හින්දුසමයේ ඉතිහාසය

හින්දුසමයේ ඉතිහාසය ඉන්දුනිම්න ශිෂ්ටාචාරය මෙන් ම ඉන්දු ආර්ය ශිෂ්ටාචාරය දක්වා ද දිවයන බව දක්නට ලැබේ. කෙසේවුව ද සම්භාව්‍ය හින්දුසමයේ උදාව කි‍්‍රස්තුවවර්ෂ 2 වන සිවසේ සිට සිදුවූ ඉන්දීය බුදුසමයේ පරිහානියත් සමග ඇතිවිය. කි‍්‍රස්තු වර්ෂ 2 වන සියවසේ සිට කි‍්‍රස්තු වර්ෂ 6 වන සියවස දක්වා පරිණාමයට පත් සම්භාව්‍ය හින්දු දර්ශනයේ ශාඛා හයක් පවතී. එනම් සාංඛ්‍ය, යෝග, න්‍යාය, වෛශේෂික, මීමාංසා සහ වේදාන්ත යනුවෙනි. මේවායින් අද පවතින්නේ වේදාන්ත දර්ශනය පමණි. එහෙත් ශිවාගම සහ වෛෂ්ණවාගම එම කාලය තුළදී ම වර්ධනය විය. ඉස්ලාමීය පාලකයින් යටතේ හින්දුසමය අද දක්වා ම බලපවත්වන භක්ති ව්‍යාපාරයක් පවට පත්වීම ආරම්භවිය.

යටත් විජිත පාලන සමය තුළ බටහිර චින්තනයේ මෙන් ම එකල පැවැති දේශීය ආගමික චින්තනයේ ද ආභාසයෙන් හින්දුසමය තුළ විවිධ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාර ඇතිවිය. 80්‍ර ක් පමණ වූ හින්දු ජන බහුතරයක් වාසය කළ බි‍්‍රතාන්‍ය ඉන්දියාව 1947 දී ඉන්දීය ජනරජය බවට පත්වීමත් සමග ම ආගමික පදනමක් මත කොටස්වලට වෙන්විය.

20 වන සියවස තුළ ඉන්දීය ජනයා ලොව පුරා විසිර ගිය අතර ඔවුනගෙන් බොහෝ දෙනෙක් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පදිංචිව සිටිති. ඉන්දීය ජනරජය තුළ 1980 කාලයේ පමණ සිට හින්දු ජාතිවාදය බලවත් දේශපාලන බලවේගයක් ලෙස මතුවිය. 1999 සිට 2004 දක්වා වූ කාලයේදී ඉන්දියාව තුළ ආණ්ඩුවක් පිහිටුවීමට පවා භාරතීය ජනතා පක්ෂයට හැකිවීමෙන් මේ බව පැහැදිලි වෙයි.

පූර්වගාමියෝ

සංස්කරණය

හින්දුසමයේ පූර්ව යුගය පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් පමණක් දැනගත හැකි ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් ආගමික සම්ප‍්‍රදායයන් සහ ඉරානීය වෛදික ආගමික යුගය දක්වා දිවයයි. හින්දුසමය ලොව පවත්නා පැරණිතම ආගම ලෙස සැළකේ.

පුරාවිද්‍යාත්මක සොයාගැනීම්

සංස්කරණය

ප‍්‍රාග් වෛදික ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබ`ද කැනීම්වලින් එකල මිනිසාගේ ආගමික චර්යා පිළිබ`ද සාක්ෂි එතරම් හමුවී නොමැත. කෙසේවෙතත් ලැබී තිබෙන සාක්ෂිවලින් යම් යම් ආගමික විශ්වාස එකල පැවැති බවට සාධක හමුවෙයි. නිදසුනක් වශයෙන් සොහොන් බිමක කරන ලද කැණිම්වලින් පෞද්ගලික බඩුබාහිරාදිය ද සමග භූමදානය කරන ලද මළ සිරුරක් හමුවී ඇත. ඒ අනුව මරණින් මතු ජීවිතයක් පිළිබ`ද කිසියම් විශ්වාසයක් ඔවුන් තුළ පැවැති බව පෙනී යයි.

කුඩා ප‍්‍රමාණයේ ප‍්‍රතිමා කිහිපයක් ද සොයාගෙන ඇත. ස්ත‍්‍රීන් තුළ පවත්නා ප‍්‍රජනනය පිළිබ`ද ස්වභාවික ශක්තිය සංකේතාත්මකව පිදීමක් එකළ පැවැති බවට ඒවා සාධක විය හැකිය. මාතෘ දෙව`ගන වන්දනාකිරීම පොදු ඇදහීමකට වඩා නිවෙස්වලට සීමාවූ වන්දනා ක‍්‍රමයක්ව පැවැති බව ද සිතිය හැකිය.


ඉන්දු නිම්නයෙන් සොයාගත් පශුපති යනුවෙන් නම්කළ මුද්‍රාවක්

විසිතුරු අං සහිත පුරුෂ දෙවියෙකුගේ රූපයක් ද දැනට සොයාගෙන ඇත. ඔහු වටා ගවයින් රැුලක් සිටින හෙයින් එය පශුපති (ගවරැුලෙහි ආරක්ෂකයා* යනුවෙන් පැවැසේ. එම රුව විනාශය පිළිබ`ද හින්දු දෙවියා සේ සැළකෙන ශිවට සමාන බවක් දක්නට ලැබේ. වර්තමාන ශිවාගමෙහි ස`දහන් වන ශිව දෙවියන් , පශුපති යන නම ද ඒ හා බැ`දුනු කථාන්තර පමණක් නොව වෛදික දෙවියෙකු වන රුද්‍ර යන නාමය ද හිිමිකරගෙන ඇත. පශුපති භාවනානුගෝගී ඉරියව්වෙන් සිටිනු දක්වනු ලැබේ. වර්තමාන හින්දුසමයේ තාන්ති‍්‍රක නිකායයන් විසින් ශිව, යෝගේෂ්වර වශයෙන් හ`දුන්වනු ලබන අතර හෙතෙම ආත්ම ඥානයේ ප‍්‍රවීණයා ලෙස ද පිළිගැනේ.

බ‍්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන ති‍්‍රමූර්තියට සමාන සේ පෙනී යන මුහුණු තුනකින් සමන්විත පශුපති ප‍්‍රතිමා ද අද දක්නට ලැබේ. එය වනාහි වසර පන්දහසක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව පැවත එන ආගමික සම්ප‍්‍රදායයන්ගේ ආභාසය නූතන හින්දුසමය වෙත ලැබීමේ එක් ප‍්‍රතිඵලයකි.


මධ්‍යකාලීන යුගය

සංස්කරණය

මුස්ලිම් ආක‍්‍රමණය

සංස්කරණය

8 වන සියවසේදී හින්දු පාලකයෝ ස්වකීය ආධිපත්‍යය හින්දුජනයා වෙසෙන භූමිප‍්‍රදේශ හරහා ව්‍යාප්තකිරීම ආරම්භ කළ අතර ඉන්දීය උප මහාද්වීපය තුළ ඉස්ලාම් දහම පැතිරවීම ශතවර්ෂ ගණනාවක් තිස්සේ සිදුවිය. ඉස්ලාම් දහමට හරවාගත් බොහෝ දෙනා ඉන්දීයාවේ දේශීය ආගමිකයින් වන හින්¥හු සහ බෞද්ධයෝ වූහ. ආගමට හරවාගැනීමේ කි‍්‍රයාවලියට උපයෝගී කරගත් සාධක අතර ආක‍්‍රමණිකයින් විසින් තර්ජනය කරනු ලැබීම, දේශපාලන වාසි, හින්¥න් හා බෞද්ධයින් විෂයෙහි ඇතිකළ පීඩාකාරී නීතිමය වාතාවරණ, එකල හින්දු සමාජයේ පැවැති පීඩාකාරී කුල ව්‍යුහය, අන්තර් විවාහ සහ වෙනත් ඉස්ලාමීය දේශවලින් ජනයා ආගමනයවීම යනාදිය වේ. බොහෝ මුස්ලිම් පාලකයෝ හින්දු ආගමික ප‍්‍රතිමා වන්දනාව හෙලා දුටුවෝය. මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජනගත් මුස්ලිම් ජනයා වටිනා භාණ්ඩ තැන්පත්කර තිබූ හින්දු දේවාල කොල්ලකෑහ. තව ද ඉස්ලාම් ආගමට හරවාගත් හින්¥න් පහත් කොට ද සළකනු ලැබීය.

ගෝව පරීක්ෂණ සභාව

සංස්කරණය

ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යයට අයත් ඉන්දියාවේ ගෝව නගරයෙහි 1560 දී පිහිටුවන ලද ගෝව පරීක්ෂණ සභාවෙහි අරමුණ වූයේ මූලික වශයෙන් හින්¥න් කි‍්‍රස්තියානි ආගමට හරවා ගැනීමය. එහිදී ද දහස් ගණනක් ජනයා බොහෝවිට බලයෙන් හෝ වධබන්ධනවලට පත්කිරීම මගින් ආගමට හරවා ගන්නා ලදී. 1545 දී ශාන්ත ප‍්‍රැන්සිස් ක්ෂේවියර් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 1552 දී ඔහුගේ මරණය සිදුවී වසර අටකට පසුව මෙම ආයතනය පිහිටුවනු ලැබීය.


හින්දුසමයේ ස්වර්ණමය යුගය (ගුප්ත අධිරාජ්‍ය යුගය)

සංස්කරණය

ගුප්ත රාජවංශය විසින් උතුරු ඉන්දියාව (වින්ද්‍යා කදුවැටියෙන් උතුරු පෙදෙස) පාලනය කරන ලද්දේ සතරවන සහ හයවන සියවස් අතර කාලයේදී ය. මෞර්ය අධිරාජ්‍යය තරමට ම පුළුල් නොවූව ද ගුප්ත පාලනය ඉන්දීය අර්ධද්වීපය තුළ පමණක් නොව යාබද ආසියානු රටවල ද ගැඹුරු සහ පුළුල් සංස්කෘතික බලපැමක් ඇතිකිරීමට සමත් විය.

රමණීය කලාත්මක ගෘහනිර්මාණ ශිල්පක‍්‍රම මෙන් ම ප‍්‍රතිමාකලාවක් ද අනුගමනය කරමින් විවිධ දෙවිවරුන් උදෙසා දේවාල නිර්මාණය කිරීම එකල ආරම්භ විය. එපමණක් නොව වෛද්‍යවිද්‍යාව, පශු වෛද්‍ය කර්මය, ගණිතය, තාරකාවිද්‍යාව සහ තාරකා භෞතිකවිද්‍යාව වැනි විෂයයන් පිළිබද ග‍්‍රන්ථ ද එකල රචනා විය. ආර්යභට්ඨ සහ වරාහමිහිර වැනි ප්‍රකට ආචාර්යවරුන් වාසය කළේ මෙම යුගයේදී ය. ප‍්‍රබල මධ්‍යම ආණ්ඩුවක් ගුප්ත සමයේ පැවැතිය ද යම් ප‍්‍රමාණයක ප‍්‍රාදේශීය පාලනයකට ද එහිදී අවකාශය ලැබුණි.

ගුප්ත සමාජය සංවිධානය වූයේ හින්දු අදහස් පදනම් කරගනිමිනි. දැඩි කුල ක‍්‍රමයක් ද පන්ති ක‍්‍රමයක් ද එහි විය. ගුප්ත යුගයේදී විද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ බිහි කිරීමට හැකිවූයේ එම යුගයේ පැවැති සාමය සහ සෞභාග්‍යය හේතුකොටගෙන ය.

"https://si.wikipedia.org/w/index.php?title=හින්දුසමයේ_ඉතිහාසය&oldid=165267" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි