වසර පුරා තෙත්ව පවතින කුඹුරු වේ. මෙම කුඹුරු ඉඩම් තෙත්/ වගුරු ස්වරූපයක් ගන්නා බැවින් 1m හෝ 1.5m අතර ගැඹුරකට එරීයාම දැකිය හැක. තෙත් කලාපයේ බහුලව දක්නට ලැබේ. වී අස්වනු නෙලන කාලයේදී ද, ක්ෂේත්‍රය සකස් කරන කාලයේදී මෙන් වගුරු ස්වභාය පවතී. හෙල්මළු ආශ්‍රිත කුඹුරු ඉඩම් වල පහත ඇති ලියැදි වල වගුරු ස්වභාවය ඉතා හොඳින් දැකිය හැකි අතර, ඉහළින් පිහිටන ලියැදි වල මඳක් වියලි ස්වභායක් පෙන්නුම් කරයි. ඊට හේතු වන්නේ ජලය පහතට ක්‍රමයෙන් ගලා බැසීමයි. මෙම කුඹුරු ඉඩම් සඳහා මී ගවයින් යොදාගෙන සී සෑම සිදුකරයි. වගුරු ස්වභාවය නිසා සාපේක්ෂව වැඩි බරකින් යුත් යන්ත්‍රෝපකරණ යොදා ගැනීමට අපහසු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=හැල්_කුඹුරු&oldid=470396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි