ඇසිඩ් රොක්

(Acid rock වෙතින් යළි-යොමු කරන ලදි)

Psychedelic rock සංගීත ගණයට වැටෙන සංගීත ශෛලයක් ලෙස ඇසිඩ් රොක් (Acid rock) හැඳින්විය හැකිය. දීර්ඝ තනි වාදන රටා, අවම පද්‍ය ගායනය, සහ ක්ෂණික සංගීත රිද්ම නිර්මාණකරනය හෙවත් musical improvisation[1], Acid rock සංගීතයේ මූලික ලක්ෂණ ලෙස උපුටා දැක්විය හැකිය. Ken Kesey සහ ඔහු විසින් සංවිධානය කරන ලද Acid Tests නමැති ප්‍රියසාද සමුහය ගැන සඳහන් වන The Electric Kool-Aid Acid Test නමැති ග්‍රන්ථය ලියූ Tom Wolfe තම ග්‍රන්ථයෙන් Acid rock සංගීතය LSD නමැති මත් ද්‍රව්‍ය ආභාශයෙන් පැවත එන සංගීත ශෛලයක් ලෙස විස්තර කරයි. The Jimi Hendrix Experience, Pink Floyd, The Doors, Iron Butterfly, Big Brother & The Holding Company, Cream, Jefferson Airplane, Ultimate Spinach, New Riders of the Purple Sage, Blue Cheer, Quicksilver Messenger Service, The Great Society, Stone Garden සහ Grateful Dead යනාදිය Acid rock සංගීත කණ්ඩායම් ලෙස ඔහු හැඳින්විය.[2]

1960 දී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පැවති San Francisco Sound සංගීත සාජ්ජ්‍යට සහභාගි වූ psychedelic rock ආභාශිත සංගීත කණ්ඩායම් සමුහය හැඳින්වීමට ද "Acid rock" නම භාවිතා කරයි. ඝෝෂාකාරි, සංකීර්ණ හා දීර්ඝ තනි ක්ෂණික වාදන රටාවන් වලින් මෙම සංගීත සාජ්ජ්‍ය සමන්විත විය.[3]

ඉතිහාසය සහ යෙදීම් සංස්කරණය

ඇසිඩ් රොක් යන නාමය එයට පටබැඳීමට, පොළව යට සැමරු ප්‍රියසාද වල දි acid trips නමැති මත් ද්‍රව්‍ය භාවිතයෙන් හටගත් මානසික තත්වයට රුකුලක් වන පරිදි වාදනය කල පසුතල සංගීතය හේතු ඵල විය. (උදා: the Merry Pranksters' "Acid Tests").[2] ( මෙහි "Acid" යනු LSD මත් ද්‍රව්‍යට පටබැඳි තවත් නාමයකි ). Rolling Stone සංගීත කණ්ඩායමේ Jerry Garcia සමඟ පැවත්වු සම්මුඛ සාකඡ්ඡාවක දී සිය කණ්ඩායමේ මියගිය සාමාජික Phil Lesh කල වැදගත් ප්‍රකාශයක් ලෙස “acid rock යනු acid මත් ද්‍රව්‍ය භාවිතා කල අයෙකු සවන් දෙන සංගීත ශෛලයකි" යන්න උපුටා දැක්විය හැකිය. Garcia තවදුරටත් සඳහන් කල අන්දමට සත්‍ය වශයෙන්ම psychedelic rock කියා දෙයක් නැත. එනමුත් එලෙස ප්‍රේක්ශකයන් සවන් දෙන්නේ Indian classical music සහ Tibetan music සම්මිශ්‍රණයකටය. එමඟින් acid භාවිතයෙන් ඇතිවන ප්‍රතිවිපාක මඟ හරවා සිහි කල්පනාව වර්ධනය කරගත හැකි බව ඔහුගේ මතයයි.[4] "acid rock", psychedelic rock සංගීතයට සමාන බව පොදුවේ පිළිගත් මතයකි. Pink Floyd සංගීත කණ්ඩායමේ පෙර අවධියේ ගායනා කල ගීත "acid-rock" ලෙස Rolling Stone සඟරාවේ සඳහන් විය.[5] 1967 ජූනි මස Time Magazine සඟරාව මෙලෙස සඳහන් කලේය, "From jukeboxes and transistors across the nation pulses the turned-on sound of acid-rock groups: Jefferson Airplane, The Doors, [[Moby Grape]".[6] 1968 Life සඟරාව, The Doors සංගීත කණ්ඩායම, Acid Rock රජවරු ලෙස ප්‍රකාශයට පත් කලේය.[7]

1960 හා 1970, ඇසිඩ් රොක් සංගීත ශෛලය සඳහා සෞභාග්‍යමත් අවධියකි. වර්තමානයේ එය එතරම් ප්‍රසිද්ධ නැත.

1970 පෙර හා මධ්‍යම භාගය හාඩ් රොක් හා හෙවි මෙටල් සංගීත ශෛලිය උන්නතිය ලැබු අවධියකි. මෙකල එම ශෛලයන් "ඇසිඩ් රොක්" ලෙස අසත්‍ය ලෙස වර්ගීකරණයට ලක් විය. කාලයත් සමඟ heavy metal ලෙස නිවැරදි ආකාරයට එය වර්ගීකරණය කරන ලදී. acid rock සංගීත කණ්ඩායම් ලෙස අසත්‍ය ලෙස වර්ගීකරණයට ලක් වූ සමහරක් hard rock සංගීත කණඩායම් ලෙසAlice Cooper[8], Vanilla Fudge, සහ Deep Purple.[9] හැඳින්විය හැකිය.

මූලාශ්‍ර සංස්කරණය

  1. allmusic, http://www.allmusic.com/explore/style/acid-rock-d2690, ප්‍රතිෂ්ඨාපනය 2010-11-10 
  2. 2.0 2.1 Wolfe, Tom (1968). The Electric Kool-Aid Acid Test. Black Swan. p. 223. ISBN 0-552-99366-2.
  3. Lucky, Jerry (2003). The Psychedelic Rock Files. Collector's Guide Publishing Inc. p. 262. ISBN 1-896522-97-1.
  4. Rolling Stone Magazine Staff, The Rolling Stone Interviews: 1967-1980 : Talking With the Legend of Rock and Roll, (Jerry Garcia), p.195 ISBN 0-312-03486-5
  5. Pink Floyd Biography සංරක්ෂණය කළ පිටපත 2009-05-05 at the Wayback Machine rollingstone.com "...from The Rolling Stone Encyclopedia of Rock & Roll (Simon & Schuster, 2001)"
  6. Youth: The Hippies Time Magazine June 7, 1967 Issue, http://www.time.com/time/magazine/article/0,9171,899555-2,00.html, ප්‍රතිෂ්ඨාපනය October 21, 2010 
  7. Powledge, Fred. "Wicked Go The Doors." Life, April 12, 1968.
  8. Peter Buckley, The Rough Guide to Rock, Rough Guides, 2003, p.224 ISBN 1-84353-105-4
  9. Chad Driscoll Purple biography uk.real.com

සැකිල්ල:Psychedelic music සැකිල්ල:Rock music

"https://si.wikipedia.org/w/index.php?title=ඇසිඩ්_රොක්&oldid=601514" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි