris
ප්‍රධාන නිර්මාණ
යුගයMedieval philosophy
ප්‍රදේශයWestern philosophy
ගුරුකුලයScholasticism
Thomism
Aristotelianism
Theological intellectualism
Philosophical realism
Moderate realism
Direct realism
Virtue ethics
Natural law
Correspondence theory of truth[4]
ප්‍රධාන ලැදිකම්
සංගණ්‍ය අදහස්
Influenced

ශාන්ත ඇක්වයිනාස්ගේ දෙමාපියන් ඉතා ධනවත් අය වූවද, බාල පුතු වශයෙන් තෝමස් ඇක්වයිනාස්ව තාපසාරාමයකට ඇතුළු කළහ.වයස අවුරුදු 05 දී පමණ මොන්ටේ කැසිනෝ ඇබේහිදි තම අධ්‍යාපනය ආරම්භ කළ ශාන්ත ඇක්වයිනාස්, IX වන ග්‍රෙගරි පාප්වහන්සේ හා II වැනි ෆෙඩ්රික් අධිරාජ්‍යයා අතර ඇතිවූ යුධ ගැටුම මොන්ටේ කැසිනෝ ඇබේ දක්වා පැමිණෙන තෙක් එහි අධ්‍යාපනය ලැබුවේය.මේ නිසා ශාන්ත ඇක්වයිනාස්ට නේපල්ස්හි විශ්ව විද්‍යාලය වෙත යාමට සිදුවිය.ඇරිස්ටෝටල්ගේ දාර්ශනික බලපෑම් ශාන්ත ඇක්වයිනාස්ට ලැබුනේ මෙහිදී බවට විශ්වාස කෙරේ.දොමිනිකානු නිකායට සම්බන්ධ වීමට ශාන්ත ඇක්වයිනාස්ව යොමු කළ දොමිනිකානු දේශකයෙකු වූ ජූලියන්හි ශාන්ත ජෝන්ව ඔහුට හමුවූයේද එහිදීය.ශාන්ත ඇක්වයිනාස්ගේ පවුලේ අය ඔහුගේ එම තීරණය ගැන දැනගත් විට ඔහුගේ මව තියඩෝරා විසින් ඔහුව ප්‍රංශයේ පැරිසිය වෙත ගෙන යාමට කටයුතු කළේය.ශාන්ත ඇක්වයිනාස්ගේ තීරණය සඳහා තියඩෝරාගේ ඇඟිලි ගැසීම් වලින් වලක්වා ගැනීමේ උත්සාහයක් ලෙස දොමිනිකානුවන් ශාන්ත ඇක්වයිනාස්ව රෝමයට ගෙන යාමට කටයුතු කළේය.ශාන්ත ඇක්වයිනාස් රෝමයට යමින් සිටියදී ඔහුගේ සහෝදරයන් ඔහුව අල්ලා මොන්ටේ සැන් ජියොවානි කැම්පානෝ මාලිගාවේදී ඔවුගේ දෙමාපියන් වෙත ඔහුව ආපසු භාර දුන්හ.ශාන්ත ඇක්වයිනාස්ව දොමිනිකානු නිකායට බැඳීමෙන් වළක්වා ගැනීමට ඔහුගේ පවුලේ අය උත්සාහ කිරීම නිසා ශාන්ත ඇක්වයිනාස්ව ඔහුන් වසරක් මුළුල්ලේ තම පවුලේ මාලිගාවේ සිරගත කරන ලදී.

ඔහුව රඳවාගෙන සිටි වර්ෂයේදී ශාන්ත ඇක්වයිනාස් තම සහෝදරියන්ට ඉගැන්වූ අතර දොමිනිකානු නිකායේ සාමාජිකයන් සමඟ සන්නිවේදනයද කළේය. ශාන්ත ඇක්වයිනාස්ව නපුරට පොළඹවා ගැනීම සඳහා ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකු එකතු වී ගණිකාවක් කුළියට ගෙන ඔහු වෙතට එවූ බව සඳහන් වේ.නමුත් රත්වූ යකඩයක් ගෙන ශාන්ත ඇක්වයිනාස් ඇයව පන්නා දැමූ බව සඳහන් වේ. එලෙසම එදින රාත්‍රියේ දේවදූතයන් දෙදෙනෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වූ අතර තම බඹසර රැකගෙන සිටීම සඳහා ඔහුන් ශාන්ත ඇක්වයිනාස්ගේ අධිෂ්ඨානය ශක්තිමත් කළහ.ශාන්ත ඇක්වයිනාස්ව කිසිසේත්ම නම්මාගත නොහැකි බව තේරුම් ගත් ඔහුගේ මව වන තියඩෝරා, තම පවුලේ නම රැකගැනීම සඳහා ඔහුට ජනේලයකින් පැන යාමට සූදානම් කර දුන්නේය.ඔහුගේ තීරණය පිළිගැනීමට වඩා රහසිගතව ඔහුට පැන යාමට දීම වඩා හොඳ යැයි ඇය විශ්වාස කළාය.වර්ශ 1244 දී තම පවුලේ අය වෙතින් පැන යාමෙන් පසු ශාන්ත ඇක්වයිනාස් ප්‍රථමයෙන්ම නේපල්ස් වෙතද, පසුව රෝමයටද ගොස් දොමිනිකානු නිකායේ ශ්‍රේෂ්ඨාධිපති ජොහැන්නස් වොන් වයිල්ඩ්ෂවුසන්ව හමුවිය.

ඊළඟ වසරේදී තෝමස් පැරිස් විශ්ව විද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වූ අතර එහිදී ඔහුට ශාන්ත ජේම්ස් විද්‍යාලයේ දේවධර්මය පිළිබඳ මහාචාර්යවරයෙකු හා දොමිනිකානු විශාරදයෙකු වන ඇල්බර්ටස් මැන්ගස්ව හමුවූ බව විශ්වාස කෙරේ.වර්ශ 1248 දී කොලෝන්හි නව විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම සඳහා ඇල්බර්ටස් මැන්ගස්ව ඔහුගේ ශ්‍රේෂ්ඨයින් විසින් යවන විට, මොන්ටේ කැසිනෝ ඇබේහි මාඨාධිපතිවරයා වීමට IV වන ඉනසන්ට් පාප්තුමා කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ශාන්ත ඇක්වයිනාස් තෝමස් ඇල්බර්ටස් මැන්ගස්ගේ පසුපස යාමට තීරණය කළේය.ශාන්ත ඇක්වයිනාස් විශ්ව විද්‍යාලය තුළ නිහඬ හා කලාතුරකින් කතා කළ අයෙකු වූ නිසා අනෙක් සිසුන් විශ්වාස කළේ ඔහු මානසිකව විලම්බිත අයෙකු බවයි.නමුත් ඇල්බර්ටස් මැන්ගස් අනාවැකිමය ලෙස ශාන්ත ඇක්වයිනාස් පිළිබඳ පැවසුවේ, "ඔබ ඔහුව ගොළු ගොනෙකු ලෙස හැඳින්වුවද, ඔහුගේ ඉගැන්වීම් මගින් ඔහු කවදා හෝ දවසක ගර්ජනා කරනු ඇත.එය ලොව පුරා ඇසෙනු ඇතැ"යි කියාය.

අධ්‍යාපනය අවසන් වීමෙන් පසු ශාන්ත ඇක්වයිනාස් ආධුනික මහාචාර්යවරයකු ලෙස කොලෝන්හි ඉගැන්වූ අතර පරණ ගිවිසුමේ පොත් පිළිබඳව සිසුන්ට උපදෙස් දුන්නේය.ඔහු, "එක්ස්පෝසිටියෝ සුපර් ඉසියාම් ඇඩ් ලිටෙරාම්, පොස්ටිලා සුපර් ඉරෙමියම් හා පොස්ටිලා සුපර් ත්‍රෙනෝස්" ( Expositio super Isaiam ad litteram, Postilla super Ieremiam, and Postilla super Threnos ) වැනි ලිපි ලියන ලද්දේ මේ කාලය අතරතුරදීය.වර්ශ 1252 දී ශාන්ත ඇක්වයිනාස් නැවත පැරිසියට ගියේ දේවධර්මය පිළිබඳ ඔහුගේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම සඳහාය.ආධුනික මහාචාර්යවරයකු ලෙස ඔහු බයිබලය පිළිබඳ දේශන පැවැත්වූ අතර ඔහුගේ අවසන් වසර තුනක අධ්‍යාපනය "පීටර් ලොම්බාර්ඩ්ගේ වාක්‍යන්" ( Peter Lombard's Sentences ) නමැති දේවධර්ම කෘතිය අධ්‍යනය සඳහා කැප කළේය.ශාන්ත ඇක්වයිනාස් විසින් "ස්ක්‍රිප්ටම් සුපර් ලිබ්‍රොස් සෙන්ටෙන්ටරියම්" ( Scriptum super libros Sententiarium ) යන මාතෘකාව යටතේ එම වාක්‍යන් පිළිබඳව විවරණයක් රචනා කරන ලද අතර "ඩි එන්ටෙ එට් එසෙන්ෂියා" ( De ente et essentia ) කෘතියද රචනා කළේය.

වර්ශ 1256 වසන්තයේදී ශාන්ත ඇක්වයිනාස්ව පැරිසියේ දේවධර්මය පිළිබඳ ප්‍රාදේශීය ශාස්ත්‍රපති ලෙස පත් කරන ලද අතර, ධුරය භාර ගැනීමෙන් පසු ඔහුගේ පළමු කෘතිවලින් එකක් වූයේ, "කොන්ට්‍රා ඉම්පියුනන්ග්ස් ඩෙයි කල්ටම් එට් රිලිජැනෙම්" ( Contra impugnantes Dei cultum et religionem ) වේ.වර්ශ 1256 සිට 1259 දක්වා කාලය තුළ ශාන්ත ඇක්වයිනාස් සිය ධුර කාලය ගත කළේ, "ක්වාස්ටේෂන් ක්වොඩ්ලිබෙටේල්ස්, එක්ස්පෝසිටියෝ සුපර් ලිබ්‍රම් බොයිති ඩි ට්‍රිනිටේට්, සහ එක්ස්පෝසිටියෝ සුපර් ලිබ්‍රම් බොයිති ඩි හෙබ්ඩොමඩිබස්" ( Quaestiones quodlibetales, Expositio super librum Boethii De trinitate, and Expositio super librum Boethii De hebdomadibus ) යන කෘති රචනා කිරීමෙන්ය.තෝමස් සිය පළමු ධූර කාලය අවසානයේදී, ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ කෘතියක් වන "සුම්මා කොන්ට්රා ජෙන්ටයිල්ස්" ( Summa contra Gentiles ) ලිවීමේ කටයුතු කරමින් සිටියේය.

වර්ශ 1259 දී ශාන්ත ඇක්වයිනාස් සිය පළමු ධූර කාලය සම්පූර්ණ කර නැවත නේපල්ස් වෙත පැමිණියේය.එහිදී ඔහුව පොදු දේශකයෙකු ලෙස පත් කරන ලදී.වර්ශ 1261 සැප්තැම්බරයේදී, ඔර්වියෙටෝහි දේශනයක් කිරීමට ඔහුගෙන් ඉල්ලා සිටි අතර, ඔහු එහි නැවතී සිටි කාලය තුළ, "සුම්මා කොන්ට්රා ජෙන්ටයිල්ස්" ( Summa contra Gentiles )  මෙන්ම "කැටෙනා ඕරියා" ( Catena aurea ) හා "කොන්ට්‍රා එරර්ස් ග්‍රේකෝරම්" ( Contra errores graecorum ) යන කෘතින්ද ලියා අවසන් කළේය.වර්ශ 1265 දී ශාන්ත ඇක්වයිනාස්ව IV වන ක්ලෙමන්ට් පාප්වහන්සේ විසින් ශුද්ධාසනීය දේවධර්මාචාර්යවරයෙකු ලෙස සේවය කිරීම සඳහා රෝමයට කැඳවන ලදී.සැන්ටා සබීනාහි රෝමානු කන්‍යාරාමයේ ඉගැන්වීමට අග්නානි දොමිනිකානු කාරක සංඝ සභාව විසින් ශාන්ත ඇක්වයිනාස්ව එම වසරේදීම පත් කරන ලදී.මෙය සදාචාරාත්මක හා ස්වාභාවික ස්වභාවයන්හි දාර්ශනික විෂයයන් පිළිබඳ පූර්ණ පරාසයකින් ඉගැන්වූ පළමු පාසලයි.ශාන්ත ඇක්වයිනාස් විසින් තම ලෝක ප්‍රසිද්ධ කෘතහස්ත දේවධර්ම කෘතිය වන "සුම්මා තියලොජිකා" ( Summa theologiae ) ග්‍රන්ථය රචනා කිරීම ආරම්භ කළේ මෙහිදීය.තම දෙවැනි ඉගැන්වීමේ ධූර කාලය සඳහා වර්ශ 1268දී ශාන්ත ඇක්වයිනාස්ව නැවත පැරිසිය වෙත කැඳවන තෙක්ම ඔහු දිගින් දිගටම ලේඛන කටයුතු සිදු කළ අතර තවත් පොත් කිහිපයක්ම නිකුත් කළේය.එම කාලයේ ඔහු එහි ප්‍රාදේශීය ශාස්ත්‍රපති ලෙස සිටින විට, "ඩි වර්චුටිබස් සහ ඩි ඒටර්නයිට් මුන්ඩි" ( De virtutibus and De aeternitate mundi ) නමැති ග්‍රන්ථයද රචනා කළේය.ඔහුගේ මෙවර ධූර කාලය අවසානයේදී දොමිනිකානුවන් ශාන්ත ඇක්වයිනාස්ව කැඳවා ඔහු කැමති ඕනෑම කාර්ය මණ්ඩලයක් සමඟ එක්ව නව විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට ඔහුව යොමු කළේය.ඔහු නේපල්ස්හි විශ්ව විද්‍යාලයක් පිහිටුවා ප්‍රාදේශීය ශාස්ත්‍රපති තනතුරට පත්විය.

වර්ශ 1273 දී නේපල්ස්හි දොමිනිකානු ආරාමයේ පිහිටි ශුද්ධවූ නිකුලස් මුනිදුන්ගේ කුඩා දෙව්මැදුරේ කල් ගෙවන විට ශාන්ත ඇක්වයිනාස් එහි කුරුසියේ ඇණ ගසනු ලැබූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව ඉදිරියේ කඳුළු සළමින් යාච්ඤා කරමින් සිටියදී අවකාශයේ පාවෙමින් සිටි බව එහි මූප්පුරාළ විසින් දැක තිබේ. එහිදී ක්‍රිස්තුස් වහන්සේ ශාන්ත ඇක්වයිනාස්ට කතා කොට, 'තෝමස්, ඔබ මා ගැන හොඳින් ලියා තිබෙනවා.ඔබේ ශ්‍රමයෙන් ඔබට ලැබෙන විපාකය කුමක්ද?"යි අසා ඇත.එවිට ශාන්ත ඇක්වයිනාස් පිළිතුරු දෙමින්, “ස්වාමීනි, ඔබ හැර වෙන කිසිවක් නැතැ"යි පවසා ඇත.මෙම අදහස් හුවමාරුවෙන් පසු යමක් සිදුවී ඇත.නමුත් ශාන්ත ඇක්වයිනාස් කිසි විටෙකත් ඒ ගැන කතා කළේ හෝ ලියුවේ නැත.මින් පසුව ඔහු තම ලේඛන පුරුද්ද අතහැර දැමූ අතර නැවත සුපුරුදු රැකියාවට යන ලෙස ඉල්ලා සිටි විට ඔහු මෙලෙස පිළිතුරු දී ඇත, “මට බැහැ, මොකද මම ලියා ඇති සියල්ල මට පිදුරු මෙන් පෙනේ".එහි ප්‍රතිඵලයක් ලෙස "සුම්මා තියලොජිකා" ග්‍රන්ථය අසම්පූර්ණව පවතිනු ඇත.ශාන්ත ඇක්වයිනාස්ගේ හැසිරීමේ මෙම වෙනසට හේතුවූයේ ඔහු ලැබූ අත්භූත ස්වර්ගීය අත්දැකීමේ බලපෑම නිසා බව විශ්වාස කෙරේ.ඇද විවේකය ලැබූ පසු ඔහු නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ශක්තිමත් වී ඇති නමුත් මෙම සිදුවීමෙන් මාස තුනකට පමණ පසුව ශාන්ත ඇක්වයිනාස් ස්වර්ගස්ථ විය.වර්ශ 1274 මැයි මාසයේදී ශාන්ත ඇක්වයිනාස්ව දෙවන ලියොන් කවුන්සිලයට කැඳවන ලද අතර එහිදී ඔහු ඔහුගේ කෘතින් IV වන උර්බන් පාප්තුමා හට ඉදිරිපත් කිරීමට නියමිතය විය.මේ සඳහා සඳහා යමින් සිටියදී ශාන්ත ඇක්වයිනාස්ගේ හිසට ගසක අත්තක් වැදීම නිසා ඔහු රෝගාතුර විය.සුවය ලබා ගැනීම සඳහා ඔහුව මොන්ටේ කැසිනෝ ඇබේ වෙත ගෙන යන ලද අතර පසුව ඔහු නැවත පිටත් විය.අවාසනාවකට මෙන්, ඔහු යළිත් වරක් රෝගාතුර වූ අතර සිස්ටර්සියානු ෆොසානෝවා ඇබේහි නතර විය.එහි තාපසයන් විසින් ඔහුව දින කිහිපයක් තිස්සේ රැකබලා ගත්හ. නමුත් වර්ශ 1274 මාර්තු මස 07 වැනිදා වයස අවුරුදු 49 දී පමණ ශාන්ත ඇක්වයිනාස් ස්වර්ගස්ථ වූ අතර වර්ශ 1323 ජූලි මස 18 වැනිදා XXII වන ජුවාම් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් එතුමාව ශුද්ධවරයට ඔසවන ලදී.

අඩවියෙන් බැහැර පිටු සංස්කරණය

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; diobeth නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; resurrectionpeople.org නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; catholicsaints.info නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; SEP නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; iep.avicenna නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; iep.anselm නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Massey 1995, පිටු අංකය: 16.
  8. Brown 2014, පිටු අංකය: 12.
"https://si.wikipedia.org/w/index.php?title=තෝමස්_ඇක්වයිනාස්&oldid=542643" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි