වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිරූපණ ක්‍රම ලබාදීමේ සේවාව

(Medical imaging service වෙතින් යළි-යොමු කරන ලදි)

මෙය වෛද්‍ය උපකරණවලින් ලබාදෙන සේවාවෙහි විශේෂ ක්ෂේත්‍රයක් වන අතර එය ජෛව වෛද්‍ය ක්ෂේත්‍රවලින් වෙන් වේ. නමුත් ඔවුන්ගේම සේවා කණ්ඩායම් සහිත රෝහල්වල ද එය ජෛව වෛද්‍ය දෙපාර්තමේන්තුවට අන්තර්ගත කර ඇත.

එක් අවස්ථාවකදී මෙම ක්ෂේත්‍රය පිළිබදව පුහුණුවක් ලබාගැනීමට ක්‍රම දෙකක් පමණක් තිබුණි. ඒවා වනුයේ හමුදා සේවයේදී ලබාගන්නා පුහුණුව සහ නිෂ්පාදකයාගෙන් රැකියා පුහුණුවේදී ලබාගන්නා දැනුම. නමුත් 1980 සිට විවිධ ස්වාධීන පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කළ අතර එවන් එක් පාසලක් වූයේ RSTI

මෙම ක්ෂේත්‍රයෙහි විවිධ රැකියා අවස්ථාවන් පවතී. ඒවා නම් නිෂ්පාදකයන්ගේ සේවා සපයන්නකු ලෙස , රෝහල්වල සහ ස්වාධීනව සේවා සපයන්නකු ලෙස රැකියාවෙහි යෙදීමයි. නමුත් වඩාත්ම ස්ථාවර අවස්ථාව වනුයේ නිෂ්පාදකයන්ගේ සේවා සපයන්නකු ලෙසින් හෝ රෝහල්වල රැකියාවෙහි යෙදීමයි. එසේ වන්නේ එමගින් දිගින් දිගටම අදාල ක්ෂේත්‍රය පිළිබදව පුහුණුවක් ලබා ගැනීමට හැකියාව ලැබීම සහ එමගින් රැකියා ස්ථානයෙහි මනා සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට හැකිවීමයි.

නිෂ්පාදකයන්ගේ සේවා සපයන්නකු ලෙස ක්‍රියා කරන ඉන්ජිනේරුවරයෙකුට රැකියා කරන අවස්ථාවලදී එක් ස්ථානයක සිට තවත් ස්ථාන කිහිපයක සේවා සැපයිය හැකි අතර සම්මත නොවූ හෝරාවන්වල ද සේවා සැපයිය හැකිය. ඔවුන් වඩාත් හොද පාරිභෝගික සේවාවන් සහ සම්බන්ධතාවයන් ලබාදීම සදහා එම උපකරණ නඩත්තු කිරීම, කොටස් ඉවත් කර අළුතින් කොටස් සවිකිරීම, අළුත් වැඩියා කිරීම, අංකනය කිරීම සහ නඩත්තු කිරීම සිදු කරනු ලබයි. තවද වාර්ෂිකව අදාල උපකරණයෙහි විකිරණ ප්‍රභවය පිළිබදව පරීක්ෂා කර අදාල රජයට වාර්තා කළ යුතු වේ.

රෝහල්වල සේවයට යොදා ඇති විකිරණවේදීන් හට විශාල වශයෙන් වෛද්‍ය පහසුකම් ලබාදී ඇත. අවශ්‍ය සේවාවන් සැපයීම සදහා ඔවුනට රෝහල්වලට සහ වෙනත් ස්ථානයන් වෙත ගමන් කිරීම අවශ්‍ය වේ. ඔවුන් ද වාර්ෂිකව විකිරණ ප්‍රභවය පිළිබදව පරීක්ෂා කළ යුතු වේ. නිෂ්පාදකයන්ගේ සේවා සපයන්නකු හෝ ස්වාධීන සේවා සපයන්නකු මිළදී ගත් උපකරණ සම්බන්ධ කිරීම සහ සවිකිරීම සිදු කරනු ලබයි.

ස්වාධීනව සේවා සපයන්නකු සාමාන්‍යයෙන් නිෂ්පාදකයෙකුගේ සේවා සපයන්නකු ලෙස සේවය කර ඉන් ඉවත්ව තමාගේම සේවා සපයන ව්‍යාපාරයක් ආරම්භ කළ පුද්ගලයෙකි. ස්වාධීන වශයෙන් මෙම ක්ෂේත්‍රයෙහි රදා පැවතීම අසීරු එකක් වන අතර එය සදහා වැඩි ප්‍රමාණයක් මුදල් වැය කිරීමට ද සිදු වේ. එසේ වන්නේ නිෂ්පාදකයන්ගේ සේවා සපයන්නන් විසින් ඔවුනට පුහුණුව ලබාදීමට පසුබටවන හෙයිනි. කෙසේ නමුත් ඔවුනට ඊට අමතරව පුහුණුව ලබාගැනීමේ පහසුව පවතී. මෙම ක්ෂේත්‍රයෙහි අතිශය තරගකාරී තත්ත්වයක් පවතී. නිෂ්පාදකයන්ගේ සේවා සපයන්නන් ඔවුන්ගේ සේවාවන් ලබාගැනීමට රෝහල්වලින් හෝ සායනවලින් පසුබට වීමක් පෙන්නුම් කරයි නම් තමාගේ උපකරණවල මිල ගණන් පහත දැමීමක් ඔවුන් විසින් සිදු කරනු ලබති.

ස්වාධීන සේවා සපයන්නකු හට නැවත සකස් කරන ලද උපකරණ විකිණීමට හෝ සම්බන්ධ කිරීම සිදු කළ හැකිය. ඔවුන් විසින් ඒවා අළුත් වැඩියා කිරීම, අංකනය කිරීම හා නඩත්තු කිරීම සිදු කරනු ලබති. ප්‍රතිරූපණ සේවාවන් ලබාදීමේදී සැපයිය යුතු අවශ්‍යතාවයන් සදහා විශේෂ උපකරණ සහ වැඩි මුදලක් වැය කිරීමට සිදු වන අතර එය ස්වාධීන සේවා සපයන්නකු හට ආර්ථික වශයෙන් සීමා සැපයිය හැකිය. සාමාන්‍යයෙන් භාවිතා කරන උපකරණ වනුයේ ගබඩා දෝල නේක්ෂය සහ මල්ටිමීටරයයි. අමතර උපකරණ වනුයේ KEITHLEY DOSIMETER , MAPS METER , BIDDLE CONTACT TACHOMETER සහ LIGHT TO RADIATION ය.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Medical_imaging#Medical_imaging_service