ස්වස්ථතාව

(Hygiene වෙතින් යළි-යොමු කරන ලදි)

ස්වස්ථතාව යනු මනා සෞඛ්‍ය තත්ත්වයක් සහ පිරිසිදු කම පවත්වා ගැනීම සදහා සිදු කරනු ලබන ක්‍රියාකාරකම්ය. සනීපාරක්ෂාව යන විද්‍යාත්මක යෙදුමෙන් විස්තර කරනුයේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගෙන යාමයි. මෙම යෙදුම පෞද්ගලික සනීපාරක්ෂාව, ගෘහස්ත සනීපාරක්ෂාව, දන්ත සනීපාරක්ෂාව සහ වෘත්තීමය සනීපාරක්ෂාව සමග යෙදෙන අතර එය මහජන සෞඛ්‍ය විග්‍රහ කරන අවස්ථාවල දී බහුලවම භාවිතා වේ. සනීපාරක්ෂාව හෙවත් ඉංග්‍රීසියෙන් Hygiene යන වචනය ගොඩනැගී ඇත්තේ සෞඛ්‍ය, පිරිසිදුකම හා සනීපාරක්ෂාව සදහා අධිපතිව විසූ ග්‍රීක දෙවගනක වූ Hygieia ගෙනි. සනීපාරක්ෂාව යනු සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කර ගැනීම පිළිබදව ද හදාරන විද්‍යාවකි. මෙය Hygienics ලෙස ද හැදින්වේ.

Washing one's hands, a form of hygiene, is the most effective overall way to prevent the spread of infectious disease.

මෙයත් බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ස්වස්ථතාව&oldid=249220" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි