ද ග්‍රේට් ගට්ස්බි යනු 1925 දී ඇමරිකානු ලේඛක එෆ් ස්කොට් ෆිට්ස්ගරල්ඩ් විසින් ,1922 ග්‍රීස්ම සමයේ සව්භාග්‍යමත් ලෝන්ග් අයිලන්ඩ් හී ඇති මනඃකල්පිත නගරයක් වන වෙස්ට් එග් හී වෙසෙන චරිත කීපයක් වට ගෙතුනු නව කතාවකි. මෙය මුලික වශයෙන් සුරූපී ඩේසි බුකනන් හා පෙමින් බැඳෙන තරුණ ධන කුවෙරයෙක් වන ජේ ගට්ස්බි පිලිබඳ කතා කරයි. මෙය එෆ් ස්කොට් ෆිට්ස්ගරල්ඩ් විසින් රචිත ඉහලම කෘතිය ලෙසද සැලකේ. ද ග්‍රේට් ගට්ස්බි සමාජ පරිහානිය හා කැළඹීම, මරමාදර්ශ බව, වෙනස්වීමට ඇති අකමැත්ත නිරුපනය කරයි. මෙය ඇමරිකාවේ ජෑස් සමය නිරුපනය කරන අතර එය ඇමරිකානු සිහිනය යන්නෙහි ඇති අවධානාත්මක බව කියා පායි. 

මෙම කෘතිය ලිවීමට මුලික වුයේ ෆිට්ස්ගරල්ඩ් ලෝන්ග් අයිලන්ඩ් හී උතුරු වෙරළෙහි වූ ප්‍රිය සාදා වලට සහභාගී වීමෙන් ලත් අත්දැකීමය. මම කෘතිය 1923 දී පමණ ලිවීමට සැලසුම් කරන ලද අතර ඔහුගේ වචන වලින්ම කිවහොත් "අලුත්, අසාමාන්‍ය, සරල හා අලංකාර කෘතියක් කිරීම ඔහුගේ අභිප්‍රාය විය. මෙම කෘතිය ලිවීම ඉතා හෙමින් සිදු වුන අතර 1924 දී ෆ්‍රෙන්ච් රෙවෙරා වලට පැමිණීමෙන් පසු මෙහි පළමු කෙටුම්පත නිම කරන ලදී. මැක්ස්වෙල් පර්කින්ස් නම් වූ ඔහුගේ කතෘ වරයාට අනුව මෙම නව කතාව බොහෝ අපිළිවෙල වූ නිසා මෙය ඊලග ශීත සාමයට පෙර වෙනස් කරන ලෙස ඉල්ලීමක් කරන ලදී. ෆිට්ස්ගරල්ඩ් මෙම නව කතාවේ නම පිලිබඳ නිතරම දෙගිඩියාවකින් පසු වුන අතර මේ සඳහා විවිද නම් යෝජනා කරන ලදී. ඒ අතර ට්‍රිමල්චිඔ මෙන්ම අවසාන ලෙස "අන්ඩර් ද රෙඩ්, වයිට් ඇන්ඩ් බ්ලු" ලෙසද යෝජනා කරන ලදී. 

1925 අප්‍රේල් මසදී "ස්ක්රිබ්නර් නම් ප්‍රකාශකය විසින් පල කරන ලද අතර , මිශ්‍ර විවේචන ලද මෙම කෘතිය ඇලවිය ඉතා අල්ප විය.පළමු වසරේ ඇලවිය පිටපත් 20000 සීමා වුනි. 1940 දී ෆිට්ස්ගරල්ඩ් මිය ගිය අතර ඔහු විශ්වාස කලේ ඔහුගේ කෘතිය අසාර්ථක වූ එකක් බවයි. කෙසේවුවත් දෙවන ලෝක යුධ සමයේ මෙම කෘතිය නැවත ජනප්‍රිය උන අතර එය ඇමරිකානුඋසස් පාසල් වල විෂය නිර්දේශයට, වේදිකා නාට්‍ය හා එම දශකයේ බිහිවූ චිත්‍රපට වලට පසුබිම සපයන්නක් විය. වර්තමානයේ මෙය වටිනා සාහිත්‍ය කෘතියක් ලෙස පිළිගන්න අතර ඇමරිකාවේ ඉහලම නව කතාව ලෙසද හඳුන්වයි. 1998 දී ඇමරිකානු කතෘ මණ්ඩලය මෙම කෘතිය 20 වන ශත වර්ෂයේ හොඳම ඇමරිකානු නව කතාව ලෙසද එම කාල පරිච්චේදයේ දෙවනුවට හොඳම ඉංග්‍රීසි කෘතිය ලෙසද හඳුන්වන ලදී. 

Notes සංස්කරණය

References සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=The_Great_Gatsby&oldid=366274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි