2019-2020 ඕස්ට්‍රේ‍ලියානු ලැව්ගින්න

2019 වර්ෂයේ ජූනි මස ඇති වු පාලනයෙන් තොර ගිිනි ජාලාවන්හි ප‍්‍රතිඵලයක් වශයෙන් 2019-2020  ඕස්ට්‍රේලියානු ලැව්ගිනි සමය ආරම්භ විය. මූලික වශයෙන්, රටේ ගිනිකොණ ප‍්‍රදේශයේ ස්ථාන සියයක පමණ මෙලෙස ගිනි ගත් අතර තවමත් ඒවා සක්‍රීයව පවතී.

ඒ අනුව, 2020 ජනවාරි මස 14 වනදා වන විට, මෙම ලැව්ගින්න හේතුවෙන් එරට භූමි භාගයෙන් හෙක්ටයාර මිලියන 18.6ක ප‍්‍රමාණයක් (අක්කර මිලියන 46ක් ද වර්ග කිලෝමීටර 186000ක් ද වර්ග සැතපුම් 72000ක්  සහ  ගොඩනැගිලි 5900කට වඩා වැඩි ප‍්‍රමාණයක් (නිවාස 2779 ක් ඇතුළුව  මෙන් ම ආසන්න වශයෙන් මිනිසුන් 34 දෙනෙකු පමණ විනාශයට පත් වූ බවට ඇස්තමේන්තු ගත කොට තිබේ. එසේ ම මෙම ලැව්ගිනි හේතුවෙන් බිලියනයක් පමණ වු සතුන් ප‍්‍රමාණයක් මරුමුවට පත් වූ අතර වඳ වී යාමේ තර්ජනයට ලක් ව තිබූ ඇතැම් සත්ව විශේෂ ද විනාශයට පත් වූ බව හෙළදරව් වී ඇත. එමෙන් ම වාතයේ පවතින ගුණාත්මක බව ද  ඉතා පහත් මට්ටමකට පත් ව ඇත. මෙම ලැව්ගිනි මර්දනය සඳහා ඇස්තමේන්තුගත වියදම, 2009 වසරේ ඇති වු කළු ලැව්ගින්න මර්දනය පිණිස වැය කරන ලද  ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 4.4 ක මුදල ප‍්‍රමාණය ද ඉක්මවා යන බවට ගණන් බලා ඇත. එසේ ම විදේශ සංචාරක ආදායම ද මේ හේතුවෙන් ඩොලර් බිලියන 1 කින් පමණ පහත වැටී ඇත. මෙම ලැව්ගින්න හේතුවෙන් ඇති වූ දුමාරය, 2020 ජනවාරි 07වනදා වන විට, දකුණු පැසිෆික් සාගරය ඔස්සේ චීලි රාජ්‍ය හා ආජන්ටිනාව දක්වා එනම් ආසන්න වශයෙන් කිලෝමීටර 11000ක (සැතපුම් 6800ක්  පමණ ප‍්‍රදේශයක් දක්වා පැතිරී ගොස් තිබුණි. නාසා ආයතනය ඇස්තමේන්තු කර ඇති ආකාරයට මෙම ලැව්ගින්න හේතුවෙන් ටොන් මිලයන 306ක කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණයක් ( කෙටි ටොන් මිලියන 337 ක් වායුගෝලයට  එක් වී ඇත.  

2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වාම මෙම ලැව්ගිනි හේතුවෙන් නිව්සවුත් වේල්ස් රාජ්‍යයෙහි වැසියන් මහත් වූ පීඩාවට පත් වුහ. දෙසැම්බර් මාසයේ අග මෙකී ගිනිජාලාවන් මතුවීමට පෙර පටන් ම නැගෙනහිර හා ඊසාන දිග වික්ටෝරියාවේ වනාන්තරවලින් විශාල ප‍්‍රදේශයක් සති හතරක කාලයක පටන් ගිනිගෙන දැවෙමින් පැවතුණි. නිව් සවුත් වෙල්, වික්ටෝරියා සහ  ඕස්ට්‍රේලියාවේ අග නගරය සඳහා හදිසි තත්ත්වයන් ප‍්‍රකාශයට පත් කොට තිබුණි. මෙම ලැව්ගින්නට මර්දනය කිරීම පිණිස සමස්ථ  ඕස්ට්‍රේලියාව ම ආවරණය කරමින් දැඩි ආරක්ෂක පිළිවෙත් හා සහන සැලසිමේ පියවරයන් ගෙන තිබූ අතර නිව් සවුත් වේල්හි ජනයා එම ප‍්‍රදේශයෙන් ඉවත් කර ජනශූන්‍ය කලාපයක් බවට එම ප‍්‍රදේශය පත් කරන ලදී.  ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් මෙම ගිනි මැඩපැවැත් වීම පිණිස ගනු ලබන පියවරයන් සඳහා අවශ්‍යය කෙරෙන ගුවන් සහය, පිරිස් බලය හා සෙසු සහය ලබාදෙන ලදී. ගිනි නිවීම සඳහා අවශ්‍ය උපකරණ හා පිරිස් සැපයීමේ දී නවසීලන්තය, සිංගප්පූරුව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ සෙසු රාජ්‍යයන් විසින් සහය ලබා දෙන ලදී. විශේෂයෙන් නිව් සවුත් වේල්ස්හි ගිනි නිවීමේ කාර්යයන් සඳහා මෙම සහය මහෝපකාරී විය.

ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා යෙදවු වායු ටැංකියක් හා හෙලිකොප්ටර් යානා දෙකක් 2020 ජනවාරි මස 23 වනදා විනාශයට පත් වූ අතර එකී කාර්යයයේ නියුක්ත ව සිටි පිරිසෙහි තිදෙනෙකු ඒ හේතුවෙන් මිය ගියෝ ය. ගිනි නිවීම සඳහා උපයෝගී කරගන්නා රථ දෙකක් සෘජුව ම ගිනි ජාලාවන්ට හසු වීම හේතුවෙන් විනාශයට පත් වු අතර එයින් ගිනි නීවීමේ භටයන් තිදෙනෙක් මිය ගියෝ ය.

ගිනි කළමනාකරණ ක්‍රියාකාරකම්හි භූමිකාව සහ කාළගුණික විපර්යාස වැනි මාතෘකාවන් ඇතුළත  ලැව්ගිනිවල තීව්‍රතාව සහ ප‍්‍රමාණය වැනි කරුණු සම්බන්ධයෙන් සැලකියයුතු විවාදයන් නිර්මාණය වී ඇති අතර මෙම කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය ද යොමු වී ඇත. ගිනි ඇති වූ ප‍්‍රදේශයන්හි සංචාරයන්හි යෙදුණු සමහර දේශපාලකයන්හට සෘණාත්මක ප‍්‍රතිචාරයන් එල්ල විය. විශේෂයෙන් මේ සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියාවේ අගමැති, ස්කොට් මොරිසන්හට විවිධ සෘණාත්මක ප‍්‍රතිචාරයන් එල්ල විය. විවිධ රාජ්‍ය සංවිධාන, ප‍්‍රජා එකමුතු පිරිස්, ප‍්‍රජා නායකයින්, සමාජයේ ප‍්‍රසිද්ධියට පත් චරිත, අසරණ සරණ ව්‍යාපාර, වනජීවී සංරක්ෂණ ආයතන වැනි ආයතන විසින්  ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500ක් පමණ ප‍්‍රදානයන් සිදු කොට ඇති බවට ද ගණන් බලා ඇත. ආරක්ෂක කණ්ඩායම්, ප‍්‍රධාන ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් හා පශු ආහාර විපතට පත්වූ පෙදෙස් කරා බෙදා හැර ඇත.

දළ විශ්ලේෂණය සංස්කරණය

2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වාම මෙම ලැව්ගිනි හේතුවෙන් නිව් සවුත්වේල්ස් රාජ්‍යයෙහි, නෝර්ත් කෝස්ට්, නෝර්ත් කෝස්ට්හි මධ්‍යම ප‍්‍රදේශය, හන්ටර් ප‍්‍රදේශය, හව්කස්බරි සහ සිඞ්නි නගරයේ බටහිරට වන්නට පිහිටි වොලොන්ඩියලි, බ්ලූ මවුන්ටන්, ඉල්වරා, සවුත් කෝස්ට්, රිවරිනා සහ ස්නෝව් මවුන්ටන් යනාදි ප‍්‍රදේශයන්හි වැසියන් මහත් වූ පීඩාවට පත් වුහ. දෙසැම්බර් මාසයේ අග මෙකී ගිනිජාලාවන් මතුවීමට පෙර පටන් ම නැගෙනහිර හා ඊසාන දිග වික්ටෝරියාවේ වනාන්තරවලින් විශාල ප‍්‍රදේශයක් සති හතරක කාලයක පටන් ගිනිගෙන දැවෙමින් පැවතුණි. මෙහිදි ඉතා විශාල ජීවිත ප‍්‍රමාණයකට මෙන් ම කොරියොන්ග් හා මාල්කුටා ඇතුළු නගර විශාල සංඛ්‍යාවකට තර්ජන එල්ල විය. නැගෙනහිර ගිපිස්ලැන්ඞ් ප‍්‍රදේශය කාළගුණික තත්ත්වයක් හේතුවෙන් බරපතල ලෙස  විනාශයට පත් වු ප‍්‍රදේශයක් ලෙස නම් කෙරිණි. සැළකිය යුතු තරමේ ගින්නක් ඇති වු ප‍්‍රදේශ ලෙස ඇඩිලෙයිඞ් හිල්ස් හා දකුණුදිග  ඕස්ට්‍රේලියාවේ කැන්ගරු දිවයින හා එම ප‍්‍රදේශයේ ඇතැම් කොටස් හඳුනා ගැණිනි. ගිණිකොණ දිග කූවින්ස් දිවයින සහ බටහිරදිග  ඕස්ට්‍රේලියාවේ ගිණිකොණ ට වන්නට පිහිටි ඇතැම් ප‍්‍රදේශ හා ටස්මේනියා ප‍්‍රදේශයේ ඇතැම් කොටස් මඳ වශයෙන් බලපෑමට ලක් වූ ප‍්‍රදේශ වශයෙන්  හඳුුනා ගැණිනි.

ග්‍රේටර් සිඞ්නි ප‍්‍රදේශයෙහි ඇති විය හැකි යැයි අපේක්ෂා කරන ලද මහ ව්‍යසනකාරී තත්ත්වයක් පිළිබඳව 2009 වර්ෂයේ දී හඳුනා‍ගෙන ඇති අතර ඒ පිළිබඳ ව ප‍්‍රථම වරට 2019 වර්ෂයේ නොවැම්බර් මස 12වෙනි දා ප‍්‍රසිද්ධියට පත් කරන ලදී. එමෙන් ම නිව් සවුත් වේල්ස් සමර් ‍ග්‍රේටර් සිඞ්නි ඇතුළු ප‍්‍රදේශ හතකට ගිනි අනතුරු තහනම් පනවන ලදී. එලෙස ම ඉල්වරා සහ ග්‍රේටර් හන්ටර් ප‍්‍රදේශ මෙලෙස ව්‍යවසනකාරී ගිනි අනතුරු සහිත ප‍්‍රදේශ හඳුනාගත් අතර මීට පෙර ගිනි අනතුරු සිදුවී ඇති උතුරු නිව් සවුත්හි ඇතැම් ප‍්‍රදේශ ද මහත් වු ව්‍යවසනකාරී ගිනි අනතුරු සහිත ප‍්‍රදේශ ලෙස නම් කෙරිණි. නිව් සවුත් වෙල්ස් රජය එරට අයවැය මත පදනම් ගිනි නිවීමේ සේවා සඳහා වෙන්කර ඇති ආධාර කපා දැමීමට තීරණය කිරීමත්, ස්වේච්ඡා ගිනි නිවීමේ භටයන් දෙදෙනෙකු මිය ගිය තත්ත්වයක් පැවතුණ කාලවකවානුවක  ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිස් තමාගේ නිවාඩුව සඳහා කාලය වෙන් කිරීමත් යම් මතෙභ්දාත්මක තත්ත්වයක් නිර්මාණය කළේ ය.

2020 ජනවාරි 14 වන දිනට අනුව හෙක්ටයාර මිලියන 18,626(අක්කර මිලියන 46.03) ප්‍රාන්ත සහ ප්‍රදේශ ඇතුළුව පිළිස්සී හෝ පිළිස්සෙමින් පවතී. සිඩ්නි විශ්වවිද්‍යාලයෙි පරිසරවේදීන් ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට ඔටුවන්,පක්ෂීන් සහ උරගයින් සැප්තැම්බරයේ සිට සියලු වර්ගවලින් ශාක,සතුන් විනාශ වී තිබිය හැකි සේම බිලියනයකට අධික වශයෙන් පසුකාලීනව විනාශ වී තිබි ය හැක. මෙම සමය ආරම්භයේ සිටම නොනවත්වා ඇති වන ලැව්ගිනි හේතුවෙන් නිවේ 2176ක් මෙන්ම පහසුකම් 48ක් ද සහ 2000කට අධික ව සවුත් වේල්ස්හි විනාශ වී ඇත. ඔක්තෝබරහේ සිට සවුත් වේල්සයේ 25ක පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී ඇත. මෑත කාලීනව වාර්තා වූ මාරක අනතුර නම් 2020 ජනවාරි 23 වන දින මෝරුයා අසල සිදු වූ එක් පුද්ගලයෙකුගේ මරණය යි.මේ වන විට වාර්තා වී ඇති අනුව ප්‍රාන්තයක ඇති වූ අයහපත්ම ලැව්ගින්න ලෙස පසුගිය වසර 25 පුරාවට නරකාදියක් ලෙස සවුත් වේල්ස් පිළිස්සී ඇත. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වැඩිම කාල සීමාවක් හෙක්ටයාර මිලියන හතරකට (අක්කර9,900,000) වැඩියෙන් සහ මීටර් 70ක් උසට පිළිස්සුණු බවට ඔිස්ට්‍රේලියානු ඉතිහාස පොතට එක් වී ඇත. සාපේක්ෂව ගත් කල 2018 වර්ෂයේ කැලිෆෝනියාවේ ඇති වූ ලැව්ගිනි තත්ත්වය හෙක්ටයාර 800,000(අක්කර 2,000,000) තුළ සහ 2019 වර්ෂයේ ඇමසන් වනයේ ඇති වූ ලැව්ගිනි හෙක්ටයාර 900,000(අක්කර 2,200,000) භූමිය තුළ ඇති වී ති‌බේ. කෙසේ නමුත් මෙම ලැව්ගිනි එම ප්‍රාන්තයේ නරකම ලැව්ගිනි සමය ලෙස ට නිව් සවුත් වේල්ස් හි ග්‍රාමීය ගිනි නිවීමේ සේවය විසින් සලකනු ලබන අතර 1974-75 ලැව්ගිනි හෙක්ටයාර මිලියන 117(අක්කර මිලියන 290;වර්ග කිලෝමීටර 1;1170,000; වර්ග සැතපුම් 450,000) ජාතික වශයෙන් විනාශ වී ඇත. කෙසේ වෙතත්, ඒවායේ අඩු තීව්‍රතාව සහ දුරස්ථ පිහිටීම හේතුවෙන් 1974 ගින්නෙන් ඩොලර් මිලියන පහක්(2020දී දළ වශයෙන් ඩොලර් මිලියන 36.5) කට හානි සිදු විය. 2019 දෙසැම්බරයේ නිව් සවුත් වේල්ස් රජය වාර්තාගත උෂ්ණත්වය සහ දීර්ඝ නියඟය උග්‍ර වීමෙන් පසු හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. ආරක්ෂිත ගැටළු සහ සැලකිය යුතු මහජන පීඩනය හේතුවෙන් නිව් සවුත් වේල්ස් හරහා කැම්ප්බෙල්ටවුන්,ලිවර්පූල්,පරමත්ත සහ සිඩ්නි හි උතුරු වෙරළ තීරයන් හි මෙන්ම රටේ අගනුවර වන කැන්බෙරා හි දී ජනප්‍රිය උත්සව ඇතුළත් නව අවුරුදු උදාවෙහි ගිනිකෙළි සංදර්ශන අවලංගු කරන ලදී. උෂ්ණත්වය සෙල්සියස් අංශක 49(120 F) කරා ළගා වෙත්ම, නිව් සවුත් ‌වේල්ස් අගමැති ග්ලැඩිස් බෙරෙජික්ලියන් 2020 ජනවාරි 3 වන දින උදෑසන 9 සිට බල පැවැත්වෙන පරිදි දින හතක තත්ත්වයක් ඇති කළේය.