1904 ජනවාරි මස 04 වනදා හෙන්රි අබේවික්‍රම උපන්නේ බද්දෙගම ගොඩෙ වත්තේ දොන් තෙපානිස් අල්විස් අබෙිවිකුම හා ක්ලේරා විජේවිකුම අලහකෝන් යුවලට දාවය. බද්දෙගම කොටගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් ඉගෙනුම ඇරඔු හෙන්රි පසුව ගාල්ලේ රිචමන්ඩි විද්‍යාලයෙන්ද පසුව ගාල්ලේ ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හැදැරිය. 8 වන පංතියෙන් සිය අධ්‍යාපනය අවසන් කල හෙන්රි සිය පියා සතු ගොඩෙ වත්ත වතු යායේත් තේ තර්මාන්ත ශාලාවේත් කටයුතුවල නිරත විය. හෙන්රිට සහෝදර සහෝදරියන් 13 දෙනෙතු විය. වැඩිමහල් සොහොයුරිය වු ජේන් නෙලී (ලේල්වල හාමිනේ) මුදලිදු අන්දුයස් විකුමසේකර හා විවාහ විය. වැඩිමහල් සොහොයුරු ඇන්ඩෲ ( ඉංජිනේරු මහත්තයා) ලිස්බත් කොහොඔන් ජයසේකර හා විවාහ විය.තවත් ‍වැඩිමල් සො‍ෙහායුරියක් වු (පැණි හාමිනේ/හල්ලල හාමිනේ) වැලිගම හල්ලල ඉඩිප්පිලි/විතුමසිංහ/ගුණසේකර හා විවාහ විය.තවත් වැඩි මහල් සොහොයුරෙකුවු සයිමන් (උඩුගම රාජ්‍ය සභා මන්ත්‍රි /බද්දේගම පුථම පාර්ලිමෙන්තු මන්ත්‍රි හා ඩි.එස්.සේනානායක රජයේ ගමනා ගමන උප ඇමති) ඩේසි කේලමිබිආරචිචි සමග විවාහ විය. බාල හොහොයුරී මේරී ( වයස අවුරුදු 13 දි ) අකාලයේ රෝගීව මිය ගියාය. බාල හොහොයුරු ආතර් අබේවික්‍රම හදිසියේ මිය ගියේය. බාල සොහොයුරු එලන් ( සුදු හාමිනේ ) කොත්මලේ වටඅද්දර ආර්.ඒ.ඩි.ද ලැනරෝල් සමග විවාහ වුවාය.බාල සොහොයුරි ග්‍රේස් ( ඩොලී හාමිනේ )ටියුසන් වීරසිංහ සමග විවාහ විය.බාල හොහොයුරු ඩේසි අගුරුවාතොට හෙන්රි ජයවර්ධන සමග විවාහ වුවාය. බාල සොහොයුරි රෝසි(සොමි හාමිනේ) සේන විරසිංහ හා විවාහ වුවාය.බාල සොහොයුරු වින්සන්ටි ( මහතුන් මහත්තය )(බද්දෙගම ශ්‍රි.ල.නි.ප.සංවිධායක හා බද්දෙගම ගම් සභාපති ) හදිසියේ මිය ගියේය. බාල සොහොයුරි බියටිරිස් (බිටි හාමිනේ) අහංගම පාතෙගම ආරියසේන මහතා සමග විවාහ වුවාය. බාල සොහොයුරි සීතා පිළියන්දල ධර්මදාස වටරැක හා විවාහ විය. හෙන්රි ඉංග්‍රීසි අධිරාජ්‍යවාදි යුගයේ සිය සොහොයුරු සයිමන් සමග මෙරටට නිදහස ලබා ගැනිම සදහා වු ලංකා ජාතීන්ගේ සංගමයට බැදී දේශපාලනයට එක්විය.1926 වසරේ (ඉදිරියට තව කොටසක් එක් කිරිමට ඇත)

"https://si.wikipedia.org/w/index.php?title=හෙන්රි_අබෙවිකුම&oldid=475747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි