හෝලිකා යනු, හිරණ්‍යකස්සප නම් පැරණි යක්ෂ ගෝත්‍රික රජුගේ සොහොයුරියවේ. පියා වික්‍රමාදිත්‍ය කස්සප නම්විය. මානස ආදිත්‍ය, හිරණ්‍යක ඇගේ සෙසු සොහොයුරන්වේ. හිරණ්‍යක රජ වෙනුවෙන් දකුණු ඉංදියාව ජයගත් බව කියවේ. කණ්‍යා කුමරිය නමින් ප්‍රසිද්ධියට පත්වූ ඇය ගොඩබට ස්ථානය කණ්‍යාකුමාරි තුඩුව ලෙස හැදින්වෙන බවත් සතුරු නෞකාවලට පහරදී තූ තූ කර ජය කොඩි එසවූ ස්ථිනයඅද තූත්තුකොඩි ලෙසින් හැදින්වෙන බවටත් අරිසෙන් අහුබුදු මහතා මත දක්වා ඇත. එකට වර්ණවත් ඇදුම් ඇදීමට අයිතිය පැවතියේ ඉහළ කුළවල අයට පමනි. ශුද්‍රයින් සුදු වස්ත්‍ර පමනක් ඇදිය යුතුවිය. හෝලිකා විසින් අල්ලා ගන්නා ලස පෙදෙස්වල වහල් මෙහෙය තහනම් කර එහි කුළවාදය නැති කිරීමට සියල්ලන්ටම සුදු වස්ත්‍ර පමනක් ඇදීමට නියෝග කර ඇත. ඇයද හිරණ්ප‍යක රජු මෙන්සුම හිංදු දේව මැවුම්වාදයට විරුද්ධ වූ බව කියැවේ.

හිරණ්‍යකස්සප රජුගේ ඝාතනයෙන් පසු හෝලිකා විසින් ගෙනයනලද ඉංදු හෙළයේ යුද්ධයට මෙරටින් ආධර උපකාර නැවතින. අවසානයේ එක් යුද්ධයකදී පැරදුනු ලද ඇය සතුරන්ව අතට පත්ව පුළුස්සා ඝාතනය කර බව සදහන්ය. මේය උත්සවාකාරයෙන් හිංදු ජනයා සමරනු ලැබේ. හෝලිකා දහාන් ලෙසින් දර සෑයක් හදා කාන්තා අනුරුවක් පුළුස්සාලයි. අනතුරුව හෝලි උත්සවය අරඹයි. කුඩු එකිනෙකාගේ සිරුරු වලට ඉසිමින් විනෝදවන්නේ හොලිකාගේ සුදුුවස්ත්‍ර අඤ්ඤාව බිදීමට යැයි මතයක් ඇත. මෙම උත්සවයේ ආරම්භය හොලිකා දහානය කල අළු එකිනෙකාට ඉස ගැනීම යැයි මතයක්ද ඇත.

හෝලිකේ සංස්කරණය

හෝලිකේ යනු බදුල්ල හා අම්මාර අතර කලාපයේ පවතින්නාවූ ගම්මානයකි. හෝළිකාගේ ජංමභූමිය මෙය යැයි මතයක්ද පවතී. මෙය ඉතාම පැරණි ගම්හිමමානයකි. ජනප්‍රවාද අනුව මහ යකිනි පිදිල්ලක් මේ ගම්මානය ඇසුරෙ හෙළ වැදි ජනයා අතර පැවත ඇත. මෙසේ මහ යකිනිය නමින් හැදින්වූයේ හෝලිකාවදැයි සැකයක් පවතී.

මූලාශ්‍ර සංස්කරණය

ග්‍රන්ථනාමාවලිය සංස්කරණය

  • භාග්‍යවත පුරාණය.
"https://si.wikipedia.org/w/index.php?title=හෝලිකා&oldid=652982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි