ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18 වන සංශෝධනය

(18 වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් යළි-යොමු කරන ලදි)

18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය විසින් ගෙන එන ලද සංශෝධනයකි. මෙම සංශෝධනය මගින් මුලික වශයෙන් ජනාධිපතිවරයාගේ ධුර වාර ගණන පිලිබද සිමාව ඉවත් කිරීම සිදු විය. මෙම පනත හදිසි පනත් කෙටුම්පතක් වශයෙන් ශ්‍රේෂ්ධිකරණ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මිට අමතරව ජනාධිපතිවරයාගේ වගකීම් , පොලිස් හා පාර්ලිමේන්තු කොමිෂන් සභා වල බලතල වලට අදාල වෙනස්කම් ගණනාවක් මෙයින් සිදුවිය.