Diabetes - Genetics
ප්‍රවේනිය
සංස්කරණයපළමු වර්ගයේ සහ දෙවන වර්ගයේ දිය වැඩියාව සුළු වශයෙන් හෝ ප්‍රවේනි ගත වේ. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇතැම් වෛරස ආසාදන මගින් ඇති විය හැකි අතර සුළුතරයක් මානසික ආතතිය හෝ ඇතැම් රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ වැනි බාහිර සාධක වලද නිරාවරණය වීම මගින් ඇති විය හැකිය. මෙලෙස ඉහති කී සාදක වලට නිරාවරණය වු පසු ඒ ඒ පුද්ගලයන් හට දියවැඩියාව ඇති වීමක් සඳහා හේතු කාරක වන ජානමය කොටසක් අන්තර්ගතය. එය වනුයේ HLA ප්‍රවේනි දර්ශකය. එසේ නමුත් පළමුවන වර්ගයේ දියවැඩියාව ඇති වීම සඳහා බාහිර පරිසරයේම සාධකයක් බලපායි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක විකෘති ජානයක් මගින් ඇති කරන දියවැඩියාව දක්නට ඇත. මෙය Maturity Onset Diabetes of the Young (MODY) නම් වේ.
දෙවන වර්ගයේ දිය වැඩියාව සඳහා වඩාත් ප්‍රබල ආවේනික රටාවක් ඇත. දෙවන වර්ගයේ දියවැඩියාව ඇති ඉතාමත් සමීප ඥාතීන් ඇති පුද්ගලයෙකුට එම වර්ගයේ දියවැඩියාව ඇතිවීම සඳහා වඩාත් වැඩි අවධානමක් ඇත. එලෙස දියවැඩියාව ඇති සමීප ඥාතීන් සංඛ්‍යාව වැඩිවත්ම දියවැඩියාව ඇති වීමේ අවධානමද ඒ හා සමානව ඇති වේ. ඒකාන්ඩජ නිවුන් දරුවන්ගේ මෙලෙස දියවැඩියාව ඇති වීමේ අවධානය සියයට 100 ක් වන අතර දියවැඩියාව ඇති බවට පවුල තුළ ඉතිහාසයක් ඇති පුද්ගලයන්ගේ එය සියට 25 කි. මෙකී පුද්ගලයන්ගේ ජාන තුළ KCNJ 11 නම් ජාන කොටසක් පිහිටා ඇති අතර මෙමගින් අග්න්‍යාශයෙහි අයිලට් (Islet) සෛල වල ATP සඳහා සංවේදී පොටෑසියම් චැනලය සඳහා කේත සපයන අතර එමගින් ග්ලයිකෝජන් වැනි පෙප්ටයිඩ නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රෝග්ලුකෝජන් ජාන සඳහා ද කේත සපයයි. මීට අමතරව දෙවන වර්ගයේ දිය වැඩියාව ඇති කිරීම සඳහා වඩාත් තද බල අවදානම් සාධකයක් වන අධිස්ථුලතාවයද ජාන මගින් උරුමවේ.
Myotonic dystrophy හා Friedreich’s ataxia හා Wolfram’s syndrome වැනි ජාන ගත රෝග වලදී ද දියවැඩියාව ඇති වේ. මෙය ප්‍රධාන වශයෙන් ළමා කාලයේදී පෙන්නුම් කෙරේ. අමිෂ්ට මේහය, දියවැඩියාව, ඇස්පෙනීම දුර්වල වීම සහ ශ්‍රවණාබාධ ඇති වීම ඉහත රෝග වලදී ඇතිවේ.