ප්‍රතිකාර ක්‍රම සහ රෝග පාලනය සංස්කරණය

දියවැඩියාව යනු කාලික රෝගයකි. එය සුවකළ නොහැක. දියවැඩියාව නිසා පසුව කෙ‍ටිකාලීනව සහ දිර්ඝ කාලීනව ඇති වන ගැටළු වළක්වා ගැනීම සදහාත් නිසිකලට නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. මීට අමතරව රෝගියා දැනුවත් කිරීම, නිවැරදි ආහාර රටාවකට පුරුදු වීම, ව්‍යායාම කිරීම සහ තමා විසින්ම නිවසේදී රුධිර සීනි මට්ටම පරීක්ෂා කර ගැනීම මගින් කෙටි කාලීනව සහ දිගු කාලීනව රුධිර සීනි මට්ටම යහපත් මට්ටමක පවත්වා ගැනීමද එකසේ වැදගත් වේ. සුපරික්ෂාකාරී ලෙස රෝග පාලනය කිරීම මගින් දිගු කාලීනව ඇති වන සංකූලතාවයන් හි අවධානම අඩුවේ. මෙය ආහාර රටාව, ව්‍යායාම සහ බර අඩු කර ගැනීම (දෙවන වර්ගයේ දියවැඩියාව සදහා) , විවිධ දියවැඩියා ඖෂධ භාවිතා කිරීම (දෙවන වර්ගයේ දියවැඩියා සදහා) සහ ඉන්සියුලින් භාවිතා කිරීම (පළමු වන වර්ගයේ සහ ඖෂධ සදහා ප්‍රතිචාර නොදක්වන දෙවන වර්ගයේ රෝගීන් සදහා) මගින් සිදුකර ගත හැකිය. මීට අමතරව දිය වැඩියාව මගින් රුධිර සංසරණ පද්ධතියෙහි රෝග ඇති වීමේ අවධානම අඩුවේ. එම නිසා එදිනෙදා දින චර්යාවන්හි වෙනස් කම් ඇති කර ගැනීම අධි රුධිර පීඩනය සහ අධි කොලේස්ටරෝල් පාලනය කර ගැනීම සදහා උපකාරී වේ. තවද ව්‍යායාම් කිරීම, දුම්පානයෙන් වැළකීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පරිභෝජනය කිරීම සහ ඇතැම් අවස්ථා වලදී රුධිර පීඩනය පාලනය කිරීම සදහා විවිධ ඖෂධ භාවිතා කිරීමද නිර්දේශ කෙරේ. බොහෝ පළමු වර්ගයේ දියවැඩියාව සදහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම වලට NPH ඉන්සියුලින් සහ කෘතිමව නිෂ්පාදනය කරන ලද ඉන්සියුලින් වර්ග වන Humalog, Novolog හෝ Apidra භාවිතා කිරීමද එසේත් නැතිනම් Lantus/Levemir සහ Humalog හෝ Novolog සහ Apidra යන ඉන්සියුලීන් වර්ග වල සංකලනයන්ද භාවිතා වේ. පළමු වන වර්ගයේ දියවැඩියාව සදහා අනෙකුත් විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ඉන්සියුලීන් එන්නත් කරන කුඩා පොම්පයක් මගින් අදාල හෝමෝනය ශරීර ගත කිරීමයි. Cozmo, Animas, Medtronic, Minimed සහ Omnipod යනු බහුලවම භාවිතා වන එහි ජනප්‍රියතම වෙළද නාමයන්ය.

එක්සත් රාජධානිය වැනි රටවල දියවැඩියා රෝගීන් සදහා ප්‍රතිකාර ක්‍රම බහුලව ලබාදෙනුයේ රෝහල් වලින් පිටතය. රෝහල් මගින් විශේෂිත ප්‍රතිකාර ලබාදෙන්නේ රෝගයෙහි සංකූලතා ඇති විට, රුධිර සීනි මට්ටම අපහසු වු විට හෝ සමීක්ෂණ අවස්ථාවන්හි දී පමණි. ඇතැම් අවස්ථා වලදී සාමාන්‍ය වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුවන් කණ්ඩායමක් ලෙස රෝගියා සදහා ප්‍රතිකාර ලබාදීමට තම අත්දැකීම් බෙදා ගනිති. අක්ෂි විශේෂඥයින්, පාද රෝග චිකිත්සකයින්, ආහාර වේදීන්, භෞත චිකිත්සකයින්, විශේෂ පුහුණුව ලද හෙදියන් හා අනෙකුත් ඒ පිළිබද පුහුණුව ලද පුද්ගලයන් විසින් සාමුහිකව කණ්ඩායමක් ලෙස ප්‍රතිකාර ලබාදීමේ දී ක්‍රියාකාරී වෙති. සංවර්ධිත රටවල (උදා - ඇමරිකා එක්සත් ජනපදය වැනි) ජනතාව සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී යන වියදම තමාවිසින් දැරිය යුතු අතර එම නිසා ඔවුන් හට දියවැඩියාව වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යන වියදම ඉතා අධික වේ. ලබාගන්නා ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ වලට අමතරව අවම වශයෙන් සති තුනකට හෝ හයකට වරක් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබාගැනීම අවශ්‍ය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=Diabetes_(Treatment_and_management)&oldid=471224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි