හෙද සේවයෙහි ඉතිහාසය

හෙදිය

හෙද සේවය පිළිබදව වූ අර්ථ දැක්වීම සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් කාලයෙන් කාලයට කැපීපෙනෙන ලෙස වෙනස් වුවද සියළුම සංස්කෘතීන් තුළ හෙද සේවය පැවත ඇත. අතීතයේදී හෙද සේවය පිළිබදව ඉංග්‍රිසී භාෂාවෙන් කරන ලද විග්‍රහ කිරීමකට අනුව කුඩා දරුවකු හට මව්කිරි දීම සහ රැක බලාගැනීම සදහා යොදවන ලද කාන්තාවක් හෙදියක් ලෙසට හැදින්වුණි. මුලින් සදහන් කරන ලද කාර්ය ඉටු කරන හෙදිය කිරි මව ලෙසද පසුව සදහන් කරන ලද කෘත්‍ය ඉටුකරන හෙදිය අංකපාලි ලෙසද හැදින්වුණි. 15 වන ශතවර්සයේදී කාන්තාවක් හෝ වෙනත් පුද්ගලයෙකු මගින් වෙනත් අයෙකු රැක බලා ගැනීම හෝ උපදෙස් දීම පිළිබදව අදහසක් ගොඩ නැංවුණි. මේ සංකල්පය මත පදනම්ව හෙද සේවය වර්ධනය වූ අතර රැක බලාගැනීම යන අදහස වඩාත් පුළුල් ලෙස නූතන හෙද සේවයෙහි ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කරගැනීම සදහා යොදා ගැනේ.

නූතන හෙද සේවය සොයා ගැනීමට ප්‍රථම මෙහෙණිවරුන් සහ හමුදා සේවකයින් විසින් සේවාවක් ලෙස හෙද සේවය සපයන ලදී. නූතන හෙද සේවයෙහි පුරාතන ආගමික සහ යුධමය සාක්ෂි අද වුවද බොහෝ රටවල දක්නට ඇත. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයෙහි ජේෂ්ඨ හෙදියන් සිස්ටර් හෙවත් කන්‍යා සොහොයුරිය යන තේරුම ඇතිව භාවිතා කරයි.

හෙද සේවයෙහි ඉතිහාසයේ කැපීපෙනෙන වර්ධනයක් ඇති වූයේ යුධසමයෙහි සොල්දාදුවන්ට සත්කාර කිරීම සදහා ක්‍රියාකාරී වූ ‍ෆ්ලෝරන්ස් නයිටින්ගේල්ගෙන් පසුවය. ඇය හෙදියකගේ සටහන් නම් කෘතියෙහි ඇති කරන ලද මූලධර්මයන් අනුව යමින් වෘත්තීමය හෙද සේවාවක් සදහා මුල්ගල් තබන ලදී. යුධ සමයේදී ක්‍රියාකාරී හෙදික් වූ මේරි සිකෝල් , ඇමරිකාවේ සහ ජපානයෙහි හෙද විද්‍යාල ස්ථාපිත කරන ලද ඇග්නස් එලිසබත් ජෝන්ස් හා 1873 දී උපාධි ලැබූ ඇමරිකාවේ මුල්ම පුහුණු හෙදිය වූ ලින්ඩා රිචඩ්, මෙම වෘත්තියෙහි වර්ධනය සදහා කැපීපෙනෙන මෙහෙයක් ඉටු කළ අනෙකුත් හෙදියන්ය.

නවසීලන්තය 1901 සැත්තැම්බර් 12 වැනිදා ස්ථාපිත කරන ලද හෙදියන් ලියාපදිංචි කිරීමේ පනත මගින් ජාතික වශයෙන් හෙදියන් පාලනය කළ මුල්ම රට වේ. එලන් ඩොරකි මෙලෙස ලියාපදිංචි වූ මුල්ම හෙදියයි. උතුරු කැරෝලිනාව ඇමරිකා එක්සත් ජනපදයේ 1903 දී හෙද ලියාපදිංචි බලපත්‍ර නීතිය ස්ථාපිත කරන ලද මුල්ම ප්‍රාන්තයයි.

හෙදියන් වෛද්‍ය ක්ෂේත්‍රයෙහි ධූරාවලියන් සමග විවිධ ගැටළු සහගත තත්වයන්වලට මුහුණ පා ඇත්තේ ඔවුන්ගේ මූලික කෘත්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස්වලට අනුව ක්‍රියා කාරීවීමයි යන වැරදි ආකල්පය හේතුවෙනි.මෙවන් සදහන් කිරීමක් නයිටින් ගේල්ගේ ප්‍රකාශනයන්හි සදහන් නොවන අතර වෛද්‍යවරුන් පිළිබදව රචිතව ඇත්තේ සාපේක්ෂ වශයෙන් ඉතාම කුඩා අවස්ථාවන් කීපයක පමණි.

නූතන යුගවලදී හෙද සේවයන්ගේ දැනුම සහ උපාධීන් සංවර්ධනය කිරීම සදහා යෝජිතව ඇති අතර ඔවුන්ගේ වෘත්තීය දැනුම පුළුල් කර ගැනීම සදහා විවිධ සගරාවල ලිපි අන්තර්ගත වේ. හෙද වෘත්තිකයන් සෞඛ්‍ය සේවය තුළ කළමණාකාරිත්වයෙහි ප්‍රධාන මෙහෙයක් ඉටුකරන අතර ඔවුන් විශ්ව විද්‍යාලවල සමීක්ෂණ තනතුරු ද දරති.

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හෙද_සේවයෙහි_ඉතිහාසය&oldid=622947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි