ආගණක වාදය
ඇල්ගොරිතම භාවිතයෙන් පරිගණකකරණ ආදර්ශකයක් ඔස්සේ කෙතරම් කාර්යක්ෂමව ගැටලුවක් විසඳිය හැකි ද යන්න පිළිබඳ සලකා බැලෙන පරිගණක විද්‍යා ක්ෂේත්‍රය ආගණක වාදය නම් වේ. මෙම ක්ෂේත්‍රය ආගණකතා වාදය සහ සංකීර්ණතා වාදය ලෙස ප්‍රධාන කොටස් 2කින් යුක්ත වන අතර එම යුගලම විධිමත් පරිගණකකරණ ආදර්ශන හා සම්බන්ධව භාවිතා වේ. ආගණනය පිළිබඳ දැඩි අධ්‍යයනයක් කිරීම සඳහා පරිගණක විද්‍යාඥයින් පරිගණකකරණ ආදර්ශය ලෙස හැඳින්වෙන ගණිතමය පරිගණක අමූර්තනයක් භාවිතා කරති. මෙහි ආකාර කිහිපයක් ඇති නමුත් වඩාත් බහුලව භාවිතා වන්නේ ටියුරින් උපකරණයයි. ටියුරින් උපකරණය අනන්ත විභව මතක ධාරිතාවක් ඇති සාමාන්‍ය පරිගණකයක් ලෙස සැලකිය හැක. තවද එයට සිය මතකයට ප්‍රවේශ විය හැක්කේ කුඩා විවික්ත කොටස් වශයෙනි. පසුවෙන් නිර්මාණය කළ හැකි වීමත් ප්‍රතිඵල ඔප්පු කිරීමට භාවිතා කළ හැකි වීමත්, එය නිර්මාණය කළ හැකි වඩාත් බලවත් හේතුමය පරිගණක ආදර්ශය නිරූපණය කරන බවට සමහරක් දෙනා තුළ ඇති මතයක් යනාදිය හේතුවෙන් ටියුරින් උපරණය බහුලව භාවිතා වේ. අපරිමිත මතකය පැවතිය නොහැකි ගුණයක් සේ දිස්විය හැක. නමුත් ටියුරින් යන්ත්‍රයක් මඟින් නිර්ණය කළ හැකි ඕනෑම ගැටළුවක් සඳහා හැමවිටම අවශ්‍ය වනු ඇත්තේ පරිමිත මතක ධාරිතාවකි. එබැවින් මූලධර්ම අනුව ටියුරින් උපකරණයක් ඇසුරින් විසඳිය හැකි ඕනෑම ගැටළුවක් සීමිත ධාරිතාවක් ඇති පරිගණකයක් ඇසුරින් ද විසඳිය හැක.
References
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/Theory_of_computation#Other_formal_definitions_of_computation