ජනගහනය මත පදනම්ව සෞඛ්‍ය කළමණාකරණය සංස්කරණය

වසංගතවේදය පිළිබදව වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඒ පිළිබදව සිදු කළ අධීක්ෂණයන්හි ප්‍රතිඵලයක් වශයෙන් ජනගහනය මත පදනම්ව සිදු කරන සෞඛ්‍ය කළමණාකාරිත්වය ඇති වීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදුණි.

ජනගහනය මත පදනම්ව කරන සෞඛ්‍ය කළමණාකාරිත්වය මගින් ,

  • ඉලක්ක ජනගහනයක සෞඛ්‍ය අවශ්‍යතා සහ සෞඛ්‍ය තත්වය තක්සේරු කිරීමට
  • එම ජනගහනයෙහි සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කර ගැනීම සදහා අතර මැදි වැඩ සටහන් ඇති කිරීමට සහ
  • ප්‍රජාවෙහි සංස්කෘතිමය සහ සෞඛ්‍ය පිළිබදව වූ සම්පත් අනුව යමින් එකී ජනගහනයෙහි සාමාජිකයන් හට කාර්යක්ෂම සහ සුක්ෂම ලෙස සේවාවන් සැපයීම සිදුකළ හැකිය. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

නූතන ජනගහනය මත පදනම්ව සිදුකරන සෞඛ්‍ය කළමණාකාරිත්වය ඉතා සංකිර්ණ වූවකි. ඒ සදහා වසංගතවේදය පිළිබදව ප්‍රායෝගික දැනුම සහ අධීක්ෂණය කිරීමේ හැකියාව ඉතා වැදගත් වේ. (වෛද්‍ය විද්‍යාත්මක, දේශපාලනික, කාර්මික සහ ගණිතය පිළිබදව ඇති දැනුම ඉතාවැදගත්ය) එමගින් ඵලදායී සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනගහනය වෙත සැපයීමට හැකිය. මෙම කර්තව්‍ය සදහා නූතන අවධානම් කළමණාකාරිත්වය පිළිබදව දුරදක්නා දෘෂ්ටියක් සහ මරණ අනුපාතය පිළිබද සංඛ්‍යාන දත්තවල සිදුවීම සහ ව්‍යාප්තිය පිළිබදව දැනීමක් නූතන ජනගහනය මත පදනම් වූ සෞඛ්‍ය අවශ්‍යතාවයන් කලමණාකාරිත්වය සදහා අත්‍යවශ්‍ය වේ. තවද මෙමගින් අනාගතයේදී ජනගහනය තුළ ඇති වූයේයැයි අනුමාන කළ හැකි සෞඛ්‍ය ගැටළු පිළිබදව යහපත් ප්‍රතිචාර දැක්වීමට සහ නිසි පරිදි කළමණාකරණය කිරීමට හැකියාව ලැබේ.

මෙලෙස ජනගහනය මත පදනම්ව සෞඛ්‍ය කළමණාකාරිත්වය සිදුකරන සහ එහි කර්තව්‍යයන් මගින් වසංගතවේදය පිළිබදව ප්‍රායෝගික ප්‍රතිඵල ලබාගන්නා සංවිධාන වනුයේ Canadian Strategy for Cancer Control , Health Canada Tobacco Control Programs , Rick Hansen Foundation සහ Control Research Initiative ය.

මෙම සංවිධාන මගින් අවධානමට ලක් වූ ජීවිත පිළිබදව ජනගහනය මත පදනම් වූ සෞඛ්‍ය කළමණාකාරිත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ජන ගහන විද්‍යාව, සෞඛ්‍ය ඒජන්සි මෙහෙයුම් පර්යේෂණ සහ ආර්ථික විද්‍යාව පිළිබද දැනුම ප්‍රමාණාත්මක ලෙස දත්ත අධීක්ෂණය කිරීමේදී යොදා ගනී.

  • ජනගහයෙහි ජීවිත කෙරෙහි ඇති බලපෑම පිළිබදව අධ්‍යයනය කිරීම : ජනගහනයෙහි අළුතෙන් ඇති වන රෝග තත්වයන් ඒවායේ ව්‍යාප්තිය , අඩු වයසකදී සිදුවන මරණ සංඛ්‍යාව සහ ආබාධිත තත්වය හා මරණය මගින් ජීවිතකාලයෙන් අහිමිවන වසර සංඛ්‍යාව පිළිබදව අධ්‍යයනය කිරීම මගින් අනාගතයේදී රෝග තත්වයන් මගින් ජනගහනය වෙත ඇති කරන බලපෑම පිළිබදව අවබෝධයක් ලබාගැනීම.
  • ශ්‍රම බලකාය මගින් ජීවිතයට ඇති වන බලපෑම අධ්‍යයනය කිරීම : මෙහිදීද ශ්‍රමබලකායෙහි අළුතෙන් ඇති වන රෝග තත්වයන් ඒවායේ ව්‍යාප්තිය, අඩු වයසකදී සිදුවන මරණ සංඛ්‍යාව සහ ආබාධිත තත්වය හා මරණය මගින් ජීවිත කාලයෙන් අහිමි වන වසර සංඛ්‍යාව පිළිබදව සොයා බැලේ.
  • රෝග මගින් ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබදව සොයා බැලීම : මෙමගින් අනාගතයේදී ඇති විය හැකි රෝග තත්වයන් මගින් පෞද්ගලික අංශයෙහි ආදායම් මාර්ග කෙරෙහි ඇති කරන ලබපෑම් පිළිබදව සොයා බැලීම් සිදු කරනු ලබයි. (වේතන, සෞඛ්‍ය සේවාවන් සැපයීම සදහා සිදුවන වියදම් සහ අනෙකුත් වියදම්)
"https://si.wikipedia.org/w/index.php?title=Population-based_health_management&oldid=92902" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි