පැලෑටි වර්ගී කරණය

(Flora Flora classifications වෙතින් යළි-යොමු කරන ලදි)

ශාක වර්ග නොයෙකුත් පැලෑටි වර්ග බවට ඔවුන් බිහිවන ප්‍රදේශය, කාලසීමාව, විශේෂ පරිසරය හෝ දේශ ගුණය අනුව වර්ගි කරණයට ලක්කොට ඇත. ඒව‍ා ඇති වන ප්‍රදේශ භූගෝල විද්‍යාත්මකව පැහැදිලි වාසස්ථාන බවට හදුනා ගෙන ඇති අතර ඒවා කඳු ප්‍රදේශ හෝ තැනිතලා භූමියක් විය හැකිය. පැලෑටි වර්ග ඓතිහාසික යුගවලදී පැවති පොසිල ශාක වර්ගද විය හැකිය. පැලෑටි වර්ග ඒවා ඇති වන විශේෂ පරිසරය අනුව නවතත් වර්ගීකරණය කල හැකිය.

• ආවෙනික පැලෑටි - යම්කිසි ප්‍රදේශයකට ආවේනික දේශිය ශාක වර්ග • කෘෂි කර්මික සහ උද්‍යාන පැලෑටි - මිනිසා විසින් සිතා මතා වගා කරනු ලබන ශාක වර්ග • වල් පැලෑටි - සාම්ප්‍රදායික වශයෙන් මෙම වර්ගිකරණය වලංගු වන්නේ වගා කරනු ලබන බෝගයට අනවශ්‍ය ලෙස වර්ධනය වන විනාශයට පත් කර දැමිය යුතු පැලෑටි වර්ගයි. නූතනයේදී මෙම යෙදුම ශාක වර්ගිකරණය කිරීම සඳහා ඉතා අවම වශයෙන් භාවිතා කරනු ලබන්නේ ඒ සඳහා විවිධ වර්ග තුනක ශාක වර්ග අන්තර්ගත වන බැවිනි. ඒවා නම් වල් විශේෂ හා ආක්‍රමණ ශීලි විශේෂයි. (මේවා වල් පැලෑටි විය හැකි හෝ නොවිය හැකිය) අනෙක නම් ආවේනික සහ හදුන්වාදෙනු ලැබු වල් විශේෂ නොවන කෘෂිකාර්මික වශයෙන් වැදගත් කමක් නොමැති විශේෂයි. පෙර අවස්ථා වලදී වල් පැලෑටි ලෙස හඳුන්වනු ලැබු බොහෝ ආවේනික ශාක පැලෑටි විවිධ පරිසර පද්ධති සඳහා අවශ්‍ය සහ වාසි දායක බවට හඳුනාගෙන ඇත.

බැක්ටිරියා විශේෂද ඇතැම් අවස්ථාවන්හි දී ශාක ගණයට අන්තර්ගත කොට ඇත. ඇතැම් අවස්ථා වලදී බැක්ටීරියා වර්ග සහ ශාක වර්ග වෙන්වෙන්ව භාවිතයට ගැනේ.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Flora#Flora_classifications

"https://si.wikipedia.org/w/index.php?title=පැලෑටි_වර්ගී_කරණය&oldid=468977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි