Google Summer of Code

විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් වාර්ශිකව පැවත්වෙන වැඩසටහනක්

Google Summer of Code (GSoC) ජාත්‍යන්තර වාර්ෂික වැඩසටහන පළමු වරට 2005 මැයි සිට අගෝස්තු දක්වා පැවත් වුනි. මෙම වැඩසටහනෙදි තම ව්‍යාපෘතිය නිදහස් හා විවෘත මූලාශ්ර මෘදුකාංග බාවිතයෙන් කේතනය කොට සාර්ථකව නිම කරන සිසුන් හට Google සමාගම විසින් සම්මාන දීමනාවක් ලෙස (ඇමරිකානු $ .5,500 ක, 2016 වන විට) පිරිනැමීම සිදු කරයි. මෙම වැඩසටහන වයස අවුරුදු 18 හෝ ඊට වැඩි වයස් විශ්වවිද්යාල සිසුන් සඳහා විවෘත වේ. 2016 වන විට

Google Summer of Code අදහස ඉදිරිපත් කරන ලද්දෙ Google සමාගමෙ නිර්මාතෘන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් විසිනි. 2007 සිට 2009 වන තෙක් මෙම වැඩසටහන කළමනාකරනය කරන ලද්දෙ, 2006 වසරේ සිට මෙයට සම්බන්ද වු ලෙස්ලි හොතොර්න් විසිනි. 2010 සිට 2015 දක්වා කැරොල් ස්මිත් හටද, 2016 දී ස්ටෙෆනි ටේලර් හටද මෙම වැඩසටහනනෙ කළමනාකරිත්වය පවරුනි.

දළ විශ්ලේෂණය සංස්කරණය

අවශ්‍ය සුදුසුකම් සැපිරු සිසුන්ට, තමා වැඩ කිරීමට කැමති මෘදුකාංග කේතන ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් 5ක් මෙම වැඩසටහන වෙත ඉදිරිපත් කිරීමට පුලුවන. මෙම අයදුම්පත් පසුව අදාල උපදේශක සංවිධානය විසින් ඇගයීමට ලක් කරයි. සෑම සංවිධානයක් විසින්ම තමන්ට ලැබුණු ව්‍යාපෘති යෝජනා සඳහා උපදේශකයන් නම් කළ යුතු වෙ. මෙම උපදේශකයින් සංවිධානයට ලැබුණු අයදුම්පත් ශ්‍රේණි ගත කර සුදුසු යෝජනාවන් අනුමත කරයි. පසුව Google සමාගම විසින් මෙම සංවිධාන වෙත ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව සලකා බලා එමසංවිධානට ලැබිය යුතු ව්‍යාපෘති ගනණ තීරණය කරයි. 

කිසි‍යම් සිසුවෙකු එකකට වඩා වැඩි සංවිධාන තුල සලුකුණු වෙ ඇත්නම් , Google සමාගම මැදිහත්වි එම සිසුවා ඇතුලත් විය යුතු සංවිධානය තීරනය කරයි. අනිත් උපදේශක සංවිධානය එම සිසුවා ඉවත් කර නව ව්‍යාපෘති යෝජනවක් සඳහා අනුමතිය ලබගැනිම හෝ එම අවස්ථාව අනිත් සංවිධාන වලට ලබා දේ.

Google සමාගම විසින් 2005-2016 කාල පරිච්ජේදයට අදාලව ප්‍රකාශ කරන ලද විශිශ්ට පසල් 15 පහත පරිදි වේ.

Rank School Country # of accepted students, 2005–2016
1 International Institute of Information Technology, Hyderabad India 252
2 University of Moratuwa Sri Lanka 320
3 University POLITEHNICA of Bucharest Romania 155
4 Birla Institute of Technology and Science, Pilani - Goa campus India 110
5 Birla Institute of Technology and Science, Pilani - Pilani campus India 116
6 Indian Institutes of Technology, Bombay India 75
7 Indian Institutes of Technology, Kharagpur India 92
8 Indian Institutes of Technology, Roorkee India 57
9 Indraprastha Institute of Information Technology Delhi India 33
11 Indian Institute of Technology Guwahati India 38
12 University of Buea Cameroon 26
13 Delhi Technological University India 60
14 Indian Institute of Technology (BHU) Varanasi India 37
15 TU Munich Germany 45

යොමු සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=Google_Summer_of_Code&oldid=389624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි