මීරියබැද්ද නායයාම 2014

(2014 Badulla landslide වෙතින් යළි-යොමු කරන ලදි)

2014 ඔක්තෝම්බර් 29 වන දින ශ්‍රී ලංකාවේ බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ලේ සිදුවූ නායයාමෙන්, පුද්ගලයෝ 36 දෙනෙකු පමණ මරණයට පත්විය.

මීරියබැද්ද නායයාම 2014
Aftermath of the landslide
දිනය2014 ඔක්තෝබර් 29
පිහිටුමකොස්ලන්ද, හල්දුම්මුල්ල, ශ්‍රී ලංකාව
හේතුවතද වැසි හේතුවෙන් නායයාම
මරණ16 (සනාථ කළ) [1]
අතුරුදන් වූ192
දේපල හානිනිවාස 150 ක් විනාශ වීම

සිදුවූ හානිය

සංස්කරණය

ව්‍යසනය සිදුවීමෙන් වහාම නිකුත් වූ මුල් වාර්ථාවන්හී, නායයාම නිසා අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 300 ක් ලෙසත්, එදින මළ සිරුරු 6 ක් සොයා ගත් බවත් සඳහන් විය.[2] කෙසේ නමුදු ඉන් පසු දිනයේදී, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිළදාරියෙකු වූ ප්‍රදීප් කොඩිප්පිලි මහතාට අනූව, නායයාම නිසා අතුරුදන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 300 සිට 192 දක්වා පහත දැමුණු අතර, සොයා ගැනීමට හැකිවූ මළ සිරුරු ප්‍රමාණයද තුන දක්වා අඩුවී තිබුණි.[2]

30 වනදා සිට සිදුකරනු ලැබූ ගලවාගැනීමේ මෙහෙයුම් තුලදී හමුවූ මිය ගිය අයගේ සංඛ්‍යාව 16 ක් වූ අතර, අතුරුදන් වූවන් තවදුරටත් ජීවතුන් අතර සිටීමේ හැකියාවක නොමැති බවද පසුව නිළදාරීන් විසින් ප්‍රකාශ කරන ලදී.[1]

මෙම නායයාම නිසා තිබූ නිවාස 150 ක් පමණ සම්පූර්ණයෙන් පස් වලට යටවී විනාශයට පත්වූ අතර,[2] මාර්ග කිහිපයකටද හානි සිදුව තිබුණි.[1]

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ a b c "හෝප් ෆේඩ් ෆෝර් ශ්‍රී ලංකා මඩ්ස්ලයිඩ් සවයිවර්ස්". අල් ජසීරා. 30 ඔක්තෝම්බර් 2014. සම්ප්‍රවේශය 31 ඔක්තෝම්බර් 2014.
  2. ^ a b c Najar, Nida (30 ඔක්තෝම්බර් 2014). "ශ්‍රී ලංකා ලෑන්ඩ් ස්ලයිඩ්'ස් ටෝල් ඊස් ලෝවර් දෑන් ප්‍රිවියස්ලි තෝට්, ඔෆීෂියල්ස් සේ". නිව් යොර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය 30 ඔක්තෝම්බර් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මීරියබැද්ද_නායයාම_2014&oldid=718081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි