හෝර්ටි කෝචර් (Haute couture)

හෝර්ටි කෝචර් යනු විශිෂ්ට යයි කියමින් මිල දී ගන්නන්ට ගැලපෙන විලාසිතාවකි. මුලින්ම මෙනමින් හැඳින්වූයේ 19 වැනි සියවසේ මැද භාගයේදී ප්‍රංශයේ නිෂ්පාදනය වුණු ඉංග්‍රීසි ජාතික චාර්ල්ස් ෆෙඩ්රික් වර්ත්ගේ නිෂ්පාදනය. නූතන ප්‍රංශයේ හොර්ටි කෝචර් යනු ආරක්ෂිත නාමයක් වන අතර එය යොදා ගත හැක්කේ හොඳින් අර්ථ දක්වන ලද යම් සම්මතයන් පවත්වාගෙන යන සමාගම්වලට පමණි. කෙසේ නමුත් මෙම වදන අධික වශයෙන් විලාසිතා ගැණුම්කරුවන්ට ගැලපෙන රෙදිපිළි හැඳින්වීම සඳහා යොදා ගනු ලැබේ. එම රෙදිපිළි ප්‍රංශයේ හෝ මිලාන්, ලන්ඩන්,රෝමය,නිව් යෝර්ක් හා ටෝකියෝ වැනි අනෙකුත් විලාසිතා නගරවල නිපදවයි. එහෙත් හෝර්ටි කෝචර් නිපදවනු ලබන්නේ යම් විශේෂිත පාරිභෝගිකයෙකුගේ ඇනවුමකට වන අතර එය සාමාන්‍යයෙන් උසස් තත්ත්වයෙන් මිල අධික රෙදි පිළිවලින් නිපදවන අතර ඒවායේ උසස් තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. මේනිසා මේ රෙදිපිළි හොඳ නිමාවකින් යුක්තයි. ඒ සඳහා කාලය වැයවන අතින් සිදු කරන තාක්ෂණික ක්‍රම පවා භාවිතයට ගනී.

විශිෂ්ට හා නව ප්‍රවණතාවයට ගැලපෙන විලාසිතා නිපදවන විලාසිතා සමාගම් හෝ විලාසිතා නිර්මාණකරුවන් නිපදවන ලද විලාසිතා හැඳින්වීමට හෝර්ටි කෝචර් යන නාමය භාවිතයට ගත හැකිය.

සටහන් සංස්කරණය

Haute_couture
"https://si.wikipedia.org/w/index.php?title=හෝර්ටි_කෝචර්_(Haute_couture)&oldid=465194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි