අධි ශාරීරික උෂ්ණත්වය

සංස්කරණය

Heat stroke හෝ Sunstroke යනු අධි ශාරීරික උෂ්ණත්වය යන්නෙහි වඩාත් ඔබ්බට ගිය අංගයකි. මෙය සිරුරෙන් පහකළ හැකි ප්‍රමාණයට වඩා වැඩි තාප ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් හෝ අවශෝෂණය කිරීමෙන් ඇති වේ. මෙය සාමාන්‍යයෙන් සිදු වනුයේ තාපයට අධික වශයෙන් නිරාවරණය වීමෙනි. සිරුරෙහි තාපය යාමනය කිරීමේ ක්‍රියාකාරිත්වය මෙහිදී අවසාන වශයෙන් යටපත් වන අතර එයට තාපය ඵලදායීලෙස පාලනය කිරීමට නොහැකි වී සිරුරෙහි උෂ්ණත්වය පාලනය කළ නොහැකි අන්දමට ඉහළ යයි. මෙය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි.

ඖෂධ හෝ වෛද්‍ය උපකරණ මගින් සිරුරෙහි අධික උෂ්ණත්වය ඇති කළ හැකිය. මෙම ක්‍රියාකාරිත්වයන් පිළිකාවන් සහ වෙනත් තත්ත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. ඇතැම් වර්ගවල නිර්වින්දනය කිරීම්වලදී අධික වශයෙන් සිරුරෙහි උෂ්ණත්වය ඇති වීම දුලබ සංකූලතාවයකි.

අධිශාරීරික උෂ්ණත්වයේදී විරුද්ධ අංගය වනුයේ අව ශාරීරික උෂ්ණත්වයයි. මෙහිදී ජිවියෙකුගේ දේහ උෂ්ණත්වය සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයන් සිදු කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා පහල බසී.


රෝග ලක්ෂණ

සංස්කරණය

සිරුර මගින් සිදු කර ගනු ලබන උෂ්ණත්ව පාලනය කිරීමේ වඩාත් වැදගත් ක්‍රියාකාරකමක් වනුයේ දහඩිය දැමීමයි. මෙම ක්‍රියාවලිය මගින් සිරුර අභ්‍යන්තරයෙන් උෂ්ණත්වය අවශෝෂණය කර ගෙන එය තාප විකිරණ හෝ සංවහණය මගින් පිටකර හරී. දහඩිය වාෂ්ප වීම මගින් තව දුරටත් සිරුර සිසිල් කරනු ලබයි. එසේ වනුයේ මෙම සිරුර අභ්‍යන්තරයේ සිදු වන ක්‍රියාකාරිත්වය මගින් සිරුරෙන් තවදුරටත් තාපය බැහැර කරන බැවිනි. මෙම ක්‍රියාකාරිත්වයන් මගින් සිරුර ප්‍රමාණාත්මකව විජලනය වූ පසු දහඩිය නිෂ්පාදනය වළක්වා ගැනීම පිණිස ඉහත සදහන් කළ පරිදි සිරුරෙන් උෂ්ණත්වය බැහැර කිරීම නවතී. සි‍රුරෙන් තව දුරටත් දහඩිය පිට කිරීමට හැකියාවක් නොමති වූ අවස්ථාවලදී සිරු‍ර අභ්‍යන්තරයෙහි උෂ්ණත්වය ඉතා සීඝ්‍රයෙන් ඉහළයයි.

මෙම අවස්ථාවන්වලදී අදාල පුද්ගලයා සිහි විකල් වන අතර ඔහු ආක්‍රමණ ශීලිමත් වූ පුද්ගලයෙකු වන අතර එවිට බෙහෝ අවස්ථාවන් වලදී හිස රදයක් ද ඇති වේ. අදාල පුද්ගලයා එකවරම හිටගත හොත් විජලනය නිසා රුධිර පීඩනය පහළයාම හේතුවෙන් කර කැවිල්ල ඇතිවීම හෝ සිහි නැති වීම සිදු වේ. රුධිර පීඩනය පහලයත්ම සිරුරට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබාදීමට හෘදය වස්තුව දරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හෘද ස්පන්ධන වේගය සහ ශ්වසන වේගය ඉහළ යයි. රුධිරවාහිණී විස්තාරණය වී සිරුර අභ්‍යන්තරයෙන් තාපය ඉවත් කිරීමට ගන්නා ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සම රතුපැහැ වීමක් සිදු වේ. මෙලෙස රුධිර පීඩනය පහළ වැටීමෙන් රුධිරවාහිණි සංකෝචනය වීම හේතුවෙන් ඉහතින් සදහන් කරන ලද Heat Stroke නම් තත්ත්වය ඇති වන අතර එමගින් අවපැහැ ගැන්වූ හෝ නිල් පැහැති සමේ වර්ණයක් ඇති වේ. අධික ලෙස උෂ්ණත්වය දමීම පසු අවස්ථාවකදී උණ ඇති වු විටකදී මෙන් සීතල ඇති වීමක් හා වෙ‍ව්ලීමක් සිදු වේ. විශේෂයෙන්ම කුඩා ළමුන් වැනි ඇතැම් රෝගීන්ට මෙහිදී වලිප්පුව ඇති වේ. ක්ෂණිකව විජලනයට ලක්වී සිරුරෙහි උෂ්ණත්වය ඉහළයාමෙන් වමනය, ඔක්කාරය හා ඇතැම් අවස්ථාවලදී තාවකාලිකව අන්ධතාවය ද ඇති විය හැකිය. අවසානයේදී සිරුරෙහි අවයව අකර්මණ්‍ය වීමත් සමගම සිහි නැතිවීම හා කෝමා තත්ත්වය ඇති වේ.

ඇතැම් ඉතා දුලබ අවස්ථාවලදී ප්‍රමාණවත් තරම් අධික උෂ්ණත්වයක් සිරුරෙහි නොතිබුණ ද ඇතැම් රෝගීන් ඉහත කී රෝග ලක්ෂණ පෙන්නුම් කරති.


ප්‍රථමාධාර

සංස්කරණය

මෙය වහා රෝහල් ගත වීමක් අවශ්‍ය හදිසි තත්ත්වයක් වන අතර ඉතා ක්ෂණයකින් දේශීය හදිසි අනතුරු අංශයට දැනුම් දීමක් කළ යුතුය. සිරුරෙහි උෂ්ණත්වය ක්ෂණයකින් පහත දැමීමක් සිදු කළ යුතුය. අදාල රෝගියා ගෘහස්ත හෝ සෙවන ඇති ස්ථානයක් වැනි සිසිල් ප්‍රදේශයකට රැගෙන යායුතු අතර උෂ්ණත්වය බැහැර වීම වැඩි කිරීම පිණිස ඇදුම් ඉවත් කළ යුතුය. මෙමගින් අක්‍රීය වශයෙන් සිසිල් වීමක් සිදු වේ. ඉන්පසුව සක්‍රීයව සිරුර සිසිල් කිරීමේ ක්‍රම අනුගමනය කළ යුතුය. අදාල පුද්ගලයා සිසිල් ජලයෙන් නෑවීම මගින් මෙය සිදු කරගත හැකිය. කෙසේ නමුත් රෝගියා තෙත‍ තුවා හෝ රෙදි වලින් එතීම මගින් ඒවා තාප පරිවාහකයන් ලෙස ක්‍රියාකර සිරුරෙහි උෂ්ණත්වය වැඩිකිරීමක් සිදු විය හැකිය. සිරුරෙහි කද කොටස, හිස‍, බෙල්ල සහ ඉකිලි ප්‍රදේශයද සිසිල් ජලය යෙදීමෙන් අදාල රෝගියා සිසිල් කළ හැකිය. ජලය වාෂ්ප කිරීම පහසු කිරීම සදහා විදුලි පංකාවක් භාවිතා කළ හැකිය. අයිස්වල හෝ සිසිල් ජලයෙහි රෝගියා ගිල්වීම මගින් සමෙහි රුධිරවාහිණි සංකෝචනය වීමෙන් සිරුර අභ්‍යන්තරයෙන් තාපය ඉවත් වීම වළකින නිසා එය හානිකර විය හැකිය.

අයිස් මෙන් සිසිල් නොමැති නමුත් මද සිසිල් ඇති ජලය සහිත ටැංකියක රෝගියා ගිල්වීම සිරුර සිසිල් කිරීම සදහා පිළිගත් ක්‍රමයයි. මේ සදහා පුද්ගලයන් 4 දෙනකු හෝ 5 දෙනකුගේ උදවු අවශ්‍යවන අතර ප්‍රතිකාරය අවසන් වනතුරුම රෝගියා සමීපව නිරීක්ෂණය කළ යුතුය. මෙම ක්‍රියාවලිය සිහිය නොමැති රෝගියෙකු හට සිදු නොකල යුතු අතර වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් රෝගියා‍ෙග් හිස ජල මට්ට‍මෙන් ඉහළට වන පරිදි පවත්වා ගත යුතුය.

අදාල රෝගියා සජලනය කිරීම සිසිල් කිරීමේ දී වඩාත් වැදගත්ම අංගයයි. මෙය ප්‍රමාණවත් පරිදි දියර පානයට දීමෙන් සිදු කළ හැකිය. වාණිජව ඇති සිරුරෙහි ආස්‍රැතියට සමාන ආස්‍රැතියක් සහිත දියර වර්ග පානයට දීමට ද පිළිවන. ඇතැම් අවස්ථාවලදී හදිසි අනතුරු අංශයේ සේවකයෙකු හැරෙන්නට වෙනත් පුද්ගලයෙකු විසින් මෙලෙස පානීය ද්‍රව්‍යය ලබාදීම අනුමත නොකරයි. අදාල ‍රෝගියා සිහි විකල්ව, සිහි නැතිව හෝ මුඛ මාර්ගයෙන් දියර වර්ග ලබාගැනීමට අපොහොසත් නම් දියරයන් ශිරා ගත කිරීම මගින් රෝගියා සජලනය කරනු ලබයි.

අදාල රෝගියාට මධ්‍යසාර ලබාදීම මගින් තවදුරටත් ඔහු විජලනයට ලක්වන අතර සිහි විකල් බව වැඩිවන බැවින් එය සිදු නොකළ යුතුය. පුහුණු වෛද්‍ය වෘත්තිකයෙකු මගින් ‍රෝගියාගේ තත්ත්වය නිරතුරුවම අධීක්ෂණයට ලක්කළ යුතුය. රෝගියාගේ හෘද ස්පන්ධන වේගය සහ ශ්වසනය නිරතුරුවම අධීක්ෂණයට ලක්කළ යුතු අතර ඔහුගේ හෘදය අක්‍රීය වේනම් කෘතිම ශ්වසනය දීමක් අවශ්‍ය වේ.

රෝගියා‍ෙග් ශ්වසන මාර්ගය ආරක්ෂා කිරීම සදහා ඔහු සුවය ලැබීමේ පිහිටුමෙහි (Recovery Position) තැබිය යුතුය.


http://en.wikipedia.org/wiki/Heat_exhaustion

"https://si.wikipedia.org/w/index.php?title=Hyperthermia&oldid=421593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි