රෝග වළක්වා ගැනීම සංස්කරණය

පළමුවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට HLA ජාන හා සම්බන්ධ ප්‍රවේනි ගත බලපෑමක් ඇත. තවද, හඳුනා නොගත් පාරිසරික සාධක (ඇතැම් ආසාදන) සහ පාලනය නොකළ ස්වාභාවිකවම ඇතිවන ප්‍රතිශක්ති ප්‍රතිචාර මගින් ඉන්සියුලින් නිෂ්පාදනය කරන බීටා සෛල විනාශ කරයි. ඇතැම් සමීක්ෂණ වලට අනුව පෙනී ගො‍ස් ඇත්තේ මව් කිරීදීම මගින් මෙකී අවධානම අඩුවන බවයි. වෙනත් පෝෂණය හා සම්බන්ධ අවධානම් සාධක පිළිබදව අධ්‍යනය කළද ඒ සඳහා පැහැදිලි සාක්ෂි සො‍යාගෙන නොමැත. කුඩා ළමුන්ට ඔවුන් ඉපදී පළමු වසර තුළ විටමින් D 2000IU ප්‍රමාණයක් ලබාදීම මගින් පළමු වන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවධානම අඩුවේ.

ස්වභාවිකවම දියවැඩියාව ඇති වීම සඳහා ප්‍රතිදේහ සිරුර තුළ අන්තර් ගත නමුත් දියවැඩියා රෝග ලක්ෂණ නොමැති කුඩා ළමුන්ට විටමින් B – 3 (Niacin) ලබාදීමේදි සාමාන්‍ය ජනගහනයකට වඩා වසර 7 ක ජීවිත කාලයක් තුළ දියවැඩියාව ඇති වීමේ අවධානය අඩකින් අඩුවී ඇත.

දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවධානම ආහාර රටාවේ වෙනස් වීම් සහ ශාරීරික ක්‍රියාකාරිත්වයන් කෙරෙහි වැඩිපුර නියුතු වීමෙන් අඩුකර ගත හැකිය. ඇමරිකානු දියවැඩියා සංගමය අනුමත කරන ආකාරයට සෞඛ්‍ය සම්පන්න දේහ ස්කන්ධයක් පවත්වා ගැනීමෙන්, අවම වශයෙන් සතියකට පැය 2 1/2 ක ව්‍යායාමයක් ලබාගැනීමෙන් (වේගවත්ව ඇවිදීමෙහි යෙදීමද ප්‍රමාණවත්ය), මධ්‍යම ප්‍රමාණයෙන් මේද අන්තර්ගත ආහාර ගැනීමෙන් සහ ප්‍රශස්ථ මට්ටමකින් සිරුරට තන්තු වර්ග ලබාගැනීමෙන් රෝගයෙහි අවධානම අඩුකර ගත හැකිය. ඇමරිකානු දියවැඩියා සංගමය මධ්‍යසාර පරිභෝජනයට ගැනීම රෝග වළක්වා ගැනීමේ ක්‍රමෝපායක් ලෙස අනුමත නොකරයි. නමුත් මධ්‍යම ප්‍රමාණයෙන් මධ්‍යසාර පරිභෝජනයට ගැනීම එහි අවධානම අඩු කරයි නමුත් ඉතා අධිකව මධ්‍යසාර භාවිතා කිරීමෙන් සිරුරෙහි විවිධ පද්ධතීන් කෙරෙහි හානිදායක බලපෑම් එල්ල කරයි. රුධිර සීනි දර්ශකය අඩු ආහාර පරිභෝජනය කිරීම මගින් රෝගය කෙරෙහි වාසි දායක බලපෑම් එල්ල කරන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

ඇතැම් අධ්‍යයනයන්ට අනුව පෙනීගොස් ඇත්තේ දියවැඩියාව ඇති වීමට වැඩි වධානමක් ඇති පුද්ගලයන් හට පුර්වව මෙට්ෆෝමීන්, රෝසිග්ලිටසෝන් හෝ වැල්සාටන් වැනි ඖෂධ ලබාදීම මගින් රෝගය ප්‍රගමනය වීමේ වේගය අඩාල වන බවයි. හයිඩ්‍රෝක්සි ක්ලෝරෝක්වීන් යොදා ගනිමින් ප්‍රතිකාර කරන රුමටොයිඩ් සන්දි ප්‍රදාහය ඇති රෝගීන් හට දියවැඩියාව ඇති වීමේ අවධානම 77% කින් අඩුවේ. මවුකිරි දීම මගින් දෙවන වර්ගයේ දියවැඩියාව මව්වරුන්ට ඇති වීමේ අවධානම අඩු කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=Prevention&oldid=464246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි