ඇපොලෝ සොරොක්ටනස්

ප්‍රතිමා ප්‍රභේදය
(Apollo Sauroctonos වෙතින් යළි-යොමු කරන ලදි)

ඇපොලෝ සොරොක්ටනස් (ඇපොලෝ නම් කටුස්සන් මරන්නා) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ග්‍රීක ප්‍රතිමා ශිල්පී ප්‍රැක්සිටිලීස් විසින් නිර්මාණය කරන ලද මුල් ප්‍රතිමාවක් ආශ්‍රයෙන් ක්‍රි.ව. 1වන - 2වන සියවස් අතර කාලයේ නිර්මාණය වූ රෝම කිරිගරුඬ පිටපත් හැඳින්වීම සඳහා යෙදෙන නාමයකි. මෙම ප්‍රතිමා මඟින් යොවුන් නග්න ඇපොලෝ විසින් ගසක් දිගේ ඉහළට නඟින කටුස්සකු අල්ලන්නට උත්සාහ දරන අයුරු නිරූපණය වේ. මෙහි පිටපත් ලූවර් කෞතුකාගාරය, වතිකානු කෞතුකාගාරය, සහ ලිවර්පූල් ජාතික කෞතුකාගාරය තුළ දක්නට ලැබේ.

ඇපොලෝ සොරොක්ටනස්, ලූවර් කෞතුකාගාර ප්‍රභේදය
ඇපොලෝ සොරොක්ටනස්, ක්ලීව්ලන්ඩ් කලා කෞතුකාගාරයේ ඇති ලෝකඩ ප්‍රතිමාව

සටහන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Louvre Museum

"https://si.wikipedia.org/w/index.php?title=ඇපොලෝ_සොරොක්ටනස්&oldid=504297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි