HTTP 404
අන්තර්ජාල දෝෂ පණිවිඩයක්
පරිගණක ජාල සන්නිවේදනයේදී HTTP 404, 404 හමු නොවීය, 404, 404 දෝෂය, පිටුව හමු නොවීය හෝ ලිපිගොනුව හමු නොවීය යන දෝෂ පණිවිඩ හයිපර්ටෙක්ස්ට් සන්නිවේදන ප්රොටකෝලයෙහි (HTTP) සම්මත ප්‍රතිචාර කේතවේ. බ්‍රව්සරයට සාර්ථකව සේවාදායකය වෙත සන්නිවේදනය කිරීමට හැකි වූ නමුත් සේවාදායකයාට ඉල්ලූ දෙය සොයා ගැනීමට නොහැකි වීම පැවසීමට භාවිත කරයි. සේවාදායකයකුගෙන් ඉල්ලූ තොරතුරු හෙළි කිරීමට අකමැති වූ විට ද මෙම දෝෂය ඉදිරිපත් කරනු ඇත.[1]
සාමාන්‍යයෙන් පරිශීලකයෙකු කැඩුණු හෝ මිය ගිය සම්බන්ධකයක් අනුගමනය කිරීමට උත්සාහ කරන විට වෙබ් අඩවි සැපයුම් සේවාදායකය විසින් මෙම 404 දෝෂ වෙබ් පිටුවක් උත්පාදනය කරයි; එම නිසා විශ්ව විසිරි වියමන තුල ඉතාමත් වැඩියෙන් දැකගත හැකි දෝෂය මෙය වේ.
මේවා ද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "RFC 7231, HTTP/1.1 Semantics and Content, Section 6.5.4 404 Not Found". ietf.org. June 2014. සම්ප්‍රවේශය 2018-12-13.