1812 යුද්ධය
1812 යුද්ධය යනු ඇමරිකානු එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එහි උතුරු ඇමරිකානු යටත් විජිත සහ, එහි දේශීය ඇමරිකානු මිත්රපාක්ෂිකයන් අතර 1812 ජූනි 18 දින සිට 1815 පෙබරවාරි 18 දින දක්වා සටන් වැදුනු හමුදාමය ගැටුමකි. 1812 දී එක්සත් ජනපදය යුද්ධ ප්‍රකාශ කලේ කරුණු කිහිපයක් පදනම් කර ගෙන වන අතර, මේවා අතර ප්‍රංශය හා සමග පැවති බ්‍රිතාන්‍යයේ යුද්ධය නිසා ඇතිවී තිබුණු වෙළෙඳ අවහිරතා, රාජකීය නාවික හමුදාව වෙත ඇමරිකානු නැවියන් බලයෙන් බඳවා ගැනීම, ඇමරිකානු ව්‍යාප්තියට එරෙහිව නැගී සිටිනු වස් ඇමරිකානු ඉන්දියානු ගෝත්‍රයන්ට ලබා දුන් බ්‍රිතාන්‍ය සහයෝගය, මහ මුහුදේදී අත් විඳි අපකීර්තිය නිසා ජාතික අභිමානයට ඇතිවුනු අපමානයට එරෙහි දැඩී කෝපය සහ, සමහරවිටෙක කැනඩාව ඈඳාගැනීම සඳහා තුබූ ඇමරිකානු අභිප්‍රාය යන කරුණු තිබිණි. [1] 1814 වන තුරු යුරෝපයේ යුද්ධ වල පැටලී සිටිම නිසාවෙන්, බ්‍රිතාන්‍යයන් පළමුවෙන් අනුගමනය කලේ ආරක්ෂාකාරී උපායමාර්ගයක් වන අතර, ඉහළ සහ පහළ කැනඩාවෙහි පළාත් වෙත එල්ලවූ බහුවිධ ඇමරිකානු ආක්‍රමණයන් පළවා හැරීම ඔවුන් විසින් සිදු කෙරිණි. කෙසේවතුදු, ඊරි විල ප්‍රදේශයෙහි පාලනය නතු කරගැනීමටද, බටහිර ඔන්ටේරියෝහී යම් කොටස් අල්ලා ගැනීමට සහ, ඉන්දියානු රාජ්‍ය සන්ධානයක් සඳහා සහ බ්‍රිතාන්‍ය අනුග්‍රහය යටතේ මධ්‍ය-බටහිරෙහි නිදහස් ඉන්දියානු රාජ්‍යයක් පිහිටුවීම වෙත තිබූ අපේක්ෂාවන් සිඳලීමටද 1813 දී ඇමරිකානුවෝ සමත් වූහ. නිරිත දිග එක්සත් ජනපදයෙහිදී 1814 දී සිදුවූ හෝර්ස්ෂූ බෙන්ඩ් සටනෙහිදී, ජනරාල් ඇන්ඩෲ ජැක්සන් විසින් මොලපු ජනයාගේ හමුදාමය බලය බිඳ හෙලීමට සමත් විය. 1814දී සිදුවූ නැපෝලියන්ගේ පරාජය හා සමගම අප්‍රේල් 6 වන දිනදී, බ්‍රිතාන්‍යයන් විසින් වඩාත් කලහකාරී උපායමාර්ගයක් වෙත පිවිසෙමින්, විශාල ආක්‍රමණ හමුදා තුනක් පිටත් කර එවීය. 1814 අගෝස්තු මසදී බ්ලේඩන්ස්බර්ග් සටනනෙහිදී බ්‍රිතාන්‍යයන් ලද ජයග්‍රහණ නිසා වොෂිංටන්, ඩී.සී අල්ලා ගැනීමටද එය ගිණිතැබීමටද ඔවුනට හැකි විය. 1814 සැප්තැම්බර් සහ 1815 ජනවාරි හිදී ලද ජයග්‍රහණ ඔස්සේ නිවියෝර්ක්, බෝල්ටිමෝර් සහ නිව් ඕරිලියන්ස් වෙත එල්ලවූ බ්‍රිතාන්‍ය ආක්‍රමණ පලවාහැරීමට ඇමරිකානුවන්ට හැකි විය.
ඇමෙරිකාවේ මුල්ම කඩදාසි කම්හල් කිහිපයෙන් එකක හිමිකාරිත්වය බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විසින් දරණු ලැබූ අතර, මෙහි කඩදාසි නිෂ්පාදනය සිදු කරනු ලැබුවේ කංසා ආධාරයෙනි. එමෙන්ම වර්ෂ 1812 ආරම්භ වූ යුද්ධය ඇරඹුනේ කංසා වෙළඳාම මුල්කර ගනිමිනි. නැපෝලියන්ගේ අරමුණ වූයේ මොස්කව් සිට එංගලන්තය දක්වා සිදුවණ කංසා සැපයුම නතර කිරීමයි.
අධෝසටහන්
සංස්කරණයඋපන්යාස
සංස්කරණය- ^ Stagg 1983, පිටු අංකය: 4.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2013 ජූනි) |