හෛම ජීව විද්‍යාව ක‍්‍රයෝ ජීව විද්‍යාව

හෛම ජීව විද්‍යාව ක‍්‍රයෝ ජීව විද්‍යාව හෛම ජීව විද්‍යාව හෙවත් ක‍්‍රයෝ ජීව විද්‍යාව යනු අඩු උෂ්නත්ව ජීවීන් ට බලපාන අකාරය පිළිබඳ අධ්‍යයනය කරන්නා වූ ජීව විද්‍යා ශාකාවයි. ක‍්‍රයෝ යන වචනය ග‍්‍රීක භාෂාවෙන් සීතල යන අරුත දනවයි. එනම් ක‍්‍රයෝ ජීව විද්‍යාව යනු අඩු උෂ්නත්ව වල ජීවීන් පිළිබඳ විද්‍යාව ලෙස සැළකිය හැක. ප‍්‍රායෝගිකව ක‍්‍රයෝජීව විද්‍යාව සාමාන්‍ය උෂ්නත්වයට වඩා අඩු උෂ්නත්ව වලදී සජීව පදාර්ථයේ හෝ පද්ධතිවල හැසිරීම පිළිබඳව අධ්‍යනය කරයි. මෙම පදාර්ථ හෝ පද්ධති අතරට ප්‍රෝටීන ෙසෙල, පටක, අවයව හෝ සම්පූර්ණ ජීවීන් ද අයත් වේ. අර්ථ දැක්වීම් ක‍්‍රයෝ ජීව විද්‍යාව හෛම ජීව විද්‍යාව අඩු උෂ්නත්ව වල ජීවී ස්වභාවය පිළබඳ අධ්‍යනය. ශීත ජනක විද්‍යාව - ක‍්‍රයෝජෙනික්ස් ඉතා අඩු උෂ්නත්ව වලදී සිදුකල හැකි නිෂ්පාදන හා භාවිතා පිළිබඳ වූ ඉංජිනේරු හා භෞතික විද්‍යා ශාකාව. බොහෝ විට එක සමාන ලෙස වටහා ගත්තද මෙය හා ක‍්‍රයෝනික්ස් අතර සම්බන්ධයක් නැත. ක‍්‍රයෝනික්ස් දරුණු තත්වයේ සිටින මිනිසුන් හෝ සතුන් අනාගතයේ දී ප‍්‍රත්‍යානයනය සඳහා අඩු උෂ්නත්ව වල සංරක්ෂණය කිරීම මෙසේ හැඳින්වේ. මෙය ක‍්‍රයෝ ජීව විද්‍යාවේ ප‍්‍රධාන අංගයක් බවට පත්වී නැත. මෙය අතිශයින් කාල්පනික අනාගත තාක්ෂණයක් මත රැඳී පවතීම මෙයට හේතුවයි.

ක‍්‍රයෝ ජීව විද්‍යාවේ ප‍්‍රධාන අධ්‍යයනාංග

ක‍්‍රයෝ ජීව විද්‍යාවේ ප‍්‍රධාන අධ්‍යයනාංග අවම වශයෙන් 6 හඳුනා ගත හැක.

1. ක්ෂුද්‍ර ජීවීන් ශාක අපෘෂ්ටවංශීන් හා සතුන් ගේ ශීත අනුවර්තන හා ශිශිර තරණය පිළිබඳ අධ්‍යයනය.

2. සතුන්ගේ හා මිනිසුන් ගේ පටක ජන්මානු සහ කළල වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතා සඳහා හෛම සංරක්ෂණයට (ශීත සංරක්ෂණයට) ලක්කර කල්තබා ගැනීම. මේ සඳහා අධිශීතකරණයේ දී හා අයිස් දිය වීමේදී සෛල ආරක්ෂා කිරීම ට රසායනික ද්‍රව්‍ය යෙදීම අවශ්‍ය වේ.

3. අවයව බද්ධය සඳහා අවයව අඩු උෂ්නත්ව යටතේ පරිරක්ෂණය කිරීම.

4. ඖෂධ ශීත වියළීම.

5. හෛම සැත්කම් ක‍්‍රයෝ සැත්කම් රෝගී පටක අධිශීත වායු හෝ ද්‍රව ආශ‍්‍රයෙන් විනාශ කරන ආක‍්‍රමණශීලී පිවිසුමකි.

6. සුපිරි ශීතකරණ භෞතික විද්‍යාව ශීතකරණයේ දී හා උනුසුම් වීමේ දී සිදුවන තාප හුවමාරු වීමේ යාන්ත‍්‍රික ඉංජිනේරු ක‍්‍රියාවලිය.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Cryobiology