තාරකා විද්‍යා ඉතිහාසයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම කළු කුහරය තමයි Phoenix A* කියන්නේ. මේක තියෙන්නෙ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 5.8 ක් ඈතින් Phoenix තාරකා රාශි පසුබිමේ පවතින Phoenix මණ්දාකිණි පොකුරේ කේන්ද්‍රය තුළයි 💫. එක් ආලෝක වර්ෂයක් කියන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර ට්‍රිලියන 9 ක්. ඉතින් ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් නේද මේ කළු කුහරය කොයි තරම් දුරකින්ද තියෙන්නෙ කියලා😱

ඒ වගේම මෙහි ස්කන්ධය ගැන කතාකලොත්; එය අපේ සූර්යාගේ ස්කන්ධය මෙන් බිලියන 100 ගුණයක පමණ ස්කන්ධයකින් යුතු වෙනවා. ඒවගේම එහි විශාලත්වය ගැන කතාකලොත්; එහි Schwarzschild අරය (කළුකුහරයේ සිද්ධි ක්ෂිතිජයේ අරය) කිලෝමීටර් බිලියන 295ක් පමණ.😯 උදාහරණයකින් කියනවනම් අපේ සූර්යයා කඩල ඇටයක ප්‍රමාණයේ කියල හිතුවොත් Phoenix A* කළු කුහරයේ සිද්ධි ක්ෂිතිජය පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් විශාලයි.

කළුකුහරයක් කියන්නෙ ඉතා ඉහළ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් සහිත වස්තුව කියල ඔයාල මේ වෙද්දි හොඳටම දන්නවා. ඉතින් මේකක සිද්ධි ක්ෂිතිජය කියන්නේ ආලෝක අංශුවකටවත් ගැලවී යා නොහැකි සීමාව. මේ සීමාවෙන් ඇතුළට යම් කිසි වස්තුවක් ගියොත් ඒ වස්තුවට කළුකුහරයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේන් මිදීමට ආලෝකයේ ප්‍රවේගයටත් වඩා වැඩි ප්‍රවේගයක් අවශය වෙනවා. ඉතින් ඔබ දන්නව තවමත් මේ විශ්වයෙ අපි දන්න වේගවත්ම අංශුව ආලෝකය පමණයි කියල. ඉතින් එවැනි අංශුවකටවත් මේ කළුකුහරයකින් ගැලවීමට හැකියාවක් නැහැ. මේ නිසාම තමයි කළුකුහර වල සිද්ධි ක්ෂිතිජයෙන් ඇතුළත කොටසින් ආලෝකයවත් නිකුත් නොවන්නෙ.

ඒ වගේම මෙය මීට පෙර විශාලතම කළු කුහරය ලෙස හැදින්වූ TON-618 මෙන් 1.5 ගුණයකින් විශාලයි. විද්‍යාඥයින් යෝජනා කරන්නේ නම් මෙවැනි කළු කුහර SLABS - Stupendously Large Black Holes කාණ්ඩයට අයත් වන බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=Astrophysics&oldid=651724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි