CIA අභ්‍යන්තර විමර්ෂණ

CIA ප්‍රධානි විසින් 9/11 ප්‍රහාරය එල්ල වීමට ප්‍රථම CIA හි ක්‍රියාකාරිත්වය පිළිබදව අභ්‍යන්තර විමර්ෂණයක් සිදු කරනු ලැබ ඇත. එයින් ඉතා දැඩිව CIA ජ්‍යෙෂ්ට නිළධාරින්ගේ අකාර්්‍යක්ෂමතාවය විවේචනයට ලක් කරයි. ත්‍රස්තවාදී ප්‍රහාරය ව්‍යවර්ත කිරිම සදහා කළ හැකි සෑම දෙයක්ම කර නොමැති බවත් ඒ අතර 9/11 ගුවන් මංකොල්ලකරැවන් 2ක වන නවාෆ් අල්- හරිම් සහ කලිඩ් අල් ම්දර් ඇමරිකාවට පැමිණෙන විට අත්තඩංගුවට නොගැනීම සහ ඔවුන් පිළිබද තොරතුරැ FBI සමග සන්නිවේදනය නොකර ගැනීම ප්‍රධාන වේ.


2007 මැයි මාසයේ දී ඩිමොක්‍රටික සහ රිපබ්ලිකන් පක්ෂ සෙනට් මන්ත්‍රීවරැන් දෙපිරිසම විසින් කෙටුම්පත් කරන ලද ව්‍යවස්තාවට අනුකූලව CIA පරික්ෂන වාර්තාව විවෘකව ඉදිරිපත් කරන ලදී. මේ ප්‍රයත්නය සදහා දායක වු සෙනට් සභික රොන් වයිඩන් ප්‍රකාශ කර සිටින්නේ " 9/11 ප්‍රහාරයට පෙර ඉතා වැදගත් මාස කිහිපය තුළ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) කරමින් සිටියේ කුමක්ද යන්න පිළීබදව දැන සිටිය යුතු වේ. ........... සාමාන්‍යය ජනතාව මෙය දැන ගන්නා තෙක් මා මෙය නිතර අවධාරණයට ලක් කරමි. මෙම වාර්තාව තුළින් 9/11 ප්‍රහාරය පෙර හා පසු එක් එක් නිළධාරියාගේ වගනීම් පිළිබද අධ්‍යයනය කරයි. මෙම වාර්ථාව 2005 දී අවස්න නළත් අද වන තෙක්ම එය ප්‍රසිදධියට පත්කර නැත.

දිර්ඝකාලීන බලපෑම් ඇ.එ.ජ. හා ලෝක වෙළධපලට මෙම ප්‍රහාරයෙන් දැඩි ආර්ථීක බලපෑමක් ඇති විය. නිව්යෝර්ක් කොටස් වෙළදපළ ( NYSE ), ඇමරිකානු කොටස් වෙළධපළ සහ NASDAQ සැප්තැම්බර් 11 වන දින වසා තැබුණු අතර සැප්තැස්බර් 17 වන තෙක් වසා තබන ලදී. කොටස් වෙළදපොළ නැවත විවෘතකරන විට ,ඩෝව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය (DJIA) කොටස් වෙළද පල 1,369.7 කොටස් ප්‍රමාණයකින් (14.3%) පහළ බැස්සේය. එය සතියක් ඇතුලත පහත වැටුනු විශාලම කොටස් ප්‍රමාණයයි. එම සතිය තුළ කොටස් වෙළදපොළට සිදුවු අලාභය ඇ.ඩොලර් බිලියන් 1.4කි. නිව්යෝර්ක් නගරයේ මසක් තුළ අහිමි වු රැකියා ප්‍රමාණය 430,000කි. ඩොලර් බිලියන 2.8ක් 9/11 ප්‍රහාරයෙන් පසුව මාස තුනක් ඇතුලත අහිමි වු වැටුප් ප්‍රමාණයෙ වටිනාකමයි. ආර්ථික බලපෑම වැඩිපුරම දැනී තිබුනේ නිව්යෝර්ක් නගරයේ අපනයන ආර්ථික අංශය කෙරෙහිය. නිව්යෝර්ක් නගරයේ දළ දේශිය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27.3කින් 2001 පසුගිය මාස තුන සහ 2002 මාස සියල්ල ගුළ කඩා වැටීමකට ලක් විය.



http://en.wikipedia.org/wiki/9/11#Internal_review_of_the_CIA
"https://si.wikipedia.org/w/index.php?title=CIA_අභ්‍යන්තර_විමර්ෂණ&oldid=462073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි