යුරෝපයේ අනෙක් කොටස්වල මෙන්ම වේල්සයේ 16 හා 17 වන සියවස් අධික වෙනසක් සිදු වූ කාල පර්ච්ඡේදයක් විය. දේශපාලනිකව , සාමාජීයව හා ආර්ථිකමය වශයෙන් නූතන වේල්සයේ පදනම ඇති වූයේ මෙම කාලයේදීය. වේල්සයේ නීති පනත් 1535 – 1542 දී වේල්සය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යයට සම්බන්ධ වූයේ දේශපාලනික හෝ නෛතික ස්වාධීනත්වයේ ඉතිරිවී තිබූ අවශේෂ ද නැති කර ගනිමිනි. I වන එළිසබෙත් රැජිනගේ 1559 ඒකීයතා පනත හරහා හෝ දේශපාලනික - ආගමික ගිවිසුම වේල්සය නමින් රෙපරමාදු යටත් බවට පත් කළ අතර එයට නැවත බලය ගැනීමට හැකිවූයේ ඉංග්‍රීසි සිවිල් යුද්ධය අතරතුර හා ඉන් පසුව සිදු වූ දියුණුවීම් වලිනි. තවද , අවසාන වශයෙන් මෙම යුගයේදී ගල් අඟුරු කැනීම ලෝහ කැනීම හා වානේ උණූ කිරීමේ කර්මාන්තවල ආරම්භය සනිටුහන් වූ අතර එමගින් ඉන්පසු වූ ශතවර්ශවලදී සිදු වූ විශාල කර්මාන්තකරණයට මග පෑදිණි.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Welsh_literature#The_Sixteenth_and_Seventeenth_Centuries

"https://si.wikipedia.org/w/index.php?title=16_හා_17_වන_සියවස්&oldid=307245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි