ළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාව

ළමුන්ගේ යෞවනයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල මනෝ ව්‍යාධික රෝග ගැන කරන අධ්‍යයනය , රෝග නිර්ණය, ප්‍රතිකාරය සහ වැළැක්වීම ගැන කරන විශේෂ ඉගෙනීම ලෙස මෙය හැඳින්වේ. මෙම විෂය ක්ෂේත්‍රය තුළ සායනික පරීක්ෂණ, සමාජයීය මනෝවිද්‍යාත්මක කරුණු, ජීව විද්‍යාත්මක කරුණු , ජානමය කරුණු, සාමජයීය කරුණු, පාරිසරික සහ ඉතිහාසමය සිදු කරන ලද වෙනස්කම් නිසා ඇතිවන ප්‍රතිචාරය යන ඒවා අන්තර්ගතය.


ඉතිහාසය සංස්කරණය

ළමා ‍මනෝ වෛද්‍ය විද්‍යාව වෙනම ක්ෂේත්‍රයන් හඳුනාගැනීම සඳහා ළමා විය යනු නවජ කළ සිට යෞවන අවධිය දක්වා දිවෙන ජීවිතයේ විශේෂ කාලයක් ලෙස හඳුනාගැනීම ඉවහල් විණි. 1899 දී ළමා ‍මනෝ වෛද්‍ය විද්‍යාව වෙනම උප මාතෘකාවක් ලෙස Les Troubles Mentaux de L'Enfance Manheimer's යන ග්‍රන්ථයේ යොදා ඇත. නමුදු ළමා මනෝ වෛද්‍ය විද්‍යාව රෝග නිර්ණය , ප්‍රතිකාර සහ ප්‍රවේක්ෂණ යන වෛද්‍ය විද්‍යාවේ කරුණු මත පහදා ‍දුන්නේ ස්විට්සර්ලන්ත ජාතික Moritz Tramer වෙයි. ඔහු විසින් අරඹන ලද ළමා මනෝ චිකිත්සක සඟරාව පසුව Acta Paedopsychiatria බවට පත්විය. ළමා මනෝ වෛද්‍ය විද්‍යාව ප්‍රථම වරට ඉංග්‍රීසි ව්‍යවහාරණයේ යොදා 1935 දී Leo Kanner රචිත පාඪ ග්‍රන්ථයේය.

වසර 1930 සිට මෙම රෝග සඳහා ඹෟෂධ යොදා ගැනීම ඇරඹිණි. එනම් Charles Bradley විසින් ඇම්පෙටාමයින් නැමැති ඹෟෂධ මොළයේ දුර්වලතා සහ අධි ක්‍රියාකාරී ළමුන් වෙනුවෙන් භාවිතයට යොදා ගැනිණි.

1930 සිට විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ළමා මනෝ වෛද්‍ය විද්‍යාව අධ්‍යයන කොට්ඨාශ ඇරඹිණි. පළමු ළමා මනෝ වෛද්‍ය විද්‍යාව සායනය 1930 බැල්ටිමෝර්හි දී Leo Kanner ගේ මූලිකත්වයේ ස්ථාපනය විණි. 1933 දී ලන්ඩනයේ Maudsley රෝහලේ Mildred Creak යටතේ වෙනම ළමා අංශයක් පිහිට වූ අතර ඒ සමඟ ළමා මනෝ වෛද්‍ය විද්‍යාව පර්යේෂණ ද වැඩි වීමට පටන් ගති. මේ සමඟම අනෙක් බොහෝ රටවල ද මෙම විෂයේ දියුණුවක් ඇති විය. ඇමරිකාවේ පිළිගත් වෛද්‍ය විෂය පථයක් ලෙස 1953 දී ළමා හා යෞවන මනෝ වෛද්‍ය විද්‍යාව ස්ථාපනය වුව ද එය නීත්‍යානුකූල සහ සහතික කළ විෂයක් බවට පත් වූයේ 1959 දීය.

1970 දශකයේ Michael Rutter ගේ පර්යේෂණ කටයුතු නිසා ළමා මනෝ වෛද්‍ය විද්‍යාවවේ විශාල වෙනසක් 1980 වකවානුවේ සිට විය. මේ සඳහා පළමු සමීක්ෂණය 1970 දී ලන්ඩන් සහ Isle of wight නගරවල වයස 9 සිට 11දක්වා වූ ළමුන් තුළ කෙරිණි. මේ මගින් ළමා මනෝවෛද්‍ය විද්‍යාව අදාල වැදගත් ප්‍රශ්න රාශියක් කේන්ද්‍රගත කර තිබිණි. උදාහරණ ලෙස ළමා මනෝ වෛද්‍ය විද්‍යාවට අදාල මානසික රෝග සීග්‍රතාවය , කායික දුර්වලතාවයන් සහ බුද්ධි වර්ධනයේ වැදගත්කම , ළමුන්ගේ හැඩ ගැසීම සඳහා සමාජයේ ඇති බලපෑම් වැන්න කිව හැක. මෙම පර්යේෂකයින් විසින් පර්යේෂණ කාණ්ඩය තුළ මානසික ව්‍යාධිකයන්ගේ කාලයක් සමග පැවතීමක නැවත ඇගයීමේ දී සොයාගන්නා ලදී. (ඔවුන්ගේ චිත්ත ආවේග සහ වර්ධන දුර්වලතා ඇති කරන පරිසරය වෙනස් නොවී පැවතීම මෙයට හේතු විය හැක) මෙය සමාන්තරව ඔටිසම් රෝගය ගැන කරන අධ්‍යයනයක දී එම රෝග‍යට ගොදුරු වූ ළමුන්ගේ විශාල වැඩිවීමක් කාලයත් සමග නිරීක්ෂණය විය. 1960 සහ 1970 දශක වලදී ළමා මනෝ වෛද්‍ය විද්‍යාත්මක රෝග වර්ගීකරණයට අවධානය යොමු වුව ද , එමෙන්ම ස්නායුගත සහ සන්නායක රෝග අතර වෙනස නිරූපණය කළ ද එම කාලයේ සායනික දැනුමට ගැලපෙන හොඳ නාමකරණය බිහි වූයේ නැත. මෙම තත්වය 1970 දශකයේ අග භාගයේ දී DSM-III වර්ගීකරණය පද්ධතිය බිහි වීමත් සමඟ වෙනස් විය. නමුත් පර්යේෂකයින් DSM-III හි විශ්වාසනීයත්වය සහ වටිනාකම පිළිබඳ ප්‍රශ්න මතු කළ නිසා DSM-IV හා DSM-IVR වර්ගීකරණ මගින් එම දෝෂ නිවැරදි කොට ළමා රෝග සහ වැඩිහිටි රෝග යන කාණ්ඩ 2කට ගොණු කරන ලදී. මේ අතරම ඇතැම් මානසික රෝග නිර්ණය කළ හැක්කේ වැඩිහිටි වියේ දී පමණක් වුව ද ඒවා ළමා සහ යෞවන කාලයේ දී ද පැවතිය හැකි බව අනාවරණය විය.


ආශ්‍රිත සංස්කරණය