2013 වර්ෂය වන විට ලෝකයේ ජංගම දුරකථන ප්‍රමාණය

Wikipedia වෙබ් අඩවියේ වාර්තා වලට අනුව 2013 වර්ෂය වන විට ලොව පුරා ජංගම දුරකථන බිලියන 6.08 කටත් වැඩි ප්‍රමණයක් ඇති බව සඳහන් වේ.එම වෙබ් අඩවියේම සඳහන් වන ලෙස ලෝක ජනගහණය වන්නේ බිලියන 7.01 පමණය.මෙයින් පැහැදිලි වන ලෙස ලෝක ජනගහණයට සාපේක්ෂව ජංගම දුරකථනවල ප්‍රතිශතය වන්නේ 87 % යි.

මෙම වාර්තා වලට අනුව තව කෙටි කාලයකින් ලෝක ජනගහණයට වඩා ජංගම දුරකථන ප්‍රමාණය ඉහළ යයි ද? යන්නෙන් සැකයක්ද ඇතිවීම සාධාරණය.එසේ පැවසීමට හේතුව වන්නේ දැනටමත් සමහර රටවල් තුල ජනගහණයට වඩා ජංගම දුරකථන ප්‍රමාණය වැඩිවී ඇති නිසාය.උදාහරණ ලෙස රුසියාව , ඇමරිකාව , බ්‍රසීලය වැනි රටවල් දැක්විය හැක. ලෝකයේ වැඩිම ජංගම දුරකථන ප්‍රමාණයක් ඇති රටවල් 10 පහත දැක්වේ.

        රට	ජංගම දුරකථන ප්‍රමාණය

1 චීනය 1,150,000,000 2 ඉන්දියාව 867,800,000 3 ඇමරිකාව 327,577,529 4 බ්‍රසීලය 265,741,000 5 රුසියාව 256,117,000 6 ඉන්දුනීසියාව 236,800,000 7 පාකිස්ථානය 125,012,860 8 ජපානය 121,246,700 9 ජර්මනිය 107,000,000 10 පිලිපීනය 106,987,098



මෙහිදී ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 44 වන ස්ථානයයි. රටවල් කීපයක ජංගම දුරකථන ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා දත්ත ඉදිරි පිටුවේ දක්වා ඇත. රටෙහි/රාජ්‍යයෙහි නම ජංගම දුරකථන ප්‍රමාණය ජනගහණය ජනගහණයට සාපේක්ෂව ජංගම දුරකථන ප්‍රතිශතය (%) චීනය 1,150,000,000 1,349,585,838 85.21 ඉන්දියාව 867,800,000 1,220,800,359 70.72 ඇමරිකා එ. ජනපදය 327,577,529 310,866,000 103.9

     බ්‍රසීලය	265,741,000	192,379,287	134.2

රුසියාව 256,117,000 142,905,200 155.5

ජපානය 121,246,700 127,628,095 95.1 ඉතාලිය 88,580,000 60,090,400 147.4

එක්සත් රාජධානිය 75,750,000 61,612,300 122.9

ප්‍රංශය 72,180,000 63,573,842 114.2 දකුණු අප්‍රිකාව 59,474,500 50,586,757 117.6 ඕස්ට්‍රේලියාව 21,260,000 21,179,211 100.4 ශ්‍රී ලංකාව 17,359,312 21,000,000 80.95 එක්සත් අරාබිය 11,540,040 8,264,070 139.6 කියුබාව 1,300,000 11,200,000 11.6 උතුරු කොරියාව 2,000,000 24,451,285 8.3