NFkB සංඥා පථය සෛලීය ක්‍රියාකාරීත්වයන් රාශියකදි සක්‍රියව දායක වන, විශේෂයෙන් ප්‍රතිශක්ති ප්‍රතිචාර ජනනය සම්බන්ධයෙන් වැදගත් ජාන පිටපත්කාරකයකි (transcription factor). NFkB සංඥා පථය සක්‍රීය වීමට මූලික ප්‍රෝටීන 3 ක් අවශ්‍ය වේ. NFkB, NFkB නිෂේධකය (IkB) සහ IkB කයිනේස් සංකීර්ණය (IKK) යනුවෙනි. අක්‍රිය NFkB නිශේධකය හා බද්ධ වී (NFkB:IkB) ස්තායි තත්වයක පවති. මෙනිසාම NFkB න්‍යෂ්ටිය වෙත පරිසංක්‍රමණයද නැවතී, සෛල ප්ලාස්මය තුල රඳවා ගැනේ. ඉහල පෙල සංඥා හේතුවෙන් IKK සක්‍රිය වී, IkB නිශේධකය ෆොස්පේට් කාණ්ඩයක් එක් කිරීම මගින් E3 ලයිගේස හරහා යුබික්විටීකරණයට (ubiquitilation) ලක්වේ. යුබික්විටීකරණයට ලක්වූ IkB, 26S ප්‍රෝටියෝසෝමය මගින් හායනයට ලක් කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=NFkB_සඥා_පථය&oldid=472328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි