2010 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය

20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ තෙවන තරගාවලිය 2010[1] අප්‍රේල් 30 සිට මැයි 16 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පවත්වන ලදී. 2009 ලෝක කුසලානය පැවති ආකාරයෙන්ම මෙම තරගාවලියත් ටෙස්ට් කණ්ඩායම් 10ක් හා ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් 2ක් ලෙස මුලු කණ්ඩායම් 12ක් කාණ්ඩ 4ක් යටතේ පළමු වටයේ තරග වදින ලදී. පෙර තරගාවලියේදී මෙන්ම කාන්තා 20-20 ක්‍රිකට් ලෝක කුසලානයත් මේ හා සමගාමීව මැයි 5 සිට 16 කාලය තුර පැවැත්විය.

ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2010
2010 ක්‍රිකට් 20-20 ලෝක කුසලානයේ නිල ලාංඡනය
කාලයඅප්‍රේල් 30 – මැයි 16
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතිය20-20 ජ්‍යාතයන්තර තරඟ
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම
සත්කාරකත්වය බටහිර ඉන්දීය කොදෙව්
ශූරයන්එංගලන්තය එංගලන්තය (1 වන වරට)
සහභාගීත්වය12
තරඟ27
තරඟාවලියේ වීරයාඑංගලන්තය කෙවින් පීට(ර්)සන්
වැඩිම ලකුණුශ්‍රී ලංකාව මහේල ජයවර්ධන (302)
වැඩිම කඩුලුපකිස්ථානය ඩි(ර්)ක් නැනස් (14)
නිල වෙබ් අඩවියcricket.yahoo.com
2009
2012


තරඟ නීති හා කොන්දේසි සංස්කරණය

තරඟාවලිය සඳහා බලපැවැත්වූ තරඟ නීති හා රෙගුලාසි පළමු තරඟාවලිය ආකාරයේ උවත් තරඟයක් ලකුණු සමවීම නිසා අවසන් වුවහොත් ජයග්‍රාහකයා තිරණය කිරීම සඳහා සුපිරි ඕවරය යැවීම සිදු කරන ලදී.

ක්‍රීඩාංගනයන් සංස්කරණය

  • කෙන්සින්ටන් ඔවල්, බාබඩෝස්
  • ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ගයනාව
  • ශාන්ත ලුසියා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ශාන්ත ලුසියා

ආශ්‍රිත සංස්කරණය

  1. "ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2010". espncricinfo.com. සම්ප්‍රවේශය 2011-07-19.