යෙදීම් සහ අරමුණු සංස්කරණය

පරාමිතික නොවන ක්‍රමවේදයන් (non-parametric methods) විශේෂයෙන්ම භාවිත කරනු ලබන්නේ,ශ්‍රේණිගත කරන ලද (ranked) සංගහන (population) අධ්‍යයනය කිරීම සඳහායි.ශ්‍රේණිගත කරන ලද නමුත් පැහැදිලි සංඛ්‍යානාත්මක අගයන් නොමැති වූ දත්තයන් ඇති විට දී මෙම ක්‍රමවේදයන් බහුල ලෙස භාවිතයට ගනු ලැබේ.උදාහරණයක් ලෙස යම් දෙයක් සඳහා වූ වැඩි කැමැත්තක් තක්සේරු ගත කිරීමට යන අවස්ථාවක් සැළකිල්ලට ගත හැක.

විශේෂයෙන් මෙම ක්‍රමවේදයන්හිදී අවම උපකල්පන භාවිතා කරනු ලබන නිසා පරාමිතික ක්‍රමවේද වලට වඩා මෙම ක්‍රමවේද වල උපයෝගීතාව බෙහෙවින් වැඩිය.

මෙම ක්‍රමවේද වල භාවිතය සඳහා තවත් සාධකයක් ලෙස ගත හැක්කේ, ඒවායේ ඇති සරල බවයි.සමහර අවස්ථාවන්හිදී පරාමිතික ක්‍රමවේද වල භාවිතය සාධාරණ වුනත්, ඒ සඳහාම යොදා ගත හැකි පරාමිතික නොවන ක්‍රමවේදයන් භාවිත කිරීම වඩාත් පහසු විය හැකිය.මේ හේතු නිසාවෙන් සංඛ්‍යානඥායන් විසින් මෙම ක්‍රමවේදයන් අනිසි භාවිතයන් සහ වරදවා වටහා ගැනීම් සඳහා අවම ඉඩ කඩ ඇති ක්‍රමවේදයන් ලෙස හඳුන්වා දී තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=Non_parametric_statistics&oldid=141460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි