බිම් ගඩොල්

(ෆ්ලෝ ටයිල් වෙතින් යළි-යොමු කරන ලදි)

ෆ්ලෝ ටයිල් හෙවත් බිම් ගඩොල් වර්තමාන‍යේ බො‍හෝ ගොඩනැගිලි සෑදි‍මේදී බිම අලංකාර කිරීම සදහා යොදාගන්නා ගොඩනැගිලි දුව්‍ය වි‍ශේෂයකි. එම නිසා අද ‍‍‍‍‍බොහෝ දෙනා තමන්‍ ගේ නි‍‍‍‍‍වෙස් සූන්දරව සහ සිත්ගන්න‍‍ා සුළු ආකාර‍යෙන් පවත්වා‍‍ ‍‍‍‍‍ගෙන ‍‍යාම සදහා බිම් ගඩොල් භා‍‍විතා කරයි.

බිම් ගඩොල්

නිෂ්පාදන ක්‍රියාවලිය සංස්කරණය

‍‍‍බෝල මැ‍‍ටි, සිලිකා වැලි‍‍,‍ කෙ‍යොලින්, ඩොලමයිට්, පෙල්ස්පාර් බිම් ගඩොල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ‍වේ.බිම් ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ‍ක්‍රෂර් අංශය, ඇඹරැම් අංශය, විසිර වියලනය, මිශ්‍රණ අංශය, නිපැයුම් අංශය, ඔපදැමිම් අංශය, දහන අංශය, ‍තේරීම් අංශය සහ නිමි ගබඩාව යන අංශ අන්තර්ගතව ඇත. ක්‍රෂර් අංශය තුළදි සිදු කරනු‍‍යේ ගල් වශ‍යෙන් පවතින ‍ඩොලමයිට්, පෙල්ස්පාර් 8 mm ක ප්‍රමාණවලට කඩා ගැනිමයි. ඇඹරුම් අංශය තුළදි බෝල මැ‍‍ටි, පෙල්ස්පාර්,‍ ඩොලමයිට්, සිලිකා වැලි සහ කෙ‍යොලින් මැටි යන අමුද්‍රව්‍යවලින් අවශ්‍ය ප්‍රමාණයන්ට‍ අනුව එකතු කර වතුර සමග අඹරා ද්‍රාවණය නිකුත් කරනු ලබයි. ද්‍රාවණ‍යේ ඇති ජලය ඉවත් කර නිෂ්පාදනය සදහා අවශ්‍ය ‍‍කොටස් පවුඩර් ‍‍ලෙස නිකුත් කිරීම විසිර වියලන‍යේදි සිදු කෙ‍රේ. මෙම පවුඩර් ගබඩා ‍කරනුයේ විවිධ වර්ණවලට අයත් පවුඩර් වශ‍යෙනි. මිශ්‍රණ අංශ‍යේදි විවිධ වර්ණයන්‍ ගෙන් යුත් පවුඩර් වර්ග අවශ්‍ය ප්‍රතිශතයට අනුව මිශ්‍ර කිරීම කරනු ලබයි. මිශ්‍ර කරන ලද පවුඩර් බිම් ගඩොලක් ආකාරයට සකස් කිරීම නිපැවුම් අංශ‍යෙන් සිදු ‍කෙරේ. නිෂ්පාදනය කරන ලද බිම් ග‍ඩොල් මත මෝස්තර ‍ දැමීම සහ විනිවිද ‍‍පෙ‍නෙන ඔප තට්ටුවක් දැමීම ඔප දැමීම් අංශය මගින් සිදු කරනු ලබයි. දහන අංශ‍යේදී බිම් ග‍ඩොල් සෙ.අ1200 ක උෂ්ණත්වයක් යට‍තේ දහනය කරනු ලබයි. දහන අංශ‍යෙන් පිට වූ බිම් ග‍ඩොල් අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිතින්ට අනුකූලව වර්ග කර පෙට්ටිවලට ඇසිරීම තේරීම් අංශ‍යේදී සිදු‍වෙයි. මෙසේ ඇසුරූ පෙට්ටි දේශීය සහ වි‍දේශීය ‍‍වෙළදපොළට අවශ්‍ය වන පරිදි සකසා නිමි ගබඩාව ‍‍‍වෙත යොමු කරනු ලැ‍බේ.

බිම් ගඩොල් ඇතිරීම සංස්කරණය

නිවසක් ඉදි කරනු ලබන්නේ දීර්ඝ කාලයක් පවත්වා ගැනීම සදහාය. එමනිසා එහි අලංකාරය ‍මෙන්ම ක්‍රමවත් නිමාව පිලිබදවද වැඩි අවධානයක් ‍‍‍යොමු කළ යුතුය. එමනිසා නිවසට ‍‍තෝරා ගන්නා අනිකුත් උපකරණ මෙන්ම බිම් ගඩොල් වර්ග පිළිබදවද අවධානය ‍‍‍යොමු කළ යුතුය. කිසියම් ‍ෙදයක අලංකාරය ‍‍‍මෙන්ම වටිනාකම තීරණය වන්නේ එහි උචිත අනුචිත බව අනුවය. එමනිසා ‍‍නොයෙක් ස්ථාන සදහා ගැළපෙන බිම් ගඩොල් වර්ග තිරණය කිරීම ඉතා වැදගත් කරුණකි. බිම් ගඩොල්හි වර්ණ ‍තෝරා ගැනීමේදීද වර්ණ‍යේ විචිත්‍රත්වයට නොව ගෘහභාණ්ඩ, බිත්ති‍යේ වර්ණයන්ට ගැල‍පෙන ලෙස තෝරා ‍ගැනීමටද කල්පනාකාරි විය යුතුය.

 

අවශ්‍ය උපකරණ සංස්කරණය

බිම් ගඩොල් ඇතිරිම ඉතා ක්‍රමානුකුලව කළ යුතු කාරණයකි. මෙය සදහා විවිධ උපකරණ අවශ්‍යය. එ‍පොක්සි ග්‍රවු‍ට් ෆ්ලෝට්, කොලොප්පු ‍පනාව, සාමාන්‍ය ග්‍රවු‍ට් ෆ්ලෝට්, ග්‍රවු‍ට් ෂෝ, රබර් මිටිය ඒ අතර ‍ වේ.

බිම් ගඩොල් වර්ග සංස්කරණය

 
‍විවිධ බිම් ග‍‍‍‍‍‍‍ඩොල් වර්ග

සෑම පරිසරයකටම බිම් ග‍ඩොලක් සුදුසු වුවත් සෑම ක්‍රියාවලියකටම බිම් ගඩොල් සුදුසු ‍ නොවේ. එහිදී අවශ්‍ය ස්ථානය‍ට හා ක්‍රියාවලියට ගැළපෙන ග‍ඩොලක් තෝරා ගත යුතුය එමගින් ග‍ඩො‍ලේ පැවැත්ම, ලස්සන මෙන්ම ක්‍රමානුකුල බව වැඩි කාලයක් පවත්වා ගත හැකිය. ප්‍රධාන වශ‍යෙන් ගඩොල් වර්ග 11 ක් හදුනා ගත හැකිය. එවා නම් මැ‍‍ටි ෆිනිෂ් ‍ටයිල්, එක්වරක් ග්ලේස් දැමූ ටයිල්, දෙවරක් ග්ලේස් දැමූ ටයිල්, පොලිෂ් ටයිල්, රොක් ෆිනිෂ් ටයිල්, රස්ටික් ටයිල්, ස්‍ටඩඩ් ටයිල්, මතුපිට පමණක් ඔප දැමූ ටයිල්, ස්ටෙප් ටයිල්, ස්ක‍ටින් ටයිල් සහ වෝල් ටයිල් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=බිම්_ගඩොල්&oldid=372908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි