1977 ශ්‍රී ලංකා කෝලහාලය

පසුබිම

සංස්කරණය

නිදහසෙන් පසු, විශේෂයෙන් 'සිංහල පමණයි' පනතෙන් පසුව දෙමළ වැඩි ජනගහණයක් ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැඩි බල තල අවශ්‍ය යැයි දෙමළ පක්ෂ ඉල්ලා සිටියහ. තවත් සමහරෙක් තවත් ඉදිරියට යමින් ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටියහ. අගමැතිවරුන් දෙදෙනෙකු සමග ගිවිසුම් කීපයක් (අඩු ගණනේ දෙකක්) තිබුණු අතර ඒ එකක් වත් ක්‍රියාත්මක නොවීය. අවසානයේ බලාපොරොත්තු කඩ වූ දෙමළ නායකයෝ, එක්ව සිටීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවත් එකම විසඳුම වෙනම රාජ්‍යයක් බවත් තීරණය කළහ. 1974 දී, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කළ සියලුම ප්‍රධාන දෙමළ පක්ෂ එක සංවිධානයක් යටතට පැමුණුනාහ. ඒ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණය. අනතුරුව 1976 දී යාපනයේ වඩුක්කොඩෙයි හීදී පවත්වන ලද සමුළුවකදී වෙනම රාජ්‍යයක් (Tamil Eelam ) කරා යා යුතු යයි ඔව්හු එකඟතාවයකට පැමිණියහ.

1977 ජුලි 21 දින පැවැත්වූ මැතිවරණයේදි දෙමළ දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන්ම වාගේ ඡන්දය ප්‍රකාශ කළේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණටයි (TULF). මෙම පක්ෂය ශ්‍රී ලංකාව තුළ දෙමළ ප්‍රදේශ වෙන් විය යුතු බවට විවෘතව කථා කළ පක්ෂය විය. වී.නවරත්නම්ගේ නායකත්වයෙන් යුත් 'ටැමිලර් සුයට්චි කලහම්' නැතහොත් දෙමළ ස්වපාලන පක්ෂය වැනි පක්ෂද වෙන්වීම අරභයා පක්ෂපාතීව කථා කළ නමුදු එම පක්ෂය පිළි ගැනුණේ නැත. ස්වපාලන සඳහා ඉදිරිපත් වූ එම පක්ෂයට එකද අසුනක්වත් හිමි කර ගැනීමට නොහැකි විය.

අවුරුදු කීපයක් යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදාවට සහ පොලීසියට විටින් විට පහර දෙනු ලැබිණි. මෙය කරන ලද්දේ ආයුධ සන්නද්ධ දෙමළ තරුණ කණ්ඩායම් විසිනි. මෙම පිරිස ඉතා සුළු සංඛ්‍යාවකි. ප්‍රචණ්ඩකාරී ක්‍රියා මාර්ගයකින් වෙනම රාජ්‍යයක් දිනා ගැනීම ඔවුන්ගේ අරමුණ විය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ සන්නද්ධ සටන් කාමීන් අතර කිසියම් සම්බන්ධයක් තිබෙන බව නව අගමැති ජූනියස් රිචඩ් ජයවර්ධන ඒත්තු ගත්තේය. එමෙන්ම මෙය නීත්‍යානූකූලව මැඩ පැවැත්වීමට ද ඔහුට අවශ්‍ය විය.

කැරැල්ල

සංස්කරණය

කැරැල්ල කෙසේ ආරම්භ වූයේද යන්න පිළිබඳ විවිධ මති මතාන්තර තිබුණේය. පොලිස් නිලධාරීන් පිරිසකට අවසරපත් නොමැතිව කානිවල් බලන්නට යාමට ඉඩදීමක් නිසා එය ආරම්භ විනැයි සමහරෙක් විශ්වාස කළහ. කිහිප දෙනෙක් පිළිගත්හ. කෙසේ වෙතත් පරීක්ෂණවලින් හෙළි වූයේ එය කලින් සූදනම් වී, හොඳින් සැලසුම් කිරීමෙන් අනතුරුව කරන ලද්දක් යන්නයි. 1977 අගෝස්තු 12 දින කැරැල්ල ආරම්භ වූයේ නව රජය බලයට පත් වී මාසයක් ගත වීමටත් කළිණි.

රජයේ ප්‍රතිචාරය

සංස්කරණය

අමිර්තලිංගම් විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීමෙන් පසු අගමැති ජයවර්ධන කැරැල්ල සම්බන්ධයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙත දෝෂාරෝපණය කළේය.

"වෙනම රාජ්‍යයක් පිහිටු වීමට සූදානම්ය යන ආරංචියට මිනිසුන් කලබල වෙති. කොයි හැටි වෙතත් එවැනි ප්‍රකාශයන් කළ විට පුවත්පත් මගින් ඒවා දිවයින පුරා පතල කරයි. එමෙන්ම ඔබ ප්‍රචණ්ඩකාරී නොවන්නේ යයිද එහෙත් ප්‍රචණ්ඩත්වය ඉදිරියේ නියම වේලාවට පැමිණෙනු ඇතැයි ඔබ කියන විට ශ්‍රී ලංකාවේ සිටින අනෙක් ජනතාව කුමක් කරනු ඇතැයි ඔබ සිතන්නේද. ඔවුන් ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද? ඔබට යුද්ධය අවශ්‍ය නම් යුද්ධය වේවා. සාමය අවශ්‍ය නම් එය එසේ වේවා ඔවුන් එසේ කියනු ඇත. එය මා කියනා දෙයක් නොවේ. ශ්‍රී ලංකා ජනතාව කියන දෙයකි."

අවසානයේ අගෝස්තු 20 දින රජය ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කොට කලබල මැඩ පැවැත්වීමට හමුදාව යවන ලදී.

ප්‍රථීඵලය

සංස්කරණය

මෙම කැරලිවලින් අනතුරුව දෙමළ තරුණයින් රැඩිකල්වාදීන් වූහ. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා නීතියෙන් සහ ව්‍යවස්ථානුකූල මාර්ගවලින් ගන්නා ක්‍රියා මාර්ග කිසි දිනෙක සාර්ථක නොවන බවත් එකම විසඳුම ආයුධ සන්නද්ධ අරගලය බවත් ඔවුහු තේරුම් ගත්හ.

"https://si.wikipedia.org/w/index.php?title=1977_ශ්‍රී_ලංකා_කෝලහාලය&oldid=576718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි