කඩු හරඹය

(ෆෙන්සින් වෙතින් යළි-යොමු කරන ලදි)

කඩු හරඹය නැතහොත් ඔලිම්පික් කඩු හරඹය (Fencing, Olympic fencing) යනු තරගකරුවන් දෙදෙනෙකු, සැහැල්ලු දිග කඩු භාවිතයෙන්, ප්‍රතිවාදියාගේ සිරුර ස්පර්ශ කිරීමෙන් ලකුණු රැස් කර ගන්නා ක්‍රීඩාවකි. කඩු සටන් ශිල්පයෙහි සාම්ප්‍රදායික දක්ෂතාවයන් පදනම් කර ගනිමින් වර්තමාන ක්‍රීඩාව බිහිවූයේ 19 වන ශතවර්ෂය අග භාගයේ දී ඉතාලියානු පාසල්, සම්භාව්‍ය කඩු හරඹ සිදු කිරීමේ පැරණි යුරෝපීය මාෂල් ආට් ක්‍රමවේදය වැඩිදියුණු කිරීමත් සමගය. පසුව ප්‍රංශ පාසල් විසින් ඉතාලියානු ක්‍රමවේදය වඩාත් ඔපමට්ටම් කරනු ලැබීය.

Fencing
Final of the Challenge Réseau Ferré de France–Trophée Monal 2012, épée world cup tournament in Paris.
එල්ලයWeaponry
ඔලිම්පික් ක්‍රීඩාවPresent since inaugural 1896 Olympics
නිල වෙබ් අඩවියwww.fie.ch
www.fie.org

නවීන කඩු හරඹයෙහි ආකාර 3 ක් පවතී. ඒ එක එකෙහි ආයුධ සහ නීති රීති වෙනස් වන බැවින් ක්‍රීඩාව අංශ තුනකට බෙදී ඇත. ඒ foil, sabre සහ sword වශයෙනි. බොහෝමයක් තරගකරුවන් එක් ආයුධයක් පමණක් තෝරාගෙන පුහුණුවීම් සිදු කරනු ලබයි.

කඩු හරඹය, සියළු නූතන ඔලිම්පික් උළෙල වලදී ක්‍රීඩා කරනු ලැබූ ක්‍රීඩාවන් පහ අතුරින් එකක් වෙයි. අනෙක් ක්‍රීඩා හතර වන්නේ මලල ක්‍රීඩා, පාපැදි ධාවනය, පිහිනුම් සහ ජිම්නාස්ටික් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කඩු_හරඹය&oldid=365850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි