හැල්කට් ඔරු
හැල්කට් ඔරු යනු, 1840 අතරතුර කාලයේදී එල්.ටී.පීටර් හැල්කට් (1820–1885) විසින් නිර්මාණය කරන ලද, ලුහුබර, වාතය පුරවන ලද ඔරු වර්ගයකි. හැල්කට් දිගු කාලීනව සම්බන්ධකම් පැවැත්වූයේ, කැනේඩියානු උත්තරධ්‍රැව වලදී යාත්‍රා කිරීමේ දුෂ්කරතා සහ අසීරු බිම් පෙදෙස්හි ගෙනයාමට හැකි නමුත් සෑහෙන තරම් ශක්තිමත් උපරිම කාලගුණික තත්ත්වයන්හි භාවිත කළ හැකි ඔරු නිර්මාණය සම්බන්ධ ගැටලු පිළිබඳවයි.
හැල්කට්ගේ ප්‍රථම නිර්මාණය රබර් නිශික්ත රෙදි වලින් සාදන ලද ඇකිලිය හැකි සහ වාතය පිරවිය හැකි ඔරුවක් විය. වාතය බැස්සවීමේදී, ඔරුවේ ඔරු කඳ අඳින ලද ආවරණයක් ලෙස පත් වන අතර, හබල්කරු යෂ්ටියක්, සහ කුඩයක් රුවලක් ලෙස භාවිත කෙරිණි. මෙය අනුගත වූයේ ද්විත්ව-මිනිස් යාත්රාකවකටය. එය මල්ලකට යෝග්‍ය වීමට තරම් සෑහෙන කුඩා වන අතර වාතය බැස්සවීමේදී දියවරණ පොරවනයක් ලෙස සේවය කෙරිණි.
කැනේඩියානු ගවේෂකයින්ගෙන් විශාල ලෙස පැසසුම් ලද වුවත්, හැල්කට්ගේ නිර්මාණයන්ට සීමාසහිත වෙළඳපොළක් තිබුණි. ඔහුට රාජකීය නාවික හමුදාවට, ඔවුන් ප්‍රධාන නාවික කටයුත්තක ඕනෑම එලදායී අරමුණක් ඉෂ්ට කරන්නා මෙන් ඒත්තු ගැන්වීමට නොහැකි විය. ඒවායේ වෙළඳාම සඳහා ගන්නා වූ උත්සාහය මසුන් ඇල්ලීමට වෙන් කළ ස්ථානයක තාරාවන් දඩයම් කරන විට අසමත් වන්නා සේ ඔවූහු වාණිජ වශයෙන් අසාර්ථක විය. හැල්කට් ඔරු දෙකක් පම්ණරක්, ඕක්නි ජාතිකයෙකු වූ ජෝන් රීට අයත් සහ අනෙක රඳවාගෙන සිටියේ මැනිටෝබා කෞතුකාගාරයේ හඩ්සන් බේ වෙළඳ සමාගමේ කෞතුක භාණ්ඩ එකතුවෙහි, අදත් නොනැසී පවතින බව දැනගැනීමට ලැබී ඇත.
පීටර් හැල්කට්
සංස්කරණයපීටර් හැල්කට් 1840දී රාජකීය නාවික හමුදාවේ ලුතිනන්වරයෙක් විය. ජෝන් හැල්කට්ගේ පුත්‍රයා විය. ඔහු එංගලන්තයට පැමිණීමට පෙර කැනඩාවේ ජීවත් වූ හඩ්සන් බේ වෙළඳ සමාගමේ අධ්යවක්ෂවරයෙක් විය. පීටර් හැල්කට් කැනේඩියානු උත්තරධ්‍රැව ගවේෂණයට දිගු කාලීන ඇල්මක් තිබුනේය. ජෝන් ෆෑන්ක්ලින්ගේ විනාශදායක කොපර්මයින් ගවේෂණය ඔහු සුවිශේෂ ඇල්මක් තිබුනේය.
ෆෑන්ක්ලින්ගේ වයඹදිග ගමන් මාර්ගයේ ව්හිදුනු විපරම පිළිබඳව, කැනඩාවේ උතුරුදිග වෙරළ තීරයේ තුන් අවුරුදු ගවේෂණය මිනීමැරුම් සහ මිනීමස් කෑම් චෝදනා මධ්‍යයේ ව්‍යාසනයකින් නිම විය. කණ්ඩියමේ 20 දෙනාගෙන් 11 දෙනෙක් ඝාතනය වූහ. ප්‍රවර්තකයෝ පාසි, ඔවුන්ගේම සපත්තු සහ වෘකයන් විසින් අතරමං කළ, කුණු වූ මළකුණු සුන්බුන් ආහාරයට ගැනීමට පරිවර්තනය විය. කණ්ඩායම ඔවුන්ගේ බෝට්ටු කුණාටුවෙන් විනාශ වීමෙන් පසුව කොපර්මයින් ගඟෙහි වැරදි ප්‍රදේශයේ අසරණ විය. ජෝන් රිචඩ්සන් ආරක්ෂාව සඳහා පිහිනීමට තැත් කළේය. තවද, ඔහු තීව්‍ර උණකින් පීඩා ලැබුවේය. කණ්ඩායමේ එක් සමාජිකයෙක් කැන්වස් සහ විලෝ වලින් කුඩා අඟුලක් නිර්මාණය කළේය. ප්‍රවර්තකයෝ අඟුල භාවිතයෙන් වරකට එක් අයෙක් බැඟින් ගඟ තරණයට උපකාර කලහ.
හැල්කට් ආධුනික නිමැවුම්කරුවකු විය. නාවික හමුදාවේ සේවය කරන තුරු ඔහුගේ අමතර කාලයේදී ඔහු ඔරු නිර්මාණය කිරීමේදී ඇතිවන ප්‍රශ්න විසඳීමේ කටයුත්තේ යෙදුණේය. මෙම ඔරු කාන්තාරය හරහා ගමනාගමනය පහසු වන පරිදි කුඩා සහ ලුහුබර විය යුතුය. ඔරුවක් නිර්මාණය කිරීමේදී ඔහුගේ විසඳුම වූයේ ප්‍රයෝජන ලබන්නා ගෙන ඒවි යැයි හැල්කට් විසින් අනුමාන කළ භාණ්ඩ හෝ රෙදි ආදී සියලුම කොටස් ආපසු කැරකිය හැකි විය යුතු බවයි.
ඔරු-ආවරණය
සංස්කරණයහැල්කට් මැකින්ටොස් රෙදි, නිශික්ත සමඟ ඉන්දියානු රබර් ද්‍රාවකයක් ලෙස නැෆ්තා භාවිතයෙන් ජල වාරක ආවරණයක් නිර්මාණය කළේය. ආවරණයේ රේඛණය වායුරෝධක සහ ජලරෝධක වාතය පිරවිය හැකි බීජාකාර යමකින් සමන්විත විය. වායුරෝධක අංශ හතරකට බෙදා වෙන් කර තිබිණ. පසුම්බිය හබල් තලයකින් සහ කුඩා මයිනහමකින් සමන්විත විය. හබලේ මිට ලෙස ආපසු කැරකිය හැකි යෂ්ටියක් ආවරණයේ පිටත පිහිටා ඇති අතර විසල් කුඩයක් රුවල ලෙස භාවිති විය. ආවරණයේ සම්පූර්ණ බර රාත්තල් 71⁄2 (කිලෝග්රෑම්3.4)ක් පමණ විය. එය වාතයෙන් පිරීමට මිනිත්තු තුන හතරක කාලයක් ගත වූ අතර වාතය පිරවීමෙන් අනතුරුව එය මිනිසුන් හයත් අටත් අතර ප්‍රමාණයක බරක් ඉසිලිය හැකි විය.
1844දී හැල්කට් සාර්ථක ලෙස ඔරු ආවරණයේ මූලාකෘතියක් තේම්ස ගඟේ අත්හදා බැලීය. එය කිලෝමීටර 15 (සැතැප්ම 9.3)ක් ජලයේ ප්‍රතිරෝදය නොසලකාහැර හබල් ගැසුවේය. මෙම ජයග්‍රහනයත් සමඟ ඔහු ඔහුගේ නාවික කටයුතු අතරතුර ඔරු ආවරණයේ මූලාකෘතියක් විවිධ මුහුදු තත්වයන් යටතේ අත්හදා බැලීමට යොදාගත්තේය. 1844 දී හැල්කට් බිස්කේ මුහුදු බොක්කෙහි රළු මුහුදේ අයහපත් කාලගුණික තත්වයන් යටතේ ඔරු ආවරණය අත්හදා බැලීමට බලාපොරොත්තු වුවත් කාලගුණය අසාමාන්‍ය ලෙස සන්සුන්ව පැවතින. ඔහුගේ කුඩය සහ හබල බිම හෙලීමට ඔහුට සිදුවිය. පසුව ඔහු මෙය සිහිපත් කළේ "එදින සුළඟ ආචාර සම්පන්නව සහ නිදි වර්ජීත මුහුදු බොක්ක මුළුමනින් උදාසීන විය". බෝට්ටු ආවරණය ගවේෂකයන්ගෙන් ලැබිණි. ජෝන් රිචඩ්සන් (ඔහු 1819–1822 අතරතුර කාලයේ කොපර්මයින් ගවේෂණයදී මිය ගියේය) මෙසේ කීවේය "අපේ පළමු ගවේෂණයේ දී අපි උත්සාහයෙන් වියරු වූවෙහිද, අපේ සම්පූර්ණ කණ්ඩායම ආරක්ෂා සහිතව ගෙනඒම පිළිබඳව කුඩා කුහුලක් මට තිබිණි".
හැල්කට් ඔරු කැනේඩියානු උත්තරධ්‍රැව වලදී
සංස්කරණයඉදිරියෙන් නෙරුමක් ඇති ඔරු ආවරණයේ භාවිතය සාර්ථක විය. ඉන්පසුව හැල්කට් එහි විසල් ඔරුවක් ඇතුළත නැවුමක් සහිතව නිර්මාණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් දෙදෙනෙකුට හබල් දෙකක් සහිතව ගමන් කිරීමට හැකියාව ලැබිණ. අද්මිරාල්ටි අධිකාරිය විසින් හැල්කට්ගේ නිර්මාණය වැඩි දියුණු කිරීමේ අරමුණක් ඇතිව 1948 වසරේ මරයි 8 වන දින අද්මිරාල්ටි අධිකාරියේ ප්‍රථම ලේකම් වන ලෝර්ඩ් හර්බර්ට් විසින් හැල්කට්ගේ නිර්මාණය පිළිබඳව වර්ණනා කරමින් එය මුහුදු ගවේෂණ කටයුතු වලට සහ නාවික කටයුතු වලට උදවු විය හැකි බවට පවසා ලිපියක් යවා ඇත.
නමුත් අද්මිරාල්ටි අධිකාරියට මෙම හැල්කට්ගේ නිර්මාණය නාවික කටයුතු වලට යොදාගත නොහැකි බවට පෙනී ගියේය.කෙසේ වුවද එය මුහුදු ගවේෂණ කටයුතු වලට වඩා සුදුසු යැයි ඔවුන් සිතූහ. ජෝන් ෆෑන්ක්ලින් විසින් අවාසනාවන්ත ලෙස අතුරැදහන් වුන මිනසුනු 129 දෙනෙක් පිළිබඳව සහ නැව් දෙකක් පිළිබඳව ගවේෂණය සිදු කිරීම ඇරඹිණි. කැනඩාවට ගමන් කරීමට සුදුසුම ඔරුව හැල්කට් ඔරුව බවට ෆෑන්ක්ලින්ට වැටහුණි. එබැවින් ඔහු හැල්කට් ඔරු ඔහුගේ ගවේෂණය සඳහා යොදා ගනු ලැබීය.
ඕක්නි ජාතිකයෙකු වන ජෝන් රී කැනේඩියානු එස්කිමෝවරයෙක් ලෙස ප්‍රචලිතය. ඔහු හඩ්සන් බේ වෙළඳ සමාගමේ ශල්‍ය වෛද්‍යවරයෙකි. පසුව ඔහු කැනේඩියානු ආර්ක්ටික් පෙදෙසේ මිනින්දෝරුවෙකු විය. ඔහු යුරෝපිකයන්ගෙන් බෙහෙවින් වෙනස් විය.
ව්‍යාපාරික අසමත්වීම්
සංස්කරණයවිල පරිපූර්ණ වන්නේ මසුන් ඇල්ලීමට නමුත් එය තාරාවන් දඩයම් කිරීමට යොදාගෙන අසාර්ථක වන්නා සේ ගැටලු තිබියදීත් අනුග්‍රහ දැක්වීය. 1851 දී රාජ්‍ය ප්‍රදර්ශනයටේ ඉදිරිපත් කෙරිණි. හැල්කට්ගේ ඔරු නිර්මාණ වාණිජ වශයෙන් සාර්ථක නොවූ අතර විශේෂීකරණය වූ ක්ෂේත්‍රය කැනේඩියානු ගවේශණ වලින් බැහැරව සාමාන්‍ය භාවිතය සඳහා කිසි විටෙක ප්‍රවිෂ්ට නොවිණි. පසුව කපිතාන් ලෙස උසස් වීමක් ලද හැල්කට් වයස අවුරැදු 65දී, 1885 මාර්තු 23 වන දින කාලක්‍රියා කළේය. ඔහුගේ ඔරු නිර්මාණ නිෂ්පාදනය අතරමඟ නැවතිණ. ජෝන් රී ඔහුගේ ඔරුව 1853 ගවේෂණයෙන් කික්වෝල්හි සාමයේ රැජිණට ලබා දුන්නේය. එව අමතකවීමෙන් කික්වෝල්හි දැව ආලින්දයේ පරාලයක් මත දමා ගොස් තිබිණි. අවුරුදු ගණනාවකට පසුව එය හඳුනාගෙන ප්‍රකෘති ස්වභාවයට පත්කෙරිණි. වර්තමානයේ එය ඕක්නි හි ස්ටෝම්නස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිණිස තබා ඇත. අනෙක් ඔරුව මැනිටෝබා කෞතුකාගාරයේ හඩ්සන් බේ වෙළඳ සමාගමේ කෞතුක භාණ්ඩ එකතුවෙහි පවතී.
මූලාශ්‍ර
සංස්කරණයහැල්කට් බෝට්ටුව ඉංග්‍රීසි විකිපීඩියා පිටුව