හින්දු පූජා අවස්ථාවල දක්නට ලැබෙන සංකේත විධි
ද්‍රව්‍යමය වස්තූන් හෝ චිත්‍ර වැනි සළකුණු කිරිම් මෙම සංකේත විධිවල ප්‍රධාන තැනක් ගනී. හින්දු ආගමික පුජා පැවැත්වෙන අවස්ථාවල මෙම සංකේත භාවිතය විශේෂයෙන් දැක ගැනීමට ලැබේ.
තිලකය
සංස්කරණයඅධ්යාත්මික භක්තිය ඇගවීම පිණිස විශේෂයෙන් නළල මත හෝ ශරීරයේ වෙනත් ස්ථානයක අදිනු ලබන සළකුණු විශේසයෙන් වේ. සමහර හින්දු න් මෙම සලකුණු දිනපතා පලදින අතර සමහරැන් ඒවා ආගමික උත්සවට අවස්ථාවලයි පමණක් යොදා ගනි. මෙම සළකුණුවල විවිධ හැඩියන්ගෙන් එක් එක් පුද්ගයා ඔවුන් වඩාත් භක්තිමත් භාවය දක්වන දෙවියන් කවුදැයි හදුනාගැනිමට පුළුවනි. ඉංග්‍රිසි U අක්ෂරයේ හැඩයට අදින ලබන ඉරි තුනකින් ශිව දෙවියන් කෙරෙහි ඇති භක්තිය ප්‍රදර්ශණය වේ. මෙම සළකුණු ඇදිම සදහා කුංකුම, රත්කුඩු කහ සහ සමහර විට මැටි හෝ සාමාන්‍ය අළුද යොදා ගනු ලැබේ.
විවාහය යන මංගල අවස්තාවක නිරැපනය සදහා විවාහක හින්දු ස්ත්‍රින් බින්දු හෝ බින්දි නමින් හදුන්වනු ලබන රතුපාට කුඩුවලින් සලකා ගත් තිලකයකයන්ගෙන් සැරසෙයි. මෙය බොහෝ විට බටහිර රටවල කාන්තාවන් විවාහක මුදු පැළදිමට සමාන වන්නක් වේ. දකුණු ඉන්දියාවේ දී මෙම බින්දු නම් තිලකය පොට්ටු නමින් හැදින්වේ. මෙම තිලකය සලකුණුවල හැඩය, ප්‍රමාණය,සහ ස්ථානය ප්‍රදේශය වශයෙන් වෙනස්වනබව පෙනේ. උතුරැ ඉන්දියාවේ මිනිසුන් නලලේ ඉහල කොටස්‍දෙ, දකුණු ඉන්දියාවේ මිනිසුන් ඇහි බැමි අතර ද මෙම සලකුණු ඇදගනු ලබයි. නැගෙනහිර ඉන්දියාවේ විශේෂයෙන් බෙංගාලි ප්‍රදේශයේ දුර්ගා දෙවගනගේ බැතිමතුන් විසින් සිය භක්තිය හැගවීම පිණිස ප්‍රමාණයෙන් විශාල බින්දි නොහෙත් තිලක තබා ගනු ලැබේ.
විභූති
සංස්කරණයගින්දර උපයෝගී කරගෙන පවත්වනු ලබන පූජා, අවස්ථාවලදි ලබා ගන්නා අළු විභූති නමින් හැදින්වේ. අළු ගින්නේ ප්‍රථිපලයක් නිසා එය ශුද්ධ වූ දෙයක් ලෙස සළකයි. මෙම අළු ශිව දෙවියන් කෙරෙහි ඇති භක්තිය ප්‍රකාශ කිරිම සදහා නළල මත තිරස් ඉරි තුනක් ඇදිමට යොදා ගනි. සමහර හින්දු මෙම ඉරි තුන් සළකුණ සහ U අකුරේ හැඩය ඇති තිලකය අකම අවස්ථාවේ තබා ගෙන ශිව සහ විශ්ණු දෙවියන්ට එකවර භක්තිමත් භාවය ප්‍රකාශ කරයි. මෙය 'හරි - හරා' (විශ්ණු - ශිව) යනුවෙන් ද හදුන්වනු ලබයි. ශරීරයේ උපත අළු සහ දුවිලි වලින් බවත් එය නැවත අළු දුවිලි බවට පත් වන බවත් මෙම විභූති පැළදිම මගින් නිරෑපණය වේ යයි කියනු ලැබේ. තවද අළු අනිත්‍යතාව ප්‍රකාශ කරන වස්තුවකි. සියළු දේ මායාකාරි ස්වාභාවයක් ගන්නා බවද ප්‍රකාශ වේ.
නලල මත සලකුණු කෙරෙන විභූතිය මගින් ජිවිතයට දුක් වේදනා ගෙනෙනු ලබන ඊශ්යාව ,ක්‍රෝධය, තණ්හාව ආදි දුර්ගුණ විනාශ කරනු ලබන බවටද විශ්වාසයක් පවති.
රැදුක්ෂ
සංස්කරණයරැදුක්ෂා යනු ඒ නමින් හදුන්වනු ලබන වෘක්ෂයේ බීජයක් වේ. හින්දු දේවකතාවලට අනුව මෙම වෘක්ෂයේ ගෙඩි මගින් රැදු නමින් ද හදුන්වනු ලබන විශ්ණු දෙවියන්ගේ කදුළු සංකේතවත් වෙයි. රැදුක්ෂ බීජ - ඇට මාලයක් ලෙද සකස් කර යාඥාවලදී සහ භාවනා කරන අවස්ථාවලදී නවගුණ වැලක් සේද භාවිතා කරනු ලබයි.