හමුරාබිගේ නීති සංග්‍රහය

හමුරාබිගේ නීති සංග්‍රහය (ඉංග්‍රීසි:  Code of Hammurabi) යනු, පුරාතන මෙසපොටේමියාවෙහි ක්‍රිපූ 1754 (මධ්‍යම කාලානුක්‍රමය) පමණ ඈතට කාල නිර්ණය කෙරෙන, හොඳින් සංරක්ෂිතව ඇති බැබිලෝනියානු නීති සංග්‍රහයකි. සැලකිය යුතු තරම් දිගැති ලෝකයේ පැරණිතම කියවා තේරුම්ගත් ලියැවිලි අතරින් එය එකකි. සයවන බැබිලෝනියානු රජුවූ හමුරාබි විසින් මෙම නීති සංග්‍රහය ප්‍රඥප්ත කරන ලද අතර, අඩි හතක් සහ අඟල් හයක් උසැති ශිලාමය ලිපි ටැඹක සහ බොහෝ මැටි පුවරු වල එහි අසම්පූර්ණ පිටපත් පවතියි. නීති සංග්‍රහය සමන්විත වන්නේ නීති 282 වෙතින් වන අතර, සමාජ තත්තවය අනුව මෙන්ම වහලෙක්ද නිදහස් මිනිසෙක්ද යන්න අනුව "ඇසකට ඇසක්ය, දතකට දතක්ය" (ලෙක්ස් ටලියෝනිස්)[1] යන්න ශ්‍රේණිගත කොට පරිමාණිත දඬුවම් එහි දක්වා ඇත. [2]

හමුරාබිගේ නීති සංග්‍රහය
"ඇඟිලි තුඩ" නමැති ශීලාස්තම්භයේ පැති පෙනුම .
"ඇඟිලි තුඩ" නමැති ශීලාස්තම්භයේ පැති පෙනුම .
තැනුවේ ~ ක්‍රිපූ 1750
කර්තෘ(වරු) හමුරාබි
අරමුණ නීති සංග්‍රහය

නීති සංග්‍රහයෙහි අඩක් පමණ වෙන් වන්නේ, නිදසුනක් වශයෙන් ගවයන් බැඳි රථ පදවන්නෙකු හෝ ශල්‍යවෛද්‍යවරයෙකු වෙත ගෙවිය යුතු වැටුප් නියම කිරීම වැනි, කොන්ත්‍රාත්තු සම්බන්ධ කරුණු වෙනුවෙනි. අනෙක් විධිවිධාන විසින් ගනුදෙනුවක කොන්දේසි නියම කර දැක්වුනු අතර, නිදසුනක් වශයෙන් කඩා වැටුනු නිවසක් තැනූ තැනැත්තේ වෙත හෝ අනෙකෙකු භාරයේ තැබුනු විට හානියට පත්වූ වත්කමක් හෝ පිළිබඳ බැරකම දක්වා තිබුණි. නීති සංග්‍රහයෙන් තුනෙන් එකක් විසින් ප්‍රවේණිය, දික්කසාදය, පීතෘත්වය, සහ ලිංගික චර්යාව වැනි ගෘහීය සහ පවුල ආශ්‍රිත සම්බන්ධතා පිළිබඳ ගැටළු කෙරෙහි අවධානය යොමු කර තිබුණි. එක් විධිවිධානයක් විසින් පමණක් නිලධාරියෙක් විසින් දැරිය යුතු වගකීම් පනවා තිබුණු බවක් පෙනෙයි; මෙම විධිවිධානය විසින් නියම කර තිබුණේ සාවද්‍ය තීරණයක් දෙනු ලබන විනිශ්චයකාරයෙක් වෙත දඩ පමුණුවා විනිශ්චයාසනයෙන් ස්ථීර ලෙසින් ඉවත් කල යුතු බවයි. [3] විධිවිධාන ස්වල්පයක් විසින් හමුදා සේවාව ආශ්‍රිත ගැටළු පිළිබඳ අවධානය යොමු කර තිබුණි.

නූතන පුරාවිද්‍යාඥයින් විසින් 1901 වසරෙහිදී එය සොයාගන්නා ලද අතර, එහි පළමු මුද්‍රිත පිටපත් පරිවර්තනය 1902 වසරෙහිදී ප්‍රකාශයට පත් කෙරුණේ ජොන්-වෙන්සන්ට් ෂිල් විසිනි. නීති සංග්‍රහයෙහි සම්පූර්ණයෙන්ම පාහේ පරිපූර්ණ මෙම ආදර්ශය, අති විශාල දබරැඟිල්ලක හැඩය ගත් ,[4] 2.25 මී (7.4 අඩි) උසැති බැසෝල්ට් ලිපි ටැඹක කැටයම් කොට තිබුණි. කීලාකාර අක්ෂර භාවිතයෙන් ඇකේඩියානු බසින් නීති සංග්‍රහය ලිපි ටැඹ වෙත කැටයම් කොට තිබුණි. එය දැනට ලූවර් කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති අතර, තථ්‍ය ප්‍රතිමූර්තීන් චිකාගෝ විශ්වවිද්‍යාලයෙහි ඔරියන්ටල් ඉන්ස්ටිට්‍යුට් හීද, කැන්සාස් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය කේන්ද්‍රයෙහි ක්ලෙන්ඩනිං හිස්ට්‍රි ඔෆ් මෙඩිසින් පුස්තකාලය හා කෞතුකාගාරය වෙතද, නෙදර්ලන්තයෙහි රෙපරමාදු සභාවන්හී දේවධර්ම විශ්වවිද්‍යාලයෙහි (ලන්දේසි: තියෝලෝගිස්ක යුනිවර්සිටයිට් කම්පෙන් වෝර් ඩි ගරිෆොර්මියඩ් කර්කේන්) පුස්තකාලයෙහිද, බර්ලිනයෙහි පර්ගමන් කෞතුකාගාරයෙහිද, බෙල්ජියමෙහි ලූහන් විශ්වවිද්‍යාලයෙහි කලා පීඨයෙහිද සහ, ටෙහෙරානයෙහි ඉරානයෙහි ජාතික කෞතුකාගාරයෙහිද තැන්පත් කර ඇත.

ඉතිහාසය සංස්කරණය

මැටි පුවරු මත නීති සංග්‍රහය
බැසෝල්ට් ලිපි ටැඹ මත නීති සංග්‍රහය
ලූවර් හී තැන්පත් කර ඇති නීති සංග්‍රහයෙහි අනුවාද දෙකක්

මධ්‍යම කාලානුක්‍රමය පරිදී, ක්‍රිපූ 1792 සිට 1749 දක්වා පමණ, වසර 42 කට කිට්ටු කාලයක්, හමුරාබි රාජ්‍ය පාලනය කලේය.

ආශ්‍රිත සංස්කරණය

  1. ප්‍රින්ස්, ජේ. ඩයින්ලි (ජූලි 1904). "රිවීව්: ද කෝඩ් ඔෆ් හමුරාබි". දි ඇමරිකන් ජර්නල් ඔෆ් තියෝලජි. චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 8 (3): 601–609. JSTOR 3153895.
  2. ගැබ්‍රියලේ බාට්ස්, ඒබර්හාඩ් කූනිෂ්, (කලා සහ ගෘහ නිර්මාණ ශිල්පය), කූනිමන්, කර්න්, (2005), ISBN 3-8331-1943-8. නීති පදනම්ව තිබුණේ, සමාජ තත්ත්වය මත පදනම්ව "ඇසට ඇසක්ය" යන්න සකස් කොට තැනූ පරිමාණිත දඬුවම් වෙතිනි.
  3. Code of Hammurabi සංරක්ෂණය කළ පිටපත 2007-09-21 at the Wayback Machine at commonlaw.com සංරක්ෂණය කළ පිටපත 2007-09-21 at the Wayback Machine
  4. අයිකෝනොග්‍රැෆික් එවිඩන්ස් ෆො සම් මෙසපොටේමියන් කල්ට් ස්ටැචූස්, ඩෙමිනික කොල්යොන්, ඩී වෙල්ට් ඩර් ගොටර්බිල්ඩර්, සංස්කරණය ග්‍රෝනර්බර්ග්, බ්‍රිගෙටර්; , ෂ්පිකර්මන්, හර්මන්; , සහ වයර්ස්හවුසර්, ෆ්‍රවුකර් විසින්, බර්ලින්, නිව්යෝර්ක් (වොල්ටා ඩි ග්‍රොයිට) 2007 පිටු 57–84