1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනත

අරමුණ සංස්කරණය

සේවකයින්ගේ සේවා කාලය සලකා සේවා යෝජකයින් වෙතින් පාරිතෝෂික  ගෙවීම නීති-රීතී මගින් විධිමත් කිරීම මෙම පනතේ අරමුණයි.

ආවරණය සංස්කරණය

මෙම පනත මගින්, ගෘහ සේවකයින් සහ පෞද්ගලික රියදුරන් හා දායක නොවුණු විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති සේවකයින් හැර පහත සදහන් වර්ග වල සේවකයින් ආවරණය කෙරේ.

පළමු කොටස - ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව වෙත පවරා ගන්නා ලද වතුවල, පවරා ගැනීමට පොරොතුව සම්පූර්ණ අවුරුදු 05කට නොඅඩු සේවාකාලයක් ඇති සේවකයින්( මෙහිදී මහජන ආරක්ෂක පනත යටතේ වූ නියෝග මගින් හෝ 1977 අංක 34 දරන පනතින් හෝ පෙරලා සියරට යවනු ලබන ඉන්දියානුවන්ට පාරිතෝෂික ගෙවීම සදහා වූ ප්‍රතිපාදන මගින් ආවරණ්ය වූවන් අයත් නොවේ.)

දෙවන කොටස - මෙම පනත යටතේ සේවක පාරිතෝෂික ලබා ගැනිමට සපුරා තිබිය යුතු සුදුසුකම් හා අවශ්‍යතා මෙසේය.

  • සේවකයින් 15ක් හෝ ඊට වැඩි ගණනක් ආයතනය තුල සේවය කිරීම
  • අවුරුදු 05කට නොඅඩු සේවා කාලයක් ඇති සේවකයින් වීම.

ඔවුන්ගේ විශ්‍රාම යෑමේදී, අස් වීමේදී  හෝ අස් කිරීමේදී එම සේවකයින්ටද, එම සේවකයාගේ මරණයකදී ඔවුන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ටද පාරිතෝෂීක ලැබීමට අයිතියක් ඇත. එක් සේවා වර්ෂයකට මාස 1/2 ක වැටුප බැගින් කරන ලද සේවා කාලය අනුව පාරිතෝෂික ගෙවිය යුතුය. පාරිතෝෂිකය ගනන් බැලීමේදී සේවකයා ලැබූ අවසන් වැටුප පදනම් කර ගත යුතුය.

පාරිතෝෂික ගෙවීම. සංස්කරණය

ඉහත,

පළමු කොටසේ සේවකයින්ට - පනත ක්‍රියාත්මක වීමේ දින සිට දින 30ක් ඇතුලත

දෙවන කොටසේ සේවකයින්ට - සේවය අවසන් වීමේ දින සිට දින 30ක් ඇතුලත