හෘද ස්පන්දන මොනිටරය

හෘද ස්පන්දන මොනිටරය යනු හෘද ස්පන්දන වේගය නිවැරදිව එම අවස්ථාවේදීම බලාගත හැකි උපකරණයකි. මෙහි කොටස් දෙකකි. එනම් පටියක් සහිත පපුවට සවි කරන ‍ට්‍රාන්ස් මීටරය හා ඔරලෝසුවක් වැනි මැණික් කටුවට සම්බන්ධ කරන සංග්‍රාහකයයි. පටි රහිත හෘද ස්පන්දන මොනිටරයක් ඇතත් එහි ක්‍රියාකාරිත්වය මුල් නිෂ්පාදන තරම් ඉහළ නොවේ. වඩාත් දියුණු කරන ලද උපාංගවල මීට අමතරව අදාල පුද්ගලයන් නිරෝගීභාවය මැන බලමින් හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් ද ගණනය කරනු ලැබේ.

පපුවට බැද තබා ගන්නා පටියක් හා ඔරලෝසුවකින් යුක්ත වූ හෘද ස්පන්දන මොනිටරයක ඡායාරූපයක්
පටි රහිත MF – 180 වර්ගයේ හෘද ස්පන්දන මොනිටරයක ඡායාරූපයක්

හෘදය වස්තුවේ විද්‍යුත් වෝල්ටීයතාවයෙහි වෙනස්වීම් නිරීක්ෂණය කිරීම සදහා සම සමග සම්බන්ධවන ඉලෙක්ට්‍රෝඩ පපුවට සම්බන්ධ කරන කොටසෙහි ඇත. (වැඩි විස්තර සදහා විද්‍යුත් ඛන්තුක රේඛනය බලන්න) හෘද ස්පන්දනය අනාවරණය කර ගත් කල්හි සන්නිවේදනය වන රේඩියෝ සංඥා සංග්‍රාහකය මගින් හදුනාගෙන හෘද ස්පන්දන වේගය ලබා දේ. මෙම සංඥා සරල රේඩියෝ සංඥා හෝ පපුවට සම්බන්ධ කොටසෙන් ලැබෙන කේත සංඥා ක්‍රමයක් විය හැකිය. පසුව සදහන් කරන ලද සංඥා ක්‍රමය මගින් එක් පුද්ගලයකුගේ සංග්‍රාහකයක් මගින් අවට සිටින පුද්ගලයින්ගේ ට්‍ර‍ාන්ස්මීටර් මගින් නිකුත් කරන සංඥා අනාවරණ වීම වළකයි.

වැඩි දියුණු කරන ලද විවිධාකාර වූ ‍සංග්‍රාහක වර්ග ඇත. මෙමගින් ව්‍යායාම් කරන අවස්ථාවන්හිදී හෘද ස්පන්දන වේගය , කාල සීමාව හා දහනය කරන ලද කැලරි ප්‍රමාණයන් ලබාදෙන අතර ඒවා පරිඝනකගත කළ හැකිය.

1977 දී විද්‍යුත් සමාගමක් මගින් නිකුත් කරන ලද වෙබ් පිටුවක සදහන් වන්නේ ඔවුන් විසින් ප්‍රථම ඉතා නිරවද්‍ය රැහැන් රහිත විද්‍යුත් ඛන්තුක හෘද ස්පන්දන වේග මොනිටරයක් පින්ලන්ත ජාතික හිම මත ලිස්සායාමේ කණ්ඩායම සදහා පුහුණු වීමේදී උපකාරකයක් ලෙසට නිකුත් කර ඇති බවයි.

වසර 2005 දෙසැම්බර් මාසයේ දී හෘද ස්පන්දන වේග සංවේදනය කරන ක්‍රීඩාවල දී භාවිතාවන බ්‍රෙසියරයක් ඇගළුම් කර්මාන්ත ශාලාවක් මගින් නිෂ්පාදනය කර ඇත. මෙහි අන්තර්ගත විශේෂ උපකරණයක් හා සංඝටකයක් මගින් හෘද ස්පන්දන වේගය සංවේදනය කොට මැණික් කටුවේ ඇති සංග්‍රාහකය වෙතට සංඥා පරිවහනය කරයි. පපු පෙදෙසට භාවිතා කරන පටි සහිත උපකරණය වෙනුවට මෙම තනපටය මගින් පහසුවක් ලබා දේ.

නුතනවේදී මෙම සංකල්පයම යොදා ගනිමින් ලෝක ප්‍රසිද්ධ ඔලිම්පියක් රන් පදක්කම් ලාභීනි මෙලනි වැලේරියෝ ඇතුළුව තවත් බොහෝ දෙනා හෘද ස්පන්දන වේග පාලනය පිළිබද පුරුදු පුහුණු කරති.

"https://si.wikipedia.org/w/index.php?title=හෘද_ස්පන්දන_මොනිටරය&oldid=375610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි