2018 අන්තර් කොරියානු සමුළුව

2018 අන්තර්-කොරියානු සමුළුව (ද.කොරියා: 2018년 남북정상회담, උ.කොරියා: 2018년 북남수뇌상봉) 2018 වසරේ බක්මස 27වන දින දකුණු කොරියානු ජනපති මූන් ජෑ-ඉන් හා උතුරු කොරියානු ශ්‍රමික පක්‍ෂයේ සබනයු කිම් ජොං උන්[1] අතර දකුණු කොරියාවේ සමූහාරක්‍ෂක කලාපයේ[2] දී පැවැත්වුණි. එය දෙවැන්නෙන් අවුරුදු 11කට පසුව පවත්වනු ලැබූ තෙවන අන්තර් කොරියානු සමුළුව විය. 1953හි කොරියන් යුද්ධයෙන් පසු උතුරු කොරියානු නායකයෙක් විසින් දකුණු කොරියාවට පය තැබූ පළමු අවස්ථාව ද මෙය විය; ජනපති මුන් ද ස්වල්ප වේලාවකට උතුරට පා තැබුවේ ය.[3]

2018 අන්තර් කොරියානු සමුළුව
දකුණු කොරියානු නාමය
හංගුල්2018년 남북정상회담
හන්ජා2018年 南北頂上會談
උතුරු කොරියානු නාමය
හංගුල්2018년 북남수뇌상봉
හන්ජා2018年 北南首腦相逢
කිම් හා මූන් අතට අත දී ආචාර කිරීම.

න්‍යායපත්‍රය සංස්කරණය

දෙකොරියාවන්වල උසස් රාජ්‍ය නිලධාරීහු 2018 බක්මස 4දා රාජකාරී මට්ටමේ රැස්වීමක් සාම මැඳුරේ දී සමුළු විස්තර සාකච්ඡාව සඳහා කැඳවන ලද්දහ. සමුළු න්‍යායපත්‍රය වින්‍යශ්ටිකකරණය, සාමය තහවුරු කිරීම හා දෙරටේම වාසයි තකා අන්තර් කොරියානු සබඳතා ගොඩනැංවීම ඇතුළත් කොට සැලසුම් විය.[4][5] රා.නො.සං 200කට අධික සංඛ්‍යාවක් මානව හිමිකම් කඩවීම් පිළිබඳව උතුර සහ පැහැරගත් පුරවැසියන් පිළිබඳව ජපන් අගැමති ෂිංඦෝ අබෙ ද ඇතුළත් කිරීම යෝජනා කළ ද ඒවා ඇතුළත් නො වුණි.[6]

හමුව සංස්කරණය

 
අතට අත දෙන කිම් ජොං-උන් හා මුන් ජෑ-ඉන්
 
දකුණු කොරියානු ගෞරව මුර කණ්ඩායම් පිරික්සමින්
 
සාම මැඳුර තුළ සාකච්ඡා කිරීම්

ද.කොරියාවෙන් යෝජනා කළ ස්ථාන අතුරින් ද.කොරියාවේ පන්මුන්ජොම් හවුල් ආරක්ෂක පෙදෙසේ පිහිටා ඇති සාම මැඳුර උතුර මඟින් සමුළු පිහිටුම ලෙස පිළිගන්නා ලදී.[7][8]

සාකච්ඡාවලට අමතර ව, දෙරට නායකයින් විසින් දෙරටේ ම පස් හා ජලය යොදා ගනිමින් රුක් රෝපණෝත්සවයක් හා භෝජනෝත්සවයක් ද පවත්වන ලදී. හමුවේ මෙම වසර සංකේතවත් කිරීමට යොදාගත්  මිලිමීටර 2018ක් වන බිජුයුරු රැස්වීම් මේසය මෙන්ම රැස්වීමේ බොහෝ කරුණු අතිශය සංකේතාත්මක විය.

පැමිණි අන් අය සංස්කරණය

දෙනායකයන් සිය භාර්යාවන් වන කිම් ජුං-සුක් හා රි සොල්-ජු කැටුව සහභාගී වූ අතර තවත් සීමිත පිරිසකගේ සහභාගිත්වය ද දක්නට ලැබුණි:[9]

මේවාත් බලන්න සංස්කරණය

  • 2017–18 North Korea crisis
  • 2018 North Korea–United States summit
  • Kim Jong-un and Xi Jinping's meeting
  • Korean reunification
  • North Korea–South Korea relations

References සංස්කරණය

  1. "Seoul proposes high-level talks about Pyongyang summit". Cheong Wa Dae. 21 March 2018. 27 April 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 March 2018.
  2. Choe, Sang-Hun (9 February 2018). "Kim Jong-un Invites South Korean Leader to North for Summit Meeting". The New York Times. සම්ප්‍රවේශය 29 March 2018.
  3. "Kim offers to visit Seoul 'any time if you invite me': South Korea". සම්ප්‍රවේශය 27 April 2018.
  4. {{cite web}}: Empty citation (help)
  5. {{cite web}}: Empty citation (help)
  6. {{cite web}}: Empty citation (help)
  7. Lee, Taehoon (24 March 2018). "South Korea says North Korea agrees to hold high-level talks". CNN. සම්ප්‍රවේශය 24 March 2018.
  8. {{cite web}}: Empty citation (help)
  9. News, A. B. C. (26 April 2018). "North and South Korea summit: Who's who in each delegation". ABC News. සම්ප්‍රවේශය 27 April 2018. {{cite news}}: |last= has generic name (help)

External links සංස්කරණය