අමුණුගම විපස්සි හිමි

1907 වසරේ මැයි 17 යටිනුවර දෙහිගම වළව්වේ උපත ලැබූ මුන්වහන්සේගේ ගිහිනම වූයේ ඇල්ෆ්‍රඩ් අමුණුගමය. අමුණුගම වළව්වේ රාජගුරු නායක බණ්ඩාරලාගේ කුඩාබණ්ඩාර නිළමේතුමා හා යටිනුවර දියකෙළිනවල වළව්වේ කිත්සිරිමෙවන් රාජගුරු බණ්ඩාරලාගේ ලොකු කුමාරිහාමි මුන්වහන්සේගේ මව්පියන් වූහ.

රාජගුරු අමුණුගම විපස්සි මහානාහිමි
ආගමබෞද්ධ
Alma mater
  • මුරුතලාව සිංහල පාසල
  • ගංගොඩවිල සුභද්‍රාරාමය
  • මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙන
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලාංකික
උපතඇල්ෆ්‍රඩ් අමුණුගම
17 මැයි 1907(1907-05-17)
දෙහිගම වලව්ව, යටිනුවර
මරණය1969
ආගමික වෘත්තිය
ගුරුවරයාපහමුනේ සුමංගල මහානාහිමි
Ordination1919 පෙබරවාරි
ප්‍රාරම්භයසංඝරාජ පිරිවෙනේ අධිපති
තනතුරුමහානාහිමි (1964-1969)

යටිනුවර මුරුතලාව සිංහල පාසලින් ගිහි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ සිය ගිහිකල ඥාතී මුත්තනුවන් වූ අමුණුගම සිරිනිවාස මහානාහිමියන් යටතේ 1919 පෙබරවාරි මසදී පැවිදි විය. ගංගොඩවිල සුභද්‍රාරාමය හා මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙන් වලින් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1933 දී ශ්‍යාමරාජ ත්‍යාගය දිනාගත්තේය. පහමුනේ සුමංගල මහානාහිමි යටතේ උපසම්පදාව ලැබූ උන්වහන්සේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස සේවය කළ අතර, 1936 දී කර්මාචාර්‍ය ධුරයටත්, 1940 දී කාරක සභාවටත්, 1943 දී සංඝරාජ පිරිවෙනේ අධිපති ධුරයටත් පත්වූහ . 1946 දී දළඳා තේවාමුරයටද පත්වූ උන්වහන්සේ ඉන්පසු ලේකම් හා අනුනායක ධුරයන්ට පත්වූ අතර , ත්‍රිපිටක ධර්ම සභාවටත් , 1956 සම්බුද්ධ ජයන්ති උත්සවයට හා බුරුමයේ සංගායනාවටත් එක්වූහ.

පූරිජ්ජල ශ්‍රී සරණංකර මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 1964 දී මහානාහිමි වූ අමුණුගම විපස්සී හිමියන් 1969 පෙබරවාරි 4 දා අපවත්වූහ.


   

                             



                             

                                                 

"https://si.wikipedia.org/w/index.php?title=අමුණුගම_විපස්සි_හිමි&oldid=519727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි